වෙළෙඳපොළේ විකිණීමට ඇති රසායන ද්‍රව්‍ය අඩංගු ක්ලෙන්සර් මෙන් නොව අතුරු අබාධ රහිත මෙම ක්ලෙන්සර් වර්ග ඔබට අවශ්‍ය නම් දිනපතා වුව ද භාවිතා කළ හැක. මෙම ක්ලෙන්සර් ප්‍රතිකාර ඔබගේ සමට හානි නොකරන අතර සම පිරිසිදු කරයි.
ස්වාභාවික ක්ලෙන්සර් භාවිතයෙන් මුහුණ පිරිසිදු කරගෙන ගෙන, අනතුරුව ස්වාභාවික ටෝනර් එකක් භාවිතා කිරීමෙන් ඔබට නීරෝගී සමක් ලබා ගත හැකි වේ.
01. මී කිරි සහ මී පැණි ක්ලෙන්සර්
තරමක ප්‍රමාණයේ මැටි හෝ පෝසිලේන් භාජනයකට මී කිරි තේ හැඳි 2ක් සහ මී පැණි තේ හැන්දක් එක් කර මීකිරි කැටි නොසිටින සේ හොඳින් කලවම් කර මුහුණේ ආලේප කරන්න. මෙය විනාඩි දෙක තුනක් පමණ මුහුණේ තිබෙන්නට හරින්න. ඉන්පසු දෑතේ ඇඟිලි භාවිතයෙන් මුහුණ සම්භාහනය කරන්න. ඉන්පසු පිරිසිදු ජලයෙන් මුහුණ සෝදා ගන්න. ඔබට ඇත්තේ වියළි සමක් නම් මෙම මිශ්‍රණයටම ඔලිව් තෙල් ද එක් කර ගත හැක.
02. මී පැණි සහ බිත්තර ක්ලෙන්සර්
බිත්තර කහ මදයක් ගෙන එයට මී පැණි තේ හැන්දක් එක් කර හොඳින් කළවම් කරන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි දෙක තුනක් පමණ ඇඟිලි වලින් මුහුණ සම්බාහනය කරන්න. ඉන් පසු මඳ රස්නය සහිත ජලයෙන් හොඳින් සෝදා හරින්න.
03. ෆ්‍රෙෂ් ක්‍රීම් සහ ඇපල් ක්ලෙන්සර්
ඇපල් ගෙඩියක් ගෙන පොතු හැර හොඳින් තම්බා ගන්න. ඉන්පසු තම්බා ගත් ඇපල් ගෙඩිය හොඳින් පොඩි කර ගන්න. මෙයට ෆ්‍රෙෂ් ක්‍රීම් තේ හැන්දක්, ඔලිව් තෙල් තේ හැන්දක්, දෙහි හෝ දොඩම් යුෂ තේ හැන්දක් ගෙන හොඳින් කළවම් කරන්න. මෙම මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 5 ක් පමණ තබා හොඳින් සම්බාහනය කර සෝදා හරින්න.
කුරුලෑ සහිත තෙල් සහිත සමක් පිරිසිදු කිරීම
තෙල් සහිත සම කුරුලෑ ඇතිවීමට හේතුවකි. තවද, තෙල් සහිත සම සාමාන්‍ය සහ වියළි සමකට වඩා කුණු සහ දූවිලි ආකර්ෂණය කරගනු ලබනවා. මෙය කුරුලෑ මෙන් ම බ්ලැක් සහ වයිට් හෙඩ්ස් ඇති වීමට හේතුවක්. ඔබ වෙළෙඳපොළේ ඇති මිල අධික ක්ලෙන්සර් වර්ග පාවිච්චි කළ ද තවමත් ඔබට විසඳුමක් ලැබී නැත්නම් මේ ස්වාභාවික, අඩු මිලකින් නිවසේ දී ම සාදාගත හැකි ක්ලෙන්සර් වර්ග භාවිතා කර බලන්න. ඔබටත් කෙටි කලකින් පැහැදිලි වෙනසක් දැක ගැනීමට හැකි වෙයි.
04. යෝගට් ස්ට්‍රෝබෙරි ක්ලෙන්සර්
ඉදුණු ස්ට්‍රෝබෙරි ගෙඩියක් සහ යෝගට් තේ හැඳි 2ක් ගෙන බ්ලෙන්ඩරයකට දමා හොඳින් අඹරා ගන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කර හොඳින් මසාජ් කරන්න. විනාඩි 5 ක් පමණ තිබෙන්නට හැර මඳ රස්නය ඇති වතුරෙන් සෝදා හරින්න. මෙමඟින් මුහුණේ ඇති තෙල් සහ සීබම් ඉවත් වන අතර ස්ට්‍රෝබෙරි වල ඇති විටමින් සී සහ අනෙකුත් සංඝටක මඟින් මුහුණට පෝෂණය ලබා දේ. යෝගට් මෙන්ම ස්ට්‍රෝබෙරිද සම වයසට යාම පාලනය කිරීමට උදව් වේ.
05. කිරි සහ මීපැණි ක්ලෙන්සර්
මීපැණි තේ හැන්දකට කිරි තේ හැඳි 2ක් එක් කොට හොඳින් කළවම් කරන්න. මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේපකොට විනාඩි 2ක් පමණ සම්බාහනය කරන්න. ඉන් පසු මඳ රස්නය සහිත වතුරෙන් සෝදා හරින්න. මෙමගින් මුහුණේ කුණු දූවිලි සහ තෙල් ඉවත් වනවා පමණක් නො ව, ඔබගේ මුහුණට දීප්තියක් ද කරයි. මෙය සංවේදී සමක් පිරිසිදු කිරීමට කිරි සහ මීපැණි ක්ලෙන්සර් දිනපතා වුවද භාවිත කළ හැක.
06. අන්නාසි ක්ලෙන්සර්
අන්නාසි යුෂ තේ හැඳි 2 කට දෙහි තේ හැන්දක් එක්කොට මිශ්‍රණය ඝන කිරීම සඳහා එයට බේකින් සෝඩා තේ හැඳි භාගයක් ද එක් කරන්න. මෙම පේස්ට් එක මුහුණේ ගල්වා මෘදු ලෙස මසාජ් කරන්න. ඉන් පසු ඇල් වතුරෙන් හොඳින් සෝදා හරින්න.
මිශ්‍ර සමක් සඳහා ක්ලෙන්සර්
07. කඩල පිටි, කහ සහ කිරි ක්ලෙන්සර්
කඩල පිටි තේ හැන්දකට ගලගාගත් කස්තුරි කහ පේස්ට් එක තේ හැන්දි භාගයක් එක් කරන්න. මෙම මිශ්‍රණය මුහුණේ අලේප කිරීමට සුදුසු තරමේ දියාරු තත්ත්වයකට පැමිණෙන තුරු අවශ්‍ය පමණ කිරි එක් කරන්න. මෙය මුහුණේ ගල්වා සම්භාහනය කර විනාඩි 5 ක් පමණ තබා සෝදා හරින්න.
08. තක්කාලි ක්ලෙන්සර්
තක්කාලි යුෂ තේ හැඳි 2 ක් ගෙන එයට කිරි සහ දෙහි යුෂ තේ හැන්ද බැගින් එක්කර හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 5 ක් පමණ මුහුණ සම්බාහනය කර ඇල්වතුරෙන් සෝදා හරින්න.
මෙම ස්වාභාවික ක්ලෙන්සර් වර්ග සමේ රැඳී ඇති කුණු දූවිලි ඉවත් කර මුහුණට පෝෂණයක් ලබා දේ. ඔබ වෙළෙඳ පොළෙන් මිලදී ගෙන භාවිතා කරන ක්ලෙන්සර් වර්ගයෙන් ස්වල්පයක් ගෙන ඉහත ස්වාභාවික ක්ලෙන්සර් වර්ගයකින් තේ හැන්දක් පමණ දමා කලවම් කොට භාවිතා කරන්නත් පුලුවන්.