බොහෝ දෙනෙක් මුහුණ ලස්සන කරගන්න මහන්සි වුණත් දෙපා පිළිබඳව කිසි සැලකිල්ලක් දක්වන්නේ නෑ. කතාවක් තියෙනවා කාන්තාවකගේ දෙපා ලස්සනට පිළිවෙලට තිබෙනවා නම් ඇය ඉතාමත් පිරිසිදු පිළිවෙලකට ඉන්න කාන්තාවක් කියල. ඔබගේ දෙපා සුමුදුව හා ලස්සනට තබාගන්න ඕන නම් මසකට එක වරක් වත් පෙඩිකියෝ එකක් කරගන්න ඕන. විලුඹ පැලී ඇත්නම් හෝ පාද වල සම ගොරෝසු බවකින් යුක්ත නම් මසකට තුන් වතාවක් වත් පෙඩිකියෝ එකක් කරගන්න පුළුවන් නම් හොඳයි. රූපලාවන්‍යාගාරයකට ගොස් පෙඩිකියෝ එකක් කර ගන්නට අපහසු නම්, ගෙදරදීම පෙඩිකියෝ එකක් ලෙහෙසියෙන් කර ගන්න පුලුවන්.
• ඔබේ දෙපා වල නියපොතු වල පරණ කියුටෙක්ස් තාමත් රැඳී තියෙනවනම් නේල් පොලිෂ් රිමුවර් වලින් එය හොඳින් ඉවත් කරගන්න.
• දෙපා වල නියපොතු වැඩිපුර දිගට වැවෙන්නට නොදී කපාගන්න. දෙපා වල නියපොතු වැවී තියෙනකොට එය ඔබේ දෙපා වලට එතරම් ලස්සනක් ගෙන දෙන්නේ නෑ.
• තරමක් ලොකු බේසමකට මද උණුසුම් ජලය දමා එයට ෂැම්පු ටිකක් හා තිබේනම් හයිඩ්රජන් පෙරොක්සයිඩ් ද දමා දිය කරගන්න.
• විනාඩි 10 ක් පමණ ඔබේ දෙපා මෙම බේසමේ දමා සිටින්න. මෙමගින් ඔබගේ පාද වල සම සුමුදු වන අතර මහන්සියද දුරුවී යයි.
• පියුමික් ස්ටෝන් එකක් හෝ බුරුස්වක් භාවිතා කොට යටි පතුල් හා ඇඟිලි අතර රැඳී ඇති කුණු හා මැරුණු සම ඉවත් වන සේ අතුල්ලා සෝදා හරින්න
• ඉන්පසු දෙපාවලට ස්ක්‍රබ් ක්‍රීම් ආලේප කර විනාඩි 3ක් පමණ ස්ක්‍රබ් කර සෝදා හරින්න
• කියුටිකල් ක්‍රීම් ආලේප කර නියපොතු වල ඇති කුණු ඉවත් කරගන්න
• ඉන්පසු ඩෙටෝල් වැනි විසබීජ නාශකයක් දැමූ ජලයෙන් පාද සෝදාහරින්න
• දෙපා පිසදාගෙන දෙපාවල ෆූට් ක්‍රීම් හෝ නරිෂින් ක්‍රීම් වර්ගයක් තවරා හොඳින් සම්භාහනය කරන්න
• අවශ්‍ය නම් නැවතත් නිය ආලේපන ගල්වා නිය හැඩ කරගන්න
දැන් ඔබේ දෙපා දෙස බලන විට ඔබටම ලස්සනක් පේනවා නේද?
සටහන:
මෙමගින් ඔබගේ දෙපා වලට සුන්දර බවක් ලැබෙනවා මෙන්ම ඔබගේ මහන්සිය දුරුවී ඔබේ මනසට මෙන්ම සිරුරටද හොඳ සැහැල්ලුවක්ද ලබා ගත හැකියි
යටි පතුල් වල වියලි බව හා පැලීම් අවම කරගැනීමට රාත්‍රී නින්දට පෙර ඔලිව් තෙල් තවරා සම්භාහනය කර කපු මේස් පැලඳ කර නින්දට යන්න.