මෙම පිටි පැක් එක සාදා ගන්නේ මුළුතැන්ගෙයි තිබෙන විවිධ වර්ගයේ පිටි වර්ග භාවිතයෙනි. මේ සඳහා, කඩල පිටි,හාල් පිටි, පිටිකළ පොල් කිරි, කිරි පිටි සහ කහ කුඩු උපයෝගී කර ගන්න පුලුවන්. මෙම පිටි වර්ග පැකට් වශයෙන් වෙළෙඳපොළෙන් ද මිලදී ගත හැකි යි.
කඩල ශරීරයට මෙන්ම සමටද ඉතා ගුණදායක ධාන්‍ය වර්ගයක්. මුහුණේ අනවශ්‍ය තෙල් ගතිය ඉවත්කර මුහුණ පැහැපත් කර ගැනීමට කඩල පිටි උපකාරී වේ. එමෙන්ම මැරුණු සම ඉවත්කර සමට නැවුම් පෙනුමක් ලබා දෙන අතර වියළි සමට තෙතමනයද ලබා දේ.
හාල් පිටි සමේ තරුණ බව රැක දීමට උපකාරී වේ. සමේ රැඳී ඇති කුණු දූවිලි මෙන්ම මැරුණු සම ඉවත්කොට සමට ප්‍රාණවත් බවක් ලබා දේ. සම රැලි වැටීම, සමේ කැලැල් ආදිය අවම කරන අතර සම පැහැපත් කරයි. හිරු කිරණට පිළිස්සුණු සම පෝෂණය කර සමෙහි අඳුරුබව ඉවත් කිරීමට සහල් පිටි උපකාරී වේ. සමෙහි තෙතමනය ආරක්ෂාකොට කුරුළෑ ඇති වීම පාලනය කරයි.
පිටිකළ පොල්කිරිවල ඇති විටමින් සී සමෙහි ප්‍රත්‍යස්ථතාවය පවත්වා ගෙන යාමට උපකාරී වේ. සම එල්ලා වැටීම සහ රැළි වැටීම පාලනය කරයි. වයසට යාමත් සමඟ සමෙහි ඇති විය හැකි අඳුරු ලප පාලනය කරයි.සමේ තෙතමනය ආරක්ෂා කරන අතර හිරු එළියට පිළිස්සුණු සම යථා තත්ත්වයට පත් කරයි.
කිරි පිටි සම පෝෂණය කර තෙතමනය රඳවා තැබීමට උපකාරී වේ. සම පැහැපත් කිරීමටත් කිරි පිටි යොදා ගත හැක. කිරිපිටි සමේ කොලැජන් වර්ධනයටද උපකාරී වේ. කොලැජන් සමෙහි තරුණ බව පවත්වා ගැනීමට උපකාරී වන සන්ඝටකයකි.
උසස් තත්ත්වයේ කස්තුරි කහ සමේ විශබීජ නසා සම පැහැපත් කරයි. අවශ්‍ය නම් මෙයට පිටි කල ග්‍රීන් ටී ද එක් කර ගැනීමෙන් ඉතා ප්‍රතිපල දායක anti-aging pack එකක් සාදා ගන්න පුලුවන්. වයස 40න් පසු සමෙහි ඇතිවන විපර්යාසන්ගෙන් මුහුණ රැක ගන්නට මෙවන් පෝෂණීය පැක් එකක් ඔබටත් නිවසේදීම සාදාගන්න පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
• කඩල පිටි මේස හැඳි 1ක්
• හාල් පිටි මේස හැඳි 1ක් (රතු හාල් පිටි නම් ඉතා හොඳ ය)
• පිටිකළ පොල් කිරි තේ හැඳි 1ක්
• කිරි පිටි තේ හැඳි 1ක්
• කස්තුරි කහ කුඩු තේ හැඳි ½ක්
• වයින් (වයින් නිවසේ නැත්නම් ජලය භාවිතා කළ හැක.)
සාදා ගන්නා ක්‍රමය :
කඩල පිටි, හාල් පිටි, කිරි පිටි, පිටිකළ පොල්කිරි සහ කස්තුරි කහ කුඩු පිරිසිදු භාජනයකට දමා වියළි හැන්දකින් හොඳින් මිශ්‍ර කරන්න.ඉන් පසු මෙය මුහුණේ අලේප කළ හැකි පමණ දියාරු බවක් ලැබෙන තුරු සුදු වයින් අවශ්‍ය පමණ එක් කරන්න. (වැඩිපුර වයින් එක් කළහොත් දියාරු බව වැඩිවී පැක් එක මුහුණේ නොරැඳී පහළට ගලා යයි.)
මෙම පැක් එක මුහුණේ අලේප කර එය හොඳින් මුහුණට උරා ගන්නා තෙක් විනාඩි 20ක් පමණ සිටින්න. වයින් ස්වල්පයක් දෑතට ගෙන වියැළී ඇති පැක් එක තෙත් කර ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස සම්බාහනය කරන්න. ඉන් පසු මද රස්නය සහිත ජලයෙන් හොඳින් සෝදා හැර පිරිසිදු රෙදි කඩකින් පිසදා ගන්න.
ඉන් පසු ඔබේ මුහුණට ගැලපෙන ටෝනර් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න
මුහුණට නැවුම් බවක් ලැබේ.