මෙම ෆේෂල් එක ඔබේ සමට ක්ෂණික දීප්තියක් සහ සුසිනිදු බවක් ලබා දේ. සම පැහැපත් කිරීමටත් මෙම ෆේෂල් එක භාවිතා කරන්න පුළුවන්.
එමෙන්ම වයින් වල බහුලව anti- oxidants (flevanoids, resveratrol) අඩංගු නිසා සමේ තරුණ බව රැක ගන්නත් වයින් උදව් වෙනවා. වයින්වල මෙන්ම ඩාක් චොක්ලට් වලත් anti-oxidant ගුණය තිබෙනවා. නමුත් අධික තෙල් සහිත සමකට චොක්ලට් නිතර ආලේප කිරීම සුදුසු වන්නේ නෑ.
නමුත් වයින් තෙල් සහිත සමකට උදුසු වන අතර කුරුලෑ සඳහා ප්‍රතිකාරයක් ලෙසද යොදා ගත හැකියි.
වයින් බොන්නද මූණේ ගාන්නද?
වයින් මේ දෙකටම භාවිතා කරන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, කෑම වර්ග හදන්නත් වයින් භාවිතා කරනවා. මුහුණ ලස්සන කර ගන්න වයින් භාවිතා කළත් සමට වයින් වලින් ලැබෙන ගුණ පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්නවා වන්නට පුළුවන්. මුහුණට මෙන්ම මුළු සිරුරටම වයින් වලින් රූප ලාවන්‍ය සත්කාරයක් කිරීම බොහෝ දෙනෙකුට අලුත් අත්දැකීමක් වන්නට පුලුවන්. කෙසේ වෙතත් මෙය අත් හදා බැලූ බොහෝ කාන්තාවන් පවසන්නේ එයින් ඔවුනට ඉතා හොඳ ප්‍රතිපල ලැබී තිබෙන බවයි.
ලෝකයේ බොහෝ රටවල රූපලාවන්‍යාගාර වලින් වයින් ෆේෂල් ප්‍රතිකාරය ලබා ගත හැකි වන අතර, එම ප්‍රතිකාරය ඉතාම මිල අධික වනවා. එසේ මිල අධික වීමට ඔවුන් භාවිතා කරන වයින් වර්ගයද බලපානවා. මිල අධික වයින් වර්ග භාවිතයෙන් සිදු කරන ෆේෂල් වර්ග ඉතාමත් මිල අධිකයි.
කෙසේ වෙතත් ලංකාවේ නම් වයින් ෆේෂල් ප්‍රතිකාරය ලබා දෙන රූපලාවන්‍යාගාරයක් සොයා ගැනීම අපහසුයි වගේම ලංකාවේ මෙය එතරම් ප්‍රචලිත නෑ.
උසස් තත්තවයේ වයින් බෝතලයක් ඔබට සොයා ගන්නට හැකි නම් මෙම ප්රතිකර්මය ඔබට අවම වියදමකින් නිවසේදීම කර ගන්නට පුලුවන්. මෙම ප්රතිකර්මය මාස කිහිපයක් සතියකට දෙවරක් කළ හැකි නම් සමේ ඇතිවන වෙනස්කම් ඔබටම වැටහෙයි.
වයින් ෆේෂල් එකක් ලෙස පමණක් නෙවෙයි, ක්ලෙන්සර්, ස්ක්‍රබ් ලෙසත් සමට භාවිතා කරන්න පුලුවන්. වයින් තේ හැන්දකට මීපැණි සහ දොඩම් යුෂ එක්කොට මිශ්‍ර කර මුහුණේ ආලේප කර සම්භාහනය කර මුහුණ සේදීමෙන් මුහුණේ සම පිරිසිදු වේ. එමෙන්ම, කෝපි කුඩු හෝ හාල් පිටි සමඟ වයින් මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් සාදා මුහුණ සහ මුළු ශරීරයම ස්ක්‍රබ් කර ගත හැකියි.
මුහුණ සම්භාහනයටත් වයින් සහ කෝමාරිකා භාවිතා කරන්න පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
• චොක්ලට්- තරමක ඝන පෙත්තක්
• වයින් -මේස හැඳි 2ක්
සාදාගන්නා ක්‍රමය
ඩබල් බොයිල් ක්‍රමයට චොක්ලට් පෙත්ත දිය කරගන්න. චොක්ලට් භාජනයක දමා රත් කළ හොත් එය කර වී යන නිසා වතුර භාජනයක් උණු වෙන්නට තබා වෙනත් කුඩා භාජනයකට චොක්ලට් දමා වතුර භාජනය තුලට ඇතුල් කරන්න. ලොකු භාජනයේ වතුර උතුරා එන විට එම රස්නය නිසා කුඩා භාජනය තුල ඇති චොක්ලට් දිය වෙන්නට පටන් ගනී. චොක්ලට් භාජනය ඉවතට ගෙන මඳක් නිවෙන්නට හැර වයින් එක් කරන්න.
මෙම ෆේෂල් එක කිරීමට පෙර මුහුණේ සිදුරු විවර කර ගැනීමට මුහුණට හුමාලය ඇල්ලීම කළ හැක. හුමාලය ඇල්ලීමට භාවිතා කරන ජලයට වයින් තේ හැඳි දෙක තුනක් අවශ්‍ය නම් එක් කර ගත හැක.
ඉන් පසු වයින් තේ හැන්දකට මී පැණි තේ හැන්දක් එක් කර සාදා ගත් මිශ්‍රණය මුහුණේ ආලේප කොට සම්භාහනය කරමින් මුහුණ පිරිසිදු කරගන්න. වයින් සහ සහල් පිටි හෝ කෝපි කුඩු මිශ්‍ර කර සාදා ගත් මිශ්‍රණයෙන් මුහුණ ස්ක්‍රබ් කර සෝදා ගන්න.
ඉන්පසු චොක්ලට් සහ වයින් මිශ්‍රණය ඝන වීමට පෙර මුහුණේ සහ ගෙලේ ආලේප කරන්න.
පැය භාගයක් පමණ තබා මඳ රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න.
පිරිසිදු කපු තුවායකින් මුහුණ පිසදා ස්වාභාවික ටෝනරයක් මුහුණේ ගල්වන්න.
ඔබේ සමේ අඳුරු පැහැය මගහැරී දිදුලන බවක් මුහුණට ලැබේ. එමෙන්ම මුහුණේ සම සුමුදු වේ.