ඔබටත් ඇත්තේ වියළි සමක් නම් පහත දැක්වෙන ක්‍රියාකාරකම් වලින් වැළකෙනවා නම් ඔබේ සම ආරක්ෂා කර ගන්නට ඔබට හැකි වෙනවා.
01. මොයිස්චරයිසින් ක්‍රීම් ආලේප කිරීමට කම්මැලි වීම
ඔබට ඇත්තේ සාමාන්‍ය හෝ තෙල් සහිත සමක් නම් නිතරම මොයිස්චරයිසින් ක්‍රීම් ආලේප නොකිරීම එතරම් ගැටළුවක් නොවෙයි. එහෙත් ඔබට තිබෙන්නේ වියළි සමක් නම් මේ කම්මැලිකම අනිවාර්යෙන්ම දුරු කරගන්න සිදු වෙනවා. මොයිස්චරයිසින් ක්‍රීම් ආලේප කිරීම දිනපතා පුරුද්දක් ලෙස කළොත් එය ඔබගේ දින චර්යාවේ කොටසක් බවට පත් වෙන නිසා සමේ තෙතමනය රැක ගැනීමට අමුතුවෙන් වෙහෙසක් දරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඔබ මේක් අප් භාවිතා කරන අයෙක් නම්, මේක් අප් දැමීමට පෙර මොයිස්චරයිසින් ගැල්විම කල යුතුයි. මිට අමතරව පිරිසිදු පොල් තෙල් හෝ ඔලිව් තෙල් ගැල්විමෙනුත් සමේ වියළි බව නැති කරගන්න පුළුවන්. වියළි සමට වැස්ලින් අලේපයත් ඉතා හොඳයි. නමුත් එහි එහි ඇති පෙට්‍රෝලියම් සන්ඝටක දීර්ඝ කාලීනව සමට අහිතකර විය හැකියි.
02. දිනපතා ස්ක්‍රබ් කිරීම
සම අධික ලෙස වියළි නම් මැරුණු සම කොටස් ගැලවී යන්නට පුලුවන්. මේවා ඉවත් කිරීමට දිනපතා ස්ක්‍රබ් කිරීම හොඳ දෙයක් නෙවෙයි. ස්ක්‍රබ් කිරීමෙන් සම තවදුරටත් වියැළෙන්නට පුළුවන්.
03. නිතර උණු වතුරෙන් නෑම
උණු වතුරෙන් නෑම සම තවත් වියළි බවට පත් කරන බව සොයාගෙන තිබෙනවා. ඔබ ජීවත් වන්නේ සීතල ප්‍රදේශයක නම් ඔබ උණු වතුර නෑමට ප්‍රිය තාවයක් දැක්වීම ස්වාභාවිකයි. නමුත් මෙය ඔබේ සමට අහිතකර බව ඔබ දන්නවාද? ඔබට නෑමට සිදුවන වතුර අධික සීතලකින් යුක්ත නම් මඳ රස්නය සහිත ජලයෙන් නෑම එතරම් අහිතකර වන්නේ නෑ.
උණු වතුරෙන් දීර්ඝ වේලාවක් නෑමත් සුදුසු නෑ. එවිට වතුරේ උණුසුම ඔබේ සමට වැඩි බලපෑමක් ඇති කරනවා. ඔබේ මුහුණ උණු වතුරෙන් සේදීමෙන් වැළකී සිටීමත් හොඳයි. මුහුණේ සම වැඩි සංවේදීභාවයකින් යුක්ත නිසා මුහුණේ සමට උණු වතුරෙන් දැඩි හානියක් සිදු වෙන්න පුළුවන්. නෑමට පෙර පිරිසිදු පොල් තෙල් හෝ ඔලිව් තෙල් ආලේප කිරීමෙන් සම වියළීම වළක්වා ගන්නට පුළුවන්.
04. අධික ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩංගු රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීම
ඔබගේ රූපලාවන්‍ය ආලේපන වල ඉතා සුළු ප්‍රතිශතයක් ඇල්කොහොල් අඩංගු වී තිබීම එතරම් අහිතකර වන්නේ නෑ. විශේෂයෙන්ම ඇල්කොහොල් අධික ප්‍රමාණ වලින් යුත් ටෝනර් වර්ග ඔබේ සම තවත් වියළීමට පත් කරයි. එම නිසා රූපලාවන්‍ය ආලේපන මිලදී ගැනීමේදී ඒවායේ අඩංගු ඇල්කොහොල් ප්‍රතිශතය ගැනද සැලකිලිමත් වීම සුදුසුයි.
05. අධික ක්‍රියාශීලි භාවයකින් යුත් ක්ලෙන්සර් වර්ග භාවිතය
අධික සැර සහිත ක්ලෙන්සර් වර්ග ඔබේ සම තවත් වියළි භාවයට පත් කරයි. මේක් අප් සහ සම මත රැඳුණු කුණු දූවිලි ඉවත් කිරීමටත් ක්ලෙන්සර් භාවිතා කිරීම අවශ්‍යයි. නමුත් මේ සඳහා ඉතා මෘදු ක්ලෙන්සර් වර්ගයක් භාවිතා කිරීමයි නුවණට හුරු.
06. ෆේස් මාස්ක් දැමීම
සමේ ගැඹුරටම කා වැදුණු කුණු දූවිලි ඉවත් කිරීමටත් සිදුරු වැසීමටත්, බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීමටත් ෆේස් මාස්ක් භාවිතා කරනු ලබයි. නමුත් මෙම මාස්ක් වර්ග සම වියලි බවට පත් කරනවා. එම නිසා මාස්ක් වර්ගයක් තෝරා ගැනීමේදී සමට තෙතමනය සහ පෝෂණය ලබා දෙන නිෂ්පාදනයක් තෝරා ගැනීමට වග බලා ගන්න.