එඬරු+ ඔලිව් ඉහළ පෝෂණ ගුණයකින් සහ ප්‍රති ඔක්සිකාරක ගුණයකින් යුක්ත තෙල් වර්ග දෙකක්. හිස්හොරි, හිසකෙස් වල වියළි භාවය, හිසකෙස් අග පැලීම සහ හිසකෙස් වල අඳුරු භාවය තුරන් කිරීමේ හැකියාව ද මෙම අපූරු තෙල් වර්ග දෙක සතු වේ. මෙම තෙල් වර්ග වෙන වෙන ම හිසේ අලේප කළ හැකි අතර, එකට මිශ්‍ර කර අලේප කිරීමෙන් ඉහළ ප්‍රතිපල ලබා ගත හැකියි.
එඬරු+ ඔලිව් තෙල් මිශ්‍රණයේ ගුණ
- හිසකෙස් වල වියළි භාවය සහ අවුල් වීමේ ස්වභාවය නැති කරයි. (මසක් ගත වන විට ප්‍රතිපල ලැබේ)
- උකුණන් වඳ කරයි
- හිරු කිරණ වලින් වන හානිය වළකයි
- ඩීප් කන්ඩිෂනර් ලෙස ක්‍රියා කරයි
- නම්‍යශීලී, අලංකාර කෙස් කළඹක් ලබා දේ
භාවිතා කරන අන්දම
හිසකෙස් හොඳින් පීරා අවුල් හැර ගන්න
එඬරු සහ ඔලිව් තෙල් තේ හැඳි 2 බැගින් ගෙන භාජනයකට දමා මඳක් රත් කරගන්න. මඳ රස්නය සහිත තෙල් හිසට හොඳින් උරාගන්නා අතර, එය හිසේ ඇති රුධිරනාලිකා ද උත්තේජනය කර එම ප්‍රදේශයේ රුධිර සංසරණය ඉහළ නංවයි.
පුළුන් කැබැල්ලක් මඳ රස්නය සහිත තෙල් මිශ්‍රණයේ ගිල්වා හිස මත තෙල් ආලේප කර ඇඟිලි තුඩු වලින් හොඳින් සම්බාහනය කරන්න
තුවායක් උණුවතුර බේසමකට දමා මිරිකා රස්නය තිබියදීම හිසේ ඔතා විනාඩි 10ක් පමණ තිබෙන්නට හරින්න. (මෙමගින් තෙල් හොඳින් හිසට අවශෝෂණය වේ)
පැයකින් පමණ හිස සෝදා හරින්න. හිස සේදීමට නිවසේදීම සාදාගත් (විෂ රසායන රහිත) ෂැම්පු වර්ගයක් භාවිත කළ හැකි නම් ඉතා හොඳ ප්‍රතිපල ලබා ගත හැක.
මෙවන් ප්‍රතිකර්මයක් නිවසේ දී ම කරගත හැකිනම් රූපලාවන්‍යාගාරයකට ගොස් “ඔයිල් ට්‍රීට්මන්ට්” කර ගැනීම අවශ්‍ය නො වේ.