බියර් හෝ වෙනත් මද්‍යසාර භාවිතය අප සමාජය එතරම් යහපත් දෙයක් ලෙස සලකන්නේ නැත. බොහෝ විට මද්‍යසාර භාවිතයට හුරු වී ඇත්තේ පිරිමි පාර්ශවය වන අතර කාන්තා පාර්ශවයෙන් ඉතා සුලු ප්‍රතිශතයක් මත් පැන් පානයට හුරු වී ඇත. එනමුත් කාන්තාවන් මත්පැන් පානය කිරීම අප රටේ තවමත් පිළිගත් හෝ යහපත් දෙයක් ලෙස නොසලකන අතර මත්පැන් පානය කරන කාන්තාවක් දෙස බොහෝ විට බලන්නේ ද වැරැදි කෝණයකිනි.
මත්පැන් අතුරින් බියර් සහ වයින් සුළු ප්‍රමාණවලින් ගැනීම ශරීරයට හිතකර බව පර්යේෂණ මඟින් සොයා ගෙන ඇත. එය එසේ වුවද බියර් බීම නම් අප සමාජය තවම අනුමත කරන දෙයක් නොවේ. නියමිත මාත්‍රාවෙන් බියර් පානයට ගැනීම ශරීරයට අගුණ දායක නොවන බව පර්යේෂකයින්ගේ මතයයි. නමුත් ඔවුන් කිසි විටෙකත් අධි මාත්‍රා වලින් බියර් පානයට ගැනීම සාධාරණීකරණය කිරීමවත් බියර් පානයට උනන්දු කිරීමවත් කරන්නේ නැත. ඔවුන්ගේ පර්යේෂණයේ අරමුණ වූයේ මිනිසුන් සිතාගෙන සිටින තරමට බියර් ශරීරයට අහිතකරද යන්න සොයා බැලීම පමණි. කෙසේ වෙතත් එම පර්යේෂණ ඇසුරින් එළැඹුණු නිගමනය නම් ” බියර් යකා හිතන තරම් කළු නෑ” යන්නයි.
නමුත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් නිතරම බියර් බීම රෝගී තත්ත්වය උත්සන්න වීමට හේතුවක් විය හැකියි. එමෙන්ම බියර් සමඟ වෙනත් මත්ද්‍රව්‍ය ගන්නා පුද්ගලයින්ට බියර් වලින් ලැබිය හැකි හිතකර ප්රතිපලද නොලැබී යා හැක. එනිසා සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නට ඔබ ආශා කරන්නේ නම් මත්පැන් සහ දුම්වැටි වලින් වැළකී සිටීම නුවණට හුරුය.
බියර් වල නියම ගුණය ලබා ගැනීමට නම් තත්ත්වයෙන් උසස් බියර් වර්ග පානයට ගත යුතුවේ. එවන් බියර් වර්ග අධික මිල ගණන් වලින් යුක්ත වන අතර සාමාන්‍ය බියර් මෙන් බහුලව වෙළෙඳපොළේ විකිණීමට නැත. සමහර විට අප රටේ මත්පැන්හල් වල අඩු මිල ගණන් යටතේ විකුණනු ලබන බියර් වලින් මෙකී ප්‍රතිපල ලබා ගැනීමට නොහැකි වන්නටද ඉඩ ඇත. ඒ මන්ද යත් ඒවා නියම ප්‍රමිතියට නිෂ්පාදනය නොකරන බැවිනි.
පර්යේෂණ මඟින් සොයාගත් පරිදි බියර්වල ඇති වාසි මෙසේයි:
• බියර් බොන පුද්ගලයින් ආයු කාලය දිගු වේ
පමණ ඉක්මවා නොගෙන අනුමත ප්‍රමාණයට ඉඳ හිට බියර් පානය කිරීම ශරීර සෞඛ්‍යයට හොඳ දෙයක්. නමුත් පමණ ඉක්මවා ගැනීම අනිවාර්යයෙන් ම සෞඛ්‍ය ගැටළු ඇති වීමට හේතු වේ. බියර් වැඩිපුර බීම නිසා පිළිකා තත්වයන් හට ගැනීමටත් හැකි බව සොයා ගෙන ඇත. පර්යේෂණ මගින් සොයාගෙන ඇති ආකාරයට බියර් අධික ලෙස පානය කරන පුද්ගලයින් සහ බියර් කිසි සේත් පානය නොකරන පුද්ගලයින් සමඟ සැසඳීමේදී නියමිත මාත්‍රාවෙන් බියර් පානය කරන පුද්ගලයින්ගේ ආයු කාලය මඳක් වැඩි බවයි.
• කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, වර්ණක හා රසකාරක අඩංගු නොවේ
අද වෙළෙඳ පොළේ විකිණීමට ඇති බෝතල් හා පැකට් කරන ලද බොහෝ පානයන්හි අධික මාත්‍රා වලින් කෘතීම රසායන ද්‍රව්‍ය අන්තර්ගත වේ. කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, කෘතීම වර්ණක සහ රස කාරක එක් කරන ලද පළතුරු, කිරි සහ සෝඩා පානයන්ට මෙන් බියර් වලට අහිතකර විෂ රසායන එක් නොකරන නිසා ඉහත සඳහන් කරන ලද පානයන්ට වඩා බියර් පානය හිතකර වේ. බියර් නිෂ්පාදනය කරනු ලබන්නේ සහල්, බාර්ලි වැනි ධාන්‍ය භාවිතයෙන් නිසා සෞඛ්‍යයට මෙහි ඇති අන්තරා දායක බව අවම ය.
• කොලෙස්ටරෝල් පාලනයට බියර් උපකාරී වේ
බියර් වල කොලෙස්ටරෝල් රහිත වීම නිසා බියර් නිසා කොලෙස්ටරෝල් ඇති වීමේ අවදානමක් ඇති නොවේ. නියමිත ප්‍රමාණයට බියර් පානය කිරීමෙන් ශරීරයේ ඇතිවන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අවම කරන අතර හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවයි.
• බියර් වල විටමින් බී ඇත.
බියර් වල ඇති ෆෝලික් අම්ල හෘදයාබාධ ඇතිවීම වැළැක්වීමට උපකාරී වේ. බියර් වල ඇති තන්තු අපගේ ආහාර මාර්ගය පිරිසිදු කිරීමට උපකාරී වේ. බියර් මගින් ශරීරයේ මැග්නීසියම් සහ පොටසියම් වැනි ක්ෂුද්‍ර පෝෂක මට්ටම ඉහළ නංවයි.
• පිළිකා අවදානම අවම කරයි
බියර් පිළිකා අවදානම අවම කරයි. බියර් නිෂ්පාදනයේ දී භාවිතා කරන xanthohumol පැළෑටිය පිළිකා නසන ගුණයෙන් යුක්ත ය. මෙම ප්‍රති ඔක්සිකාරකය ඇත්තේ බියර් වල පමණි. මෙම පැළෑටියේ ඇති පිළිකා නසන ගුණය නිසා ම මෙම පැළෑටියේ මාත්‍රාව වැඩි කර ජර්මනියේ විශේෂ බියර් වර්ගයක් නිෂ්පාදනය කරනු ලැබේ.
• උදර වේදනාවට ප්‍රතිපල දායක ය
• බියර් වල ඇති කැලරි ප්‍රතිශතය අවම ය
බියර් වල කබෝහයිඩ්රේට් ඉතා අවම මට්ටමක ඇති නිසා කැලරි සහ කොලෙස්ටරෝල් අවම මට්ටමක පවතී.
• වකුගඩුවල ගල් ඇති නොවේ
බියර් බීම නිසා වකුගඩු වල ගල් ඇති වීමේ අවදානම අවම වන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
• අස්ථි ශක්තිමත් කරයි
බියර් වල ඇති සිලිකන් අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වේ. නමුත් විවිධ බියර් වර්ග වල සිලිකන් මාත්‍රාව විවිධ මට්ටම් වලින් පවතී. ස්ට්‍රෝං බියර් වල සිලිකන් මාත්‍රාව ඉහළ මට්ටමක ඇත.
පර්යේෂණාත්මක ලිපියක් ඇසුරිනි.