විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (8) පොළොන්නරුවේ පැවැති පොදු ජන පෙරමුණේ රැළියකදී එහි ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් එතුමාගේ වේදිකාවට ගොඩ විය.
මීට පෙර එතුමා ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරමින් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළ අතර පසුව හැකි නම් තමා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා පෙන්වන ලෙස එහි නායකත්වයට අභියෝග කරන ලදී.
kuveni.lk සමඟ මින් ඉහතදී පැවැත්වූ සාකච්ඡාවකදී සේනානායක මහතා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමාට කෙණෙහිලිකම් කරන බවත් රටට සහ ජනතාවට විනාශකාරී සහ අහිතකර ප්‍රතිපත්ති සහිත අපේක්ෂකයෙකුට තමා සහයෝගය නොදෙන බවත් ය. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සහාය පළ කරනු ඇත.