අද සවස (8) නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් මඟින් ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත අභියෝගයක් කරමින් ප්‍රකාශ කර සිටියේ එතුමන්ගේ මලණුවන් වන ගෝඨාභය රාජපක්ෂ මහතා තමා සමඟ විවාදයකට ඒමට බියක් දක්වන්නේ නම් තමා ඉදිරිපත් කරන ප්‍රශ්න වලට නොවළහා පිළිතුරු සපයන ලෙසයි.
එහි මෙසේ සඳහන් ය:
ඔබේ සහෝදර ජනාධිපති අපේක්ෂක වරයාට විවාදයකට හෝ කිසියම් වැදගත් ප්‍රශ්නයකට පිළිතුරු දීමට ධෛර්යය නොමැති හෙයින් පහත සඳහන් ප්‍රශ්න වලට ඔහු නොදෙන පිළිතුරු ඔබ ජනතාවට ලබා දිය යුතුය.
- පිල්ලෙයාන් සමඟ ඔබේ රහස් ගනුදෙනුව- නත්තල් උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු තම දෙවියන් ඉදිරියෙහි යාඥා කරමින් සිටියදී ඔහුව මැරූ පිල්ලෙයාන්ගේ සහයෝගය වෙනුවෙන් ඔබ ඔහුව නිදහස් කරන බව පොරොන්දු විය.පිල්ලෙයාන් නැගෙනහිර ජනයාගේ ළමයින් පැහැරගෙන ගොස් ඊලාම් වෙනුවෙන් සටන් කිරීමට ඔවුන්ට බල කළා.ඔබ ඔහුව නිදහස් කළ පසු ඔහු නැවත වරක් නැගෙනහිර ජනයා බිය වැද්දීමට ඔහු ඉඩ දෙන්නේද?
- වර්ධරාජා පෙරුමාල් සමඟ ඔබේ රහස් ගනුදෙනුව-ඔබේ සහෝදරයාට පක්ෂපාතී බවට ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල් මහ ඇමති ලෙස නීති විරෝධීව ඊලාම් ප්‍රාන්තයක් ප්‍රකාශයට පත් කර ඊලාම් ධජය ඔසොවා තැබූ අයෙකි. මෙම ඊලාම් වාදියාගේ පක්ෂපාතීත්වය දිනාගැනීමට ඔබ පොරොන්දු වූයේ කුමක්ද?
- කරුණා අම්මාන් සමඟ ඔබේ රහස් ගනුදෙනුව-පොලිස් නිළධාරීන් හයසියයක් මරා දැමූ අපගේ අතිශයින්ම පාරිශුද්ධ දළදා මාලිගාවට බෝම්බ හෙළූ සහ අරන්තලාවේ පදිංචිකරුවන් මරා දැමූ කරුණා අම්මාන් සමඟ ඔබ ඇති කරගත් රහසිගත ගිවිසුම කුමක්ද?
- එම් .එල්. ඒ. එම් හිස්බුල්ලා සමඟ ඔබේ රහස් ගනුදෙනුව-ඔබේ පක්ෂය එම් එල් ඒ එම් හිස්බුල්ලා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධිත ත්‍රස්තවාදියෙකු බව කෑ ගැසූ පසු ඔබේ සහෝදරයාට දෙවන මනාපය ප්‍රකාශ කරන ලෙස ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීම වෙනුවට ඔබ ඔහුට ලබා දුන් රහසිගත පොරොන්දුව කුමක්ද?