ශරීරයේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම බොහෝ කාන්තාවන්ට ගැටලුවක් වන අතර ඔවුන් සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට රේසර් භවිතයට පෙළඹී ඇත.රේසර් මඟින් රෝම ඉවත් කිරීම නිසා සිරුරේ රෝම පෙරට වඩා ඝනට වර්ධනය වීම කාන්තාවන් අත් දැකීමෙන් දන්නා කරුණකි.ලේසර් මඟින් දිගුකාලීනව(පමනන්ට් හෙයා රිමුවල්) රෝම ඉවත් කරගැත හැකි වුවද එය අතුරු ආබාධ සහිත ප්‍රතිකර්මයකි.එමෙන්ම, ලේසර් හෙයා රිමූවල් ප්‍රතිකර්ම ඉතාම මිල අධිකය.සමෙහි ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීමට ඉතාමත් සුදුසුම ක්‍රමය වැක්ස් කිරීමයි.නමුත් අද වෙළෙඳපොළේ විවිධ කෘත්‍රිම වැක්ස් වර්ග විකිණීමට තිබෙන අතර ස්වාභාවික වැක්ස් මෙන් ඒවා සමට හිතකර නොවේ.ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් හෙයා රිමූවල් වැක්ස් නිවසේදීම සාදා ගත හැකි අතර අතුරු ආබාධ රහිතව අනවශ්‍ය රෝම ගැටලුවෙන් මිදීමට ද හැකියාව තිබේ.නිවසේදීම සාදා ගන්න ස්වාභාවික වැක්ස් සඳහා යොදා ගන්නා ස්වාභාවික අමුද්‍රව්‍ය සම පෝෂණය කරන අතර ඉදිරියේදී හට ගන්නා රෝම ප්‍රමාණය මෙන්ම ඒවායේ ඝ්නත්වයද ද එමඟින් අවම කරයි.
කොකෝ සහ මී පැණි වැක්ස් වල අඩංගු මීපැණි සමට තෙතමනය ලබා දී සම වියළීම වළක්වයි .කොකෝවා දුර්වර්ණ වු සම පැහැපත් කිරීමට උපකාරී වන අතර දෙහි යුෂ ස්වාභාවික බ්ලීචින් එකක් ලෙස ක්‍රියා කරයි. කොකෝ සහ මී පැණි වැක්ස්, එක් වරක් භාවිතා කළ පසු මාස එකහමාරක් දෙකක් ගතවන තුරු වැක්ස් කිරීම අවශ්‍ය නොවේ.
අවශ්‍ය ද්‍රව්‍ය-
- රතු සීනි තේ හැඳි 5ක්
- ලෙමන් /දෙහි යුෂ තේ හැඳි 5ක්
- ස්වභාවික මී පැණි තේ හැඳි 2ක්
- වතුර තේ හැඳි 5ක්
- කොකෝ පවුඩර් තේ හැඳි 2ක්
සාදා ගන්නා ක්‍රමය
භාජනයකට සීනි සහ වතුර දමා හොඳින් හැඳිගාමින් පෙන නඟින තුරු උතුරවා ගන්න.මෙම මිශ්‍රණය මඳ ගින්නේ උතුරුවා ගත යුතුය.දියාරු මිශ්‍රණය තරමක් ඝන වන තුරු රත් කර ගත යුතුය.විනාඩි 5-7 ක් පමණ මඳ ගින්නේ රත් කර ගැනීම ප්‍රමාණවත් වේ.ඉන් පසු මෙයට ලෙමන් හෝ දෙහි යුෂ එක් කරන්න.ඉන් පසු මී පැණි සහ කොකෝ පවුඩර් ද එක් කර හොඳින් මිශ්‍ර කරන්න.මෙම මිශ්‍රණය නිවෙන්නට තබන්න.
වැක්ස් එකේ මද රස්නය තිබියදී බටර් නයිෆ් එකක් හෝ ස්පැටියුලාවක් භාවිතා කර ශරීරයේ රෝම පවතින ස්ථාන වල ප්‍රමාණවත් පරිදි වැක්ස් තවරා ගන්න.පිරිසිදු කපු රෙදි කැබැල්ලක් වැක්ස් තැවරූ ස්ථානය මත තබා අතින් තද කරන්න.තත්පර 15 ක් පමණ තබා රෝම වැවෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට රෙදි කැබැල්ල අදින්න.
වැක්ස් තැවරූ ප්‍රදේශයේ ඇති රෝම කූප සියල්ලම රෙදි කැබැල්ලේ ඇලවී තිබෙනු දැක ගත හැකිවේ. එක් වරක් වැක්ස් කළ රෙඩි කැබැල්ලක් නැවත් භාවිතා කිරීමට නුසුදුසු වන අතර, වැක්ස් කරන සෑම විටම අලුත් පිරිසුදු රෙදි කඩක් භාවිතා කළ යුතුය.
රේසරයක් මඟින් රෝම ඉවත් කිරීම මෙන් නොව වැක්ස් මඟින් රෝම ඉවත් කිරීම තරමක් වේදනාකාරී වුවද ශරීරයේ අනවශ්‍ය රෝම සමට හානි නොවී ඉවත්කර ගැනීමට ඉතා සුදුසුම මෙන්ම ලාභදායී ක්‍රමය ද මෙය වේ.
