තිස් හතර හැවිරිදි ෆින්ලන්තයේ සානා මරීන් එරට නව අගමැතිනිය ලෙස දිවුරුම් දීමට නියමිතය. ඇය දැනට සිටින ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරියයි. සෝශල් ඩිමොක්රටික් පක්ෂයෙන් නව අග්‍රාමාත්‍යවරිය ලෙස යෝජනා වීමට ප්‍රථම සානා මරීන් එරට ප්‍රවාහන අමත්‍යධුරය හොබවමින් සිටියාය. මරීන් අග්‍රාමාත්‍යධුරයට පත්වන්නේ ෆින්ලන්තයේ එම ධුරයට පත්වන තුන්වන කාන්තාව ලෙසය.
පසුගිය ඉරිදා ඇය මෙම තනතුරට යෝජනාකොට සම්මතකර ගන්නා ලද්දේ ඇයගේ පක්ෂයේ සාමාජිකයින් විසිනි. ෆින්ලන්තයේ ජාතික ආණ්ඩුව දේශපාලන පක්ෂ 5කින් සමන්විතය. මෙම පක්ෂ පහෙන් හතරකම නායකත්වය දරන්නේ කාන්තාවන් වීම විශේෂත්වයකි. ඒ අනුව ජාතික රජයේ බහුතර වගකීම් දරන්නේ ද කාන්තාවන් ය. මේ අතර සිටින කාන්තාවන්ගෙන් 5 දෙනෙකුම වයස 35 ට අඩු වීමද විශේෂත්වයක් වන අතර, ෆින්ලන්තයේ තරුණ පරපුර දේශපාලනයට දක්වන උනන්දුව මෙයින් පිළිබිඹුවන බව දේශපාලන විචාරකයෝ පවසති.

හිටපු අග්‍රාමාත්‍ය අන්ටි රින්, සෝශල් ඩිමොක්රටික් පක්ෂයේ නායක ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති වුවද, සානා මරීන් නව අග්‍රාමාත්‍ය ලෙස පත්වීමට නම් අනෙකුත් පක්ෂ විසින් තම අමාත්‍යවරුන් හැකි ඉක්මනින් පත්කළ යුතුය. කෙසේ වෙතත් හෙට (10) දින පාර්ලිමේන්තුව විසින් මරීන්ගේ අග්‍රාමාත්‍ය ධුරය සම්මත කර ගැනීමට නියමිතය.
මරීන් දේශපාලනයට පිවිස ඇත්තේ ඉතා ලාබාල වයසකදී ය. ඒ 2012 දී ඇය ප්‍රාදේශීය සභාවට තේරීපත් වීමත් සමඟය. ඇය පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2015 වර්ෂයේදී වන අතර, ඇමති ධුරයක් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයද ඉතාමත් ලාබාල වයසකදී හෙබවීම තරම් ඈ වාසනාවන්ත වූවාය.
සෝශල් ඩිමොක්රටික් පක්ෂයේ නායක මෙන්ම හිටපු අගමැතිවරයා මෙම වසර මුලදී අසනීප වී නිවාඩු ලබාගෙන සිටි කාල සීමාව තුල පක්ෂයේ වගකීම් නොපිරිහෙලා ඉටුකළ මරීන් මහා මැතිවරණයෙන්ද පක්ෂය ජයග්‍රහණය කරවීමට සමත් විය.
මරීන් අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා වීම ලොවපුරා කතාබහට ලක්වුවද, දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරියක පවසා සිටියේ එය එතරම් පුදුමයට කරුණක් නොවන බවයි. “පසුගිය දශක ගණනාවක් පුරාවට ෆින්ලන්ත පාර්ලිමේන්තුවේ බහුතර බලය මෙන්ම නායකත්වයද හිමිවී තිබුණේ කාන්තාවන්ට” මහාචාර්ය ඈන් හෝලි පවසන්නීය.
මරීන්ගේ මව සමලිංගික විවාහයක් සිදුකරගත් කාන්තාවකි. ඇයව කුඩාකල රැක බලාගෙන ඇත්තේ සමලිංගික කාන්තාවන් දෙදෙනෙකු විසිනි. මේ හේතුව නිසා ඈ කුඩාකල තම දෙමව්පියන් පිළිබඳව කිසිවෙකුටත් පැවසීමට මැලිවී ඇත.
වර්ෂ 1983 මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන වලින් සියයට 30ක් ලබා ගැනීමට කාන්තාවන් සමත් වී ඇති අතර, 2007 දී එම සංඛ්‍යාව සියයට 40 දක්වා ඉහළ ගොස් ඇත. වර්තමානය වනවිට එය සියයට 47ක් බවට පත්වී ඇත. “දේශපාලනයේදී කාන්තාවන්ට සම තැන ලැබිලා තියෙනවා. එය 50 ට 50 සමතැනක් වෙන්න තව එච්චර කාලයක් ගතවෙන් එකක් නෑ” මහාචාර්ය හෝලි තවදුරටත් පවසන්නීය.
ෆින්ලන්ත මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම වසරේ පැවැති මහා මැතිවරණයෙන් මරීන් ගේ නායකත්වයෙන් යුත් පක්ෂය ජයග්‍රහණය කළද එය නොසලකාහැරිය හැකි ජයග්‍රහණයකි. එමෙන්ම ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීම සඳහා පවත්වනු ලැබූ මත විමසීමෙන්ද ඇය ජයග්‍රහණය කර ඇත්තේ ඉතා සුළු ඡන්ද ප්රමාණයකිනි.

මරීන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා යෝජනාකොට සම්මත කරගන්නා ලද්දේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟය.
ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේ එරට තැපැල් වැඩ වර්ජනයක් සාර්ථක ලෙස විසඳා ගැනීමට නොහැකි වීම නිසාය. අග්‍රාමාත්‍ය රින් හට පාලක සභාග රජයේ අනෙකුත් පක්ෂවල සහයෝගය හිමි නොවූ අතර, ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටද යෝජනා විය. අවසානයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අග්‍රාමාත්‍ය රින් ගත් තීරණය හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව පිරවීමට සෝශල් ඩිමොක්රටික් පක්ෂයේ නියෝජ්‍ය නායිකා සානා මරීන්ගේ නම යෝජනා විය.
මරින්ගේ පෞද්ගලික ජීවිතය
සානා මරීන් උපත ලබා ඇත්තේ 1985 වර්ෂයේදී ෆින්ලන්තයේ හෙල්සින්කි නම් ප්රදේශයේය. ඇය පාසැල් යන කාලයේදී තම අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට බේකරියක සේවය කර ඇත. ෆින්ලන්තයේ ටෙම්පරේ විශ්ව විද්යාලයයේන් පරිපාලන විද්‍යාව පිළිබඳව උපාධියක්ද හිමිකර ගත් ඇය තම පවුලෙන් විශ්ව විද්‍යාලයට තේරුණ් ප්‍රථම සමාජිකයාද විය.

මරීන්ගේ මව සමලිංගික විවාහයක් සිදුකරගත් කාන්තාවකි. ඇයව කුඩාකල රැක බලාගෙන ඇත්තේ සමලිංගික කාන්තාවන් දෙදෙනෙකු විසිනි. මේ හේතුව නිසා ඈ කුඩාකල තම දෙමව්පියන් පිළිබඳව කිසිවෙකුටත් පැවසීමට මැලිවී ඇත.
මරින් 2016 වර්ෂයේදී මාකස් රයික්කොනන් සමඟ විවාහ වූ අතර, ඇයට අමේලියා නමින් මාස 10 ක දියණියක්ද සිටී.