හඬපටවලින් ශ්‍රී ලාංකීය දේශපාලන, සිනමා, නීති ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පුද්ගලයින් රැසකගේ ලොවට සැඟවූ සැබෑ ප්‍රතිරූපය හෙළි කරමින් රට තුල මහත් ආන්දෝලනයක් ඇති කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක බන්ධනාගාර නිළ රථයෙන් අද (21) දින පාර්ලිමේන්තුවට පැමිණියා. මෙහිදී විශේෂත්වය වූයේ මන්ත්‍රීවරයා සිය කථාව සිදු කරමින් සිටියදී කිසිදු මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු එම කථාවට බාධා නොකිරීමයි. රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිය කථාව ආරම්භයේදී කිසියම් මන්ත්‍රීවරයෙක් බාධා කළ අතර” ඔබ තුමාගේ හඬ පටයකුත් මගේ ළඟ තියෙනවා’ යැයි කීම නිසා එම මන්ත්‍රීවරයා නිහඬ විය. මන්ත්‍රීවරයෙකු කතාවක් සිදු කිරීමේදී, මීයට පිම්බාක්මෙන් පාර්ලිමේන්තු සභා ගැබ දිස් වූයේ, රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කටින් ඔවුන්ගේ දූෂණ වංචා එළි වෙතැයි බියෙනි.
එහිදී මන්ත්‍රීවරයා සිදු කළ සම්පූර්ණ කථාව පහතින්;
“පෙම්වතියන් සමඟ සංවාද කළේ මේ ලෝකේ මා විතරක් නෙමෙයි. ඉතින් මේ සේරම එක වර පොලීසිය ඇවිල්ලා අරන් ගියා. අරගෙන ඒවා අවසරයකින් තොරව, (ඔබතුමාගෙත් සංවාදයක් තියෙනවා.) ඒ නිසා, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මුලින්ම මම මේ පොදුජනතාවට මම මේ කියන්නේ, ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම කියන්නේ අවංකවම සමාව ඉල්ලනවා දූෂණ හෙළිදරවු කිරීමේ සටනෙදි මේ හඬපට ජාතියට හෙලිදරවු කිරීම නිසා පෞද්ගලිකව හානි වුණු සෑම මනුස්සයෙක්ටම. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු ඒ සියලූ දෙනාගෙන්ම මම සමාව ඉල්ලනවා. මා හිතාමතා මේ හෙලිදරවු කළේ නෑ. මේ මගේ ගෙදර ආරක්ෂාවට, වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා, මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටි හාඩ් ඩිස්ක් මිසක් මම කවදාවත් එය හෙළි කරලා කාගෙවත් පවුල් ජීවිත, කාගෙවත් සාමය නැති කරන්න කියලා මම මේක හෙළිදරවු කරේ නෑ. ඒක කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කුඩු ව්‍යාපාරිකයෙක්ගේ කුඩු නාලිකාවක් කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරලා කියනවා ලංකාවේ ජනතාවට. ඒ වගේම මම කියනවා මට වෙන දුරකථනයක් නෑ හිරගෙදර කතා කරන්න. මම කියනවා මා සමඟ සංවාද කරපු ඔත්තුකරුවන්ට, මා සමඟ කතා කළා කියන විනිසුරුවරුන්ට, රජයේ සේවකයන්ට, සි.අයි.ඩී මහත්වරුන්ට. අපි මේ සේරම කළේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරපු හොරුන්ව ඇතුලට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමෙයි. ඒ නිසා අපි සියලු දෙනා එකතුවෙලා මේ සටන ජයග්‍රහණය කරමු. ඒ හින්දා අපි සටන පාවලා දෙන්නේ නෑ. තාමත් එකට එකතුවෙලා මේ සටන අපි දිගටම ගෙනියනවා කියලා මම මේ අවස්ථාවේ කියනවා.
ඒ වගේම, මා ළඟ ඇති තවත් මේ රටට අනාවරණය නොවුණු සියළුම සංවාද හා ආණ්ඩුව හංගන සංවාද. අද මම මේ සභාවේ මා සභාගත කරනවා නිර්භීතව. මා සමඟ ඒවා වල කතා කරපු විනිසුරුවරු ඉන්නවා, අග විනිසුරුවරු ඉන්නවා, රාජ්‍ය නායකයෝ ඉන්නවා. ඒ අය කියූ කතා ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ඒ රාජ්‍ය නායකයින්ගේ හඬින්ම තියෙනවා. කැබිනට් ඇමතිවරු ඉන්නවා, කැබිනට් ඇමතිවරුන්ගේ නෝනලා ඉන්නවා, ඒ අයගේ දරුවන් ඉන්නවා, ඒ අය මට දුක කියලා තියෙනවා. ඒ සියළු දෙනාගෙම හඬපට අද මම භය නැතුව නිර්භීතව රන්ජන් රාමනායක සභාගත කරනවා හැන්සාඩ් වාර්තා හදන අයට ඒවා මගෙන් ලබාගත හැකියි. මම ඒවා අද ලබා දෙනවා පාර්ලිමේන්තුවට.
ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රන්ජන් රාමනායක වන මම ඇයි මේ වගේ දෙයක් කළේ කියලා සමහරක් අය අහනවා. මේ ජනතාව අහනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම කෝප් කමිටුවේ සාමාජිකයෙක්. කෝප් කමිටුවේ තියෙන්නේ දූෂණ වංචා ගැන හොයන්න, හොරකම් ගැන හොයන්න. ඒ වගේම මම දූෂණ වංචා ආංශික කාරක සභාවේ සාමාජිකයෙක්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම පහුගිය ටිකේ සුනිල් හඳුන්නෙත්ති මහත්මයත් එක්ක කෝප් කමිටුවේ සියලු වැටලීම්වලට සක්‍රීයව දායක වෙච්ච පුද්ගලයෙක්. ඒ වැටලීම්වලට යද්දිත් මම ඒ අයටත් හොරෙන් මාධ්‍යවේදීන්ටත් හොරෙන් මම වීඩියෝ කැමරාවක් වෙනම අරන් ගියා. ඒ අරන් යන්නේ මොකටද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලංකාවේ මිනිස්සු වගේ වචන වෙනස් කරන, කිව්ව දේ නෑ කියන මතක නෑ කියන, දන්නේ නෑ කියන ජනතාවක් මම ලෝකේ කොහෙවත් දැකලා නෑ. සමහර අය කියනවා ‘මම කිව්වේ නෑ’ කියලා. කිව්වේ නෑ කිව්වොත් පෙන්නන්න ඒක තියෙනවා. ‘මම දන්නේ නෑ’ කිව්වොත් පෙන්නත්ත එකක් තියෙනවා. මේක පහුගිය ටිකේ වුණා, මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි.
රංගෙ බණ්ඩාරට කතා කළා එස්.බී දිසානයක මහත්තයා. කතා කරලා කිව්වා රංගෙ, ඔයා එනවද? දැන්ම අවොත් ඔබට කැබිනට් ඇමතිකමක් ගන්න පුළුවන්…ගන්න පුළුවන්..ගන්න පුළුවන්.. කියලා ෆේස්බුක් එකේ ගියා. රංගෙ බණ්ඩාර ඕක ඇවිල්ලා කිව්වානම් ජනමාධ්‍යය ඉස්සරහාපිට ජනමාධ්‍යවේදීන් අහයි බොරු බයිලා කියන්න එපා. අපිට රෙකෝඩින් පෙන්නන්න. හැමදාම මම මේ පාර්ලිමේන්තුවේ හොරෙක් අනාවරණය කළොත් කිව්වේ ‘රෙකෝඩින් පෙන්නන්න, සාක්කි පෙන්නන්න’. අපි දන්නවා ලෝක හොරෙක් කියලා, අපි දන්නවා සුනාමි වංචාව ද ,කතරගම නිවස ද, ඇවන්ගාඩ් ද, මහ බැංකු වංචාව ද, මේ සේරම කියද්දි ජනතාව මොනවද කිව්වේ? ‘සාක්කි කෝ? බොරු මඩ ගහන්න එපා. බයිලා කියන්න එපා. පච කෙලින්න එපා’ කියලා කියන්නේ. ඒ හින්දා තමයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනී, මම හැම දේටම සාක්ෂි, ඩේටා, දත්ත, වෛද්‍ය වාර්තා, සර්ටිෆයිඩ් කොපි මේ සේරම තියාගත්තේ කියලා. මම මේක අහන් ඉන්න ජනතාවට කියනවා. ඒ කළේ හොරුන් අල්ලන්න, හොරුන්ව කූඩු කරන්න, හොරුන්ව ඇතුලට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමෙයි. එක තැනක කියලා නෑ මේ සංවාදවල අර හොරාව ගෙදර යවන්න, අර හොරාව නිදහස් කරන්න කියලා. කියලා තියෙන්නෙම ඇයි මූ ඇතුලට දාන්නේ නැත්තේ? මුං ලෝක හොරු, මුං ලංකාවේ ජනතාවගෙ සල්ලි හොරකම් කළා. මුංව ඇතුලට දාන්න, මුංට දඩුවම් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ හින්දා කාගෙන්වත් චරිත සහතිකයක් මට ඕනි නෑ .මෙතන ඉන්න මේ දූෂිතයින්ගේ චරිත සහතික මට ඕනි නෑ.
මගේ හදවත දන්නවා මං මේවා රෙකෝඩ් කළේ මොකටද කියලා. මං මේවා පටිගත කරේ මොකටද කියලා. මේ සේරම ඔප්පු කරන්න අද මට හඬ පටවල් වගේම වීඩියෝ පටත් තියෙනවා.ඒ හින්දා කාටවත් සෙල්ලං කරන්න විවාද කරන්න බෑ. මම මේ සේරම අද සභාගත කරන්නේ බොහෝම නිර්තභීව. මොකද මම දන්නවා ඒ අයට මේකට උත්තර බදින්න බැහැ කියන එක.
ඒ වගේම, මම පහුගිය ටිකේ දැක්කා, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සාක්ෂිකාරයින්ව මිලදී ගැනීම. මේක මට කිව්වේ හිරුණිකා මැතිණිය. එතුමියගේ පියා ළඟ වැඩ කළා බෝලේ කියලා ඩ්‍රයිවර් කෙනෙක්. ඒ ඩ්‍රයිවර් දුමින්ද සිල්වාගේ පළවෙනි නඩුවේදි භාරත ලක්ෂ්මන් පැත්තෙ හිටියා. අන්තිමට ලක්ෂ හැත්තෑවක් දීලා ඒ පුද්ගලයව ගත්තා. වෙන සාක්කියක් දුන්නා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ, මම අපහාස කරනවා නෙමෙයි කාටවත් ඒ සාක්ෂිකාරියට මොකද වුණේ? සී.අයි.ඩී එකෙන් නඩුව දැම්මා. නඩුව දාද්දි, ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් අළුත්ම ක්‍රමය තමයි විත්ති කාරයයි පැමිණිලිකාරයයි සෙට් වෙනවා. සෙට්වෙලා කියනවා අපි දාමු දුර්වල නඩුවක්. දුර්වල නඩුව දාපුවාම මගදි හැලෙනවා. එෆ්.සී.අයි.ඩී එකේ රවී විජේලංකාර අහනවා ‘දුර්වල නඩුවක් දැම්මොත් තමුන්නාන්සේ මට කීයක් දෙනවද?’ කියලා. ‘මගදි නඩුව හැලෙන්න මම දෙන්නම් වැඩේ. මට කෝටි කීයක් දෙනවද?’ අන්න නැග්ගා සාක්ෂිකාරිය, සල්ලි ගත්තා, ‘එෆ්.සී.අයි.ඩී එක මට බලපෑම් කරනවා’ කියලා, නඩුව අහක ගියා. පහුගිය ටිකේම අල්ලස් සහ දූෂණ කොමිසමේ දාපු නඩු සේරම ඉවත් වුණේ මෙහෙමයි. පහුගිය ටිකේම නීතිපති එකේ දාපු නඩු බොහෝමයක් ඉවත් වුණේ මෙහෙමයි. මොකද්ද වුණේ? හොරු අල්ලන එකායි, හොරායි සෙට් වෙලා, දෙන්නා එකතුවෙලා ඩීල් එක දාලා මගදි නඩුව හලනවා. ජනතාව බලන් ඉන්නවා. මෙහෙම දේවල් තමයි වෙන්නේ. මෙහෙම හින්දා තමයි මම විනිසුරුවරුන්ගේ කතා අධිකරණ නිලධාරින්ගේ කතා, හොරාගේ කතා, පැමිණිලිකාරයාගේ කතා, විත්තිකරුවගේ කතා, සේරම රෙකෝඩ් කළේ. දැන් බේරෙන්න හම්බ වෙන්නේ නෑ. මේ ආණ්ඩුව ආවේ හොරු අල්ලනවා කියලා. 2015 ජනවාරි 08වෙනිදා රෑ 12 ට එයාපෝට් වහලා හොරු අල්ලනවා කියලා ආවා .ආව ආණ්ඩුව මොකද කළේ? එදා රෑ චොපර් දෙකක් දුන්නා හොරුන්ට පැනලා යන්න. ඒක තමයි තිත්ත ඇත්ත. මුල් ටිකේ, සිරිසේන මහත්තයාට ගරු කරනවා, මුල් ටිකේ අල්ලන්න හැදුවා, මොකද්ද වුණේ? ඊට පස්සේ බැඳුම්කර වංචාව වුණා. බැඳුම්කර වංචාවේ ඇලෝසියස් මට කතා කරපු ෆෝන්කෝල් එකත් මා ළඟ තියෙනවා. ඒ කෝල් එකේ මට සල්ලි දෙන්න හදපු කෝල් එකත් මා ළඟ තියෙනවා. ඒකයි මම බය නැතුව ඉන්නේ.
මොකද එයාට කියන්න බෑ මට කතා කළේ නෑ කියලා. මොනවද කතා කළේ කියලත් තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ ගෙදර සජීවී සාකච්ඡාවකට කවුරු හරි හිරු, දෙරණ, සියත මොකෙන් හරි ආවත් මම මගේ පෞද්ගලික කැමරාමන් කෙනෙක් තියාගන්නවා මගේ කතාව විකෘති කරලා දාන හින්දා. මගේ පෞද්ගලික කැමරාමන් කෙනෙක් මුලු කතාවම පටිගත කරනවා. මොකද, හිරු එකේ යන්නේ රේනෝට ඕන කෑල්ල, දෙරණේ යන්නේ මා මිත්‍ර දිලීත් ජයවීරට ඕන කෑල්ල. සියත එකේ යන්නේ එයාට ඕන කෑල්ල. ඒවා වෙනස් නොකරන්න තමයි මම සජීවි සාකච්ඡා, මම ඉන්න ඒවා වෙනම කැමරාවකින් රෙකෝඩ් කළා. අද ඒකේ ප්‍රතිපල මම බුක්ති විදිනවා. මම බය නෑ. මොකද මට කතා කරපුවා මා ළඟ තියෙන නිසා.
පහුගිය ටිකේ මේ දේවල් වුණා. පහුගිය ටිකේ සරත් අඹේපිටිය මහත්මයාව, දැවැන්ත ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් දුන්නා කියලා, මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පොට්ට නවුෆර් විසින් ඝාතනය කළා. පොට්ට නවුෆර්ගෙ ගෝලයෙක් එළියෙ වමනෙ දැම්මා. ඒ වමනෙ සාම්පලයක් අරන් තමයි හොයාගත්තෙ. අන්තිමට සරත් අඹේපිටිය මහත්මයා කුඩු නඩුවක කුඩු කාරයෙක්ට මරණ දඬුවම දුන්නා කියලා ගෙදර පෝටිකෝව ඇතුළෙ වෙඩි කාලා මැරුණා. ඒ බය, මේ දැන් ඉන්න කුඩු කාරයෙක්ගේ මරණ දඬුවම දුන්න පද්මිණි රණවකටත් තිබුණා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේක තමයි තිත්ත ඇත්ත. ඒ නඩු තීන්දුවේ හිටපු මොරායස් මහත්මයා තීන්දුව දීලා බයට හයිටිවලට පැනලා ගියා. පද්මිණි ගුණතිලකගෙ දරුවට රෝයල් එකට ඉස්කෝලේ යන්න විදියක් තිබුණේ නෑ. එතුමිය මට කතා කළා. කතා කරලා කිව්වා මගේ පුතාට ඇසිඩ් ගහන්න ඉන්නවා මේ මදාවි කුඩු කාරයො. ඒ හින් දා එයාට පොලිස් ආරක්ෂාව දෙන්න කියලා. මම කතා කළා. මම කතා කළා පූජිත් ජයසුන්දරට. ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කතා කළා, ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා.
මම පොලිස්කාරයෙක් යැව්වා වාහනයක් එක්ක ඒ විනිසුරුවරියගේ පුතාට ඇසිඩ් ගහනවා කියලා කියපු හින්දා. ඒක වැරදීද? ඒක තමයි තිත්ත ඇත්ත. මෙතන කිසිම බලපෑමක් කළේ නෑ. ඔය කුඩු කාරයාගේ නඩුවේ බුවනෙක අලුවිහාරේ, මලල්ගොඩ, එතකොට ප්රියසාත් ඩෙප් ,පංච පුද්ගල විනිසුරුවන් විසින් සහ ත්‍රිපුද්ගල විනිසුරුවන් විසින් මරණ දඬුවම දීපු කෙනෙක්. අද මේ අය කුඩු කාරයා වෙනුවෙන් කතා කරනවා. සමහර ස්වාමීන් වහන්සේලාත් කුඩු කාරයා වෙනුවෙන් කතා කරනවා. ඒ හැමෝගෙම හදවත දන්නවා මේ කුඩ්ඩේක්. මේ ඇවිල්ලා, අපේ සරත් විජේසේකර මහත්මයා කිව්වා වගේ, නිමි ආහාර පානදුර හන්දියේ විකුණපු රෙස්ටුරන්ට් එකක හිටිය කැෂියර් කෙනෙක්. අද කොහොමද කෝටි ගණන් හොයලා තියෙන්නේ? ආදරණීය ජනතාවගෙන් මං අහනවා. මේ කුඩු සල්ලි, මේ අය වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩ්ඩෝ, කුඩ්ඩන්ගෙන් සල්ලි ගත්ත ස්වාමීන්වහන්සේලා ඉන්නවා, කුඩ්ඩන්ගෙන් සල්ලි ගත්ත, ප්රචාරෙට හිරු එකට බය දේශපාලඥයෝ ඉන්නවා. ඒ ගොල්ලෝ කතා කරන්නේ නෑ. නමුත් මම ඉතිහාසයෙ ඉඳන්, මේ රටේ හැමෝම දන්නවා, මම හැමදාම ගත්තේ වින්දිතයාගෙ පැත්ත. මම ගත්තෙ නෑ පෝසතාගේ බලවන්තයාගේ පැත්ත.
පස් මාෆියාව ආවා. මම පස් ව්‍යාපාරිකයන්ගේ පැත්ත ගත්තේ නෑ. මම ගත්තේ දිවුලපිටියේ පස් හින්දා ළිංවල වතුර නැති ජනතාවගේ පැත්ත. මැදපෙරදිග ප්‍රශ්නේ ආපුවාම අර කූට ලොකු ව්‍යාපාරික ඒජන්සිකාරයාගේ පැත්ත ගත්තෙ නෑ. මම ගත්තේ අහිංසක දුප්පත් අම්මලා, අක්කලා, නංගිලා ඉන්න අර අබුඩාබි, ඩුබායි, කුවේට්වල ඉන්න අහිංසක අම්මලා, අක්කලාගේ, නංගිලාගේ පැත්ත. එතකොට ඒජන්සිකාරයෝ මාව මරන්න ආවා. කුඩ්ඩගෙ ප්‍රශ්නෙදි, මම ඇයි භාරත ලක්ෂ්මන්ගේ පැත්ත ගන්නෙ? මම හිරු එකේ පැත්ත ගත්තානම් අදත් කොපි චැට් එකේ හැමදාම ඉන්නෙ මම. ඒගොල්ලන්ගේ සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා මම, ඒ ගොල්ලන්ගේ සියළුම ඒවා වල, මධුරි ඩික්සිත් ළඟ වාඩි කළේ මම, අනිල් කපූර් ළඟ වාඩි කෙරෙව්වේ මම. මට ඒ සියලුම දේවල් අමතක කරලා මම ගත්තේ හඬක් නැති, නිහඬ, වොයිස්ලස්, ස්පීච්ලස් මනුස්සයාගේ පැත්ත මම ගත්තේ. මම ඒකට සංතෝස වෙනවා. මම සංතෝස වෙනවා ඒ පැත්ත අරගෙන මට එකදිගට අද හිරේ යන්න වුණත් මට ප්‍රශ්නයක් නෑ. මම හැමදාම ගත්තේ පීඩිතයාගේ පැත්ත. ඒ හින්දා මම මේක පහුගිය ටිකේම කළා.
පහුගිය ටිකේ අපේ ගෙදරට ආවා අහිංසක ස්වාමීන් වහන්සේලා දෙන්නෙක්. මෙන්න පොඩී. ඇවිල්ලා කිව්වා මට අම්මයි තාත්තයි, ‘අනේ රන්ජන් ඇමතිතුමා මේ ස්වාමීන් වහන්සේලා දෙන්නා දූෂණය කරලා. මේකට පෙනී සිටින්න’ කියලා. මගේ ස්ටාෆ් එකම කිව්වා ‘පිස්සු නටන්න එපා සීයට හැත්තෑවක්ම බුද්ධාගමේ’. ඔලුවේ අතගහගෙන, ‘කළු ගලේ ඔලුව ගහගන්න එපා. මේකට ඉන්වොල්ව් වෙන්න එපා. මේකට අත තියන්න එපා’. මම කිව්වා, ‘අනේ පව්නේ මේ ස්වාමීන් වහන්සේලා අඬනවා. දූෂණය වෙලා. අපි මේකට පෙනී ඉමු’. ‘මේකනම් කරන්න එපා. මේක කළොත් ඉවරයි කියලා. කට්ටිය වට කරලා ගහනවා, ආගමට අත තියන්න එපා.’ මම හිතුවා කමක් නෑ. මම ඇහුවා අම්මාගෙන් තාත්තාගෙන් ‘ඇයි මා ළඟටම එන්නේ ?’එයාලා කිව්වා ‘ඔබතුමා විතරයි වෙන අය කතා කරන්න බය ඒවා කතා කරන්නේ. අපිට යන්න තැනක් නෑ.’ මම කිව්වා ‘ඇයි නායක ස්වාමීන් වහන්සේලා ගාවට යන්නේ නැත්තේ?’ මට කියන්න දුකයි, එතකොට ඒ තාත්තා කිව්වා, ඒ බුලත්සිංහල තාත්තා, ඒගොල්ලෝ අතිනුත් මේ වරද වෙලා තියෙනවා කියලා පුත්‍රයාට. යන්න තැනක් නෑ කිව්වා. මම බෙල්ල ගහලා ගියත් කමක් නෑ, මම කිව්වා ‘රයිට් අපි කරමු’ කියලා.’මම ඒකට ඉදිරිපත් වෙන්නම්.’
ඊට පස්සේ කැළණියේ ඔය ප්‍රශ්නෙ වෙද්දි කවුද ඒ මොනවද ඒ අය කිව්වේ? ජනේලෙන් එළිය බැලුවා, කැලණි ගග දෙබෑ වුණා, කපුවා පීනගෙන ගියා, අනේ මේකෙක් මතු වුණා. ඌ ඇමරිකන් වතුර බෝතලයකට දාගත්තා.ඒකේ නයෙක් හිටියා. මේවා ගැන මම එක දිගටම සටන් කළේ ඡන්ද බලාගෙන නෙමෙයි. අදත් මම කතා කරන්නේ ඡන්ද බලාගෙන නෙවෙයි. මම ස්වාධීනව ඉල්ලනවා. තමුන්නාන්සේලට ඕනනම් ඇප නැතුව ගෙදර යවන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඇත්ත කතා කරලා හිරේ ඉන්නවා, බොරු කියලා මිනිස්සුන්ව රවට්ටලා එළියේ ඉන්නෙ නෑ. මම ඒක නම්බුකාරව විඳිනවා. මම නම්බුකාරව විඳිනවා. මම කියූ හැම ප්‍රකාශයකම වගකීම මම ගන්නවා. පහුගිය ටිකේ දේශපාලන වේදිකාවෙදි, මට ඉස්සරහා ඉන්න ජනතාව කිව්වා ‘රන්ජන් අයියා, කියන්න ගෝටාභය මහත්තයා ඝන්ටාරයක් හොරකම් කළා කියලා’. මම කිව්වා ‘එහෙම කියන්නේ නෑ’. මම එහෙම කිව්වොත්, එක බොරුවක් කිව්වොත් අර කියපු සේරම ඇත්ත නැති වෙනවා. මම කිව්වා ‘ඒ ඝන්ටාරය කැන්ඩි සිටි සෙන්ටර් එකේ ආලෝකෝ උදපාදී කරපු අධ්‍යක්ෂකතුමා, නිෂ්පාදක තුමා ගිහිල්ලා තියලා තියෙනවා. විහාරාධිපති කිව්වා ඝන්ටාරෙ තියෙනවා’ කියලා. ඒ හින්දා මම බොරු කියන්නේ නෑ. මගේ දේශපාලනයේ බොරුව නෑ.
මම කතා කළා නම් පහුගිය ටිකේ තමුන්නාන්සේලා දකින්න ඇති මම කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකේන් බොනවා කියලා. මට ඔප්පු කරගන්න බැරුව මම අසරණ වෙලා ඉද්දි මම කතා කළා, තමුන්නාන්සේලා දැන් විහිළු කරන එක්තරා කෙනෙක්ට. පියුමි හංසමාලි. එයා තමයි හරියටම විස්තර ඇතුව කිව්වේ කවුද කොකේන් අරං නයිට් ක්ලබ්වල, කොකේන් ගහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සෙට් එක අන්න දැන් තියෙනවා. එතකොට උපායදූතයෙක් විදිහට මම ඒ වැඩේ කරලා තියෙනවා. දැන් එළිවෙලා තියෙනවා, කවුද මැක්ඩොනල්ඩ් බෑග් එකේ චාලි අරන් ආවේ? කවුද අයිස් අරන් ආවේ? කවුද අපිට සල්ලි බෙදන්නේ? මේ සේරම එළි කරගන්නට නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මම කරපු වැඩේ ගැන සදාචාරාත්මක සෙටිෆිකට් මට කාගෙන්වත් ඕනි නෑ. මම දන්නවා මම කළේ හරි වැඩක්, ඒක කළේ ජීවිතේ පරදුවට තියලා. මගේ ජීවිතේ නැතිවෙයි කියන දේ තියෙද්දිත් මම ඒ දේ කළේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක, මට ඒ සතුට තියෙනවා. මටත් පුළුවන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න.මටත් පුළුවන් හැමෝටම අතවනලා හිනා වෙලා අයිස්ක්‍රීම් විකුණන මිනිහෙක් වගේ ඉන්න. කිසි ප්‍රශ්නයක් නෑ. කවුරුත් යාළුයි. ‘හලෝ මචං හලෝ’..සේරම එක්ක යාලුයි. එහෙම කරන්න ද මේ පාර්ලිමේන්තුවට දෙකෝටි විසි ලක්ෂෙක ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ අපිව? ඒ අයව නියෝජනය කරන්න. අද මේ කුඩු සල්ලි හින්දා කුඩු නාලිකා හින්දා මුලු රටම කැලඹිලා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ අභියෝගය ආණ්ඩුවට කරනවා. මම දැක්කා ගරු අගමැතිතුමා කියනවා මේකට කොමිසමක් පත් කරන්න කියලා. ඩබල් සැලියුට්. පුළුවන්නම් පත් කරන්න. ඒ කොමිසම පත් කරද්දි මම එනවා ෆයිල් පිටින් ඒ කොමිසමට. මා ළඟ තියෙනවා එතුමාත් කතා කරපු හඬපට. එතුමා මට කතා කරලා 2005 දී මම වන්ෂොට් කරද්දි ෆිල්ම් එක, ඒ නඩුවෙන් මම නිදොස් වුණාට පස්සේ මට කියනවා, ‘රන්ජන්, ඔයා අද එළියේ ඉන්නේ මම හින්දා. ඔයාට කෙලෙහිගුණ නෑ’ කියපු හඬ මා ළඟ තියෙනවා. රාජ්‍ය නායකයෙක්. ඉතිං ඒවා තියෙද්දී එතුමාට ඕන වුණා පහුගිය ටිකේ මගේ වන්ෂොට් කියන ෆිල්ම් එක බලන්න. ඒ කාලේ මම චන්ද්‍රිකා මැතිණියට විරුද්ධව ක්‍රියා කරපු කාලෙ. එතුමත් එක්ක ෆිල්ම් එක බලන්න ආවේ කවුද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න මුතුහෙට්ටි. අපි බැලුවෙ කොහෙද? සිනේ සිටි එකේ කවුද, සංගීතාගේ මනුස්සයා ප්‍රියන්ත කාරියප්පෙරුමත් එක්ක. මම තිත්ත ඇත්ත කතා කරන්නේ. ෆිල්ම් එක බලලා එළියට එන දවසේ තමයි හරියටම ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා මැරුණේ. එතකොට මම මහින්ද මහත්තයත් එක්ක තමයි වන්ෂොට් ෆිල්ම් එක බැලුවෙ. මාගේ සේරම සංවාද පටිගත කිරීම් සියළු දේවල් තියෙනවා. මාව මැරුවත් ප්‍රශ්නයක් නෑ. මම අවශ්‍ය තැන්වල, ලොකර්වල රටින් පිටත් ඒවා හාඩ් ඩිස්ක්වල දාලා තියෙන්නේ. ඒ හින්දා මම කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩේට මුහුණ දෙනවා. මට මේ වැඩේට ලොකුම උවමනාව තිබුණේ, රජය ආවේ හොරු අල්ලන්න. හොරු ඇල්ලුවෙ නෑ. හොරු විසින් රජය අල්ලා ගත්තා. මේ බොරුවට ඇප පිට ඉන්න කට්ටියගේ හදවත දන්නවා ඒ ගොල්ලෝ හොරු කියලා. ඒ ගොල්ලෝ කොහොමද මෙච්චර පොහොසත් වුණේ? මේ කොහොමද මේ කුඩු ව්‍යාපාර කළේ? මේ සේරම ජනතාව දන්නවා. හැම දේටම අහන්නේ මොකද්ද? කුඩ්ඩෝ කියන්නේ මොනාද? ‘සාක්ෂි පෙන්නපං’. ‘කෝ සාක්ෂි?; සාක්ෂි කෝ කියලා අහනවා. සාක්ෂි දැන් තියෙනවා. හඬපට තියෙනවා. වෛද්‍යවාර්තා තියෙනවා, සර්ටිෆයිඩ් කොපි තියෙනවා, බි වාර්තා තියෙනවා. සමහරු කියනවා මම ශානිගෙන් ගිහිල්ලා වාර්තා ගත්තලු. ඇත්ත! මම විවාදවලට යන්න ඉස්සල්ලා, පෑනක් කොළයක් අරගෙන, ශානිගෙන් අහනවා, අද විවාදයට එන්නේ රොෂාන් රණසිංහ. මට කියන්න කී දෙනෙක් අතුරුදහන් කරපු අය ඉන්නවද? නේවි සම්පත් කොහෙද ඉන්නේ? මම මේ සියලු දේම මම ලියාගන්නවා.
මගේ මාමා කාලෝ ෆොන්සේකා බය නැතුව කියනවා. ‘පුතා මම කියන එක රෙකෝඩ් කරගන්න’. අපි ඒ වගේ ජානවලින් එන මිනිස්සු. විජය කුමාරතුංග මහත්මයා, ඇත්ත කතා කරලා මගෙ මාමා පොල්හේන්ගොඩ ගේ ඉස්සරහා වෙඩි කාලා මැරුණා. අදත් අමරණීයයි. හොරකම් කළේ නෑ, වංචාව දූෂණය නෑ. මගේ මාමා කාලෝ ෆොන්සේකා එකම වෛද්‍යවරයා ලංකාවේ තමුන්ගේ පඩිය වැඩියි කියලා වෛද්‍යසභාවට ලියුමක් දීපු එක්කෙනා. ඒවා කොපි කරලා තමයි රන්ජන් රාමනායක පහුගිය ටිකේ මේ පාර්ලිමේන්තුවේ ලක්ෂයක් පඩි වැඩි වුණා. මට තාම ඉන්න හිටින්න ගෙයක් නෑ. මම කිව්වා ඒ ලක්ෂේ එපා කියලා. අවුරුදු තුනක් ලක්ෂේ නොගත්ත එකම මන්ත්‍රීවරයා. පැමිණීමේ දීමනාව නොගන්න එකම මන්ත්‍රීවරයා. ඇයි අපි එහෙම කරන්නේ? ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. අනුන්ට හොරා කියනවානම් හොරු අල්ලන්න යනවානම්, ඉස්සෙල්ලා තමුන් හොරකම් නොකර ඉන්න ඕන. අද හොරු ගැන කතා කරන උන් ලෝක හොරුනෙ දෙයියනේ. මේ ලෝක හොරු කියනවා අනුන් හොරු කියලා. හොරු ගැන කතා කරනවානම් තමුන් හොරෙක් නොවි, තමුන් ඉන්න ඕන.
අමද්‍යප ව්‍යාපාරයේ සභාපති කන පැලෙන්න බීලා අනිත් උන්ට බොන්න එපා කියලා හරියන්නේ නෑ නේ.ඒක තමයි තිත්ත ඇත්ත. ඒ හින්දා මම නැවත නැවතත් මහින්ද රාජපක්ෂ මහත්මයාටයි අතිගරු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහත්තයාටත් කියනවා කොමිසමක් දාන්න. දෙයියනේ දාන්න. මම ෆයිල් පිටින් එන්නම්. හැබැයි ගෝටාභය මහත්තයාගේ හඬපට නම් මා ළඟ නෑ. මම ඇත්ත කියනවා හැමදාම. මහින්ද මහත්තයාගේ හඬපට හයක්, හතක් තියෙනවා. රිසානා රෆික් මරපු වෙලේ මම මහින්ද මහත්තයාට කතා කළා. එතුමට මම කිව්වා ‘සර්, රිසානා රාෆික්ගේ බෙල්ල කපලා.’ මෙතන ඩිලාන් පෙරේරට ඇවිල්ලා කිව්වා ‘අපි අන්න සමාව හම්බවෙලා සුමාන දෙකෙන් ගෙන්නනවා’ කියලා. ගෙන්නනකොට අර කෙල්ලගේ බෙල්ල කපලා ඉවරයි. මට කිව්වා මහින්ද මහත්තයා. මට බැන්නා. ‘ඔයා විතර ද වැඩ කළේ අපි වැඩ කළේ නැද්ද? හවුස් මේඩ්ලාගෙන් මෙච්චර ගාණක් වැඩ කරනවා. ඩොලර් බිලියන අටක් එනවා.’ එයා කියන විදිහට වැඩ කරන්න කියලා මට බැන්නා. ඒ හඬපටෙත් තියෙනවා. ඒකත් තියෙනවා. එයා අධිකරණයට බලපෑම් කරපු ඒවා. දැන් කියනවා මම අධිකරණයට බලපෑම් කළා කියලා. එයා පද්මිණි රණවක ගුණතිලකට කතා කරලා වාසු දේවව එවලා අර මැරුණු අපේ බුද්ධිකගේ මස්සිනා/ මාමණ්ඩිය හේමන්ත වර්ණකුලසූරියට කියලා මාව බේරගත්ත එකත් එයා කියලා තියෙනවා.
‘රන්ජා උඹට කෙලෙහිගුණ නෑ. උඹව බේරුවේ මම. උඹ අද එළියේ ඉන්න මම හින්දයි’ කියන එක කියනවා. ඒකත් මම සභාගත කරනවා. කමක් නෑනේ. කමක් නෑ නේද?. ඒවත් අපි සභාගත කරමු. ඇයි මේ වෙන ඒවා විතරක් දාන්නේ? ඇයි මේ ඒගොල්ලන්ට අවාසි ඒවා දාන්නේ නැත්තේ? ඇයි කැබිනට ඇමතිවරු මට මෙතන බැන්නේ? ඇමතිවරුන්ගේ නෝනලා මට කතා කරපුවා තියෙනවා. ‘අනේ අයියේ ගෙදර එන්න. ඇවිල්ලා මේවා කියන්න රටට. මගේ මහත්තයාට අගමැති සිහිනයක් තියෙනවා. මහත්තයා තවත් කැබිනට් ඇමතිවරයෙක්ගේ නෝනාට තියෙනවා හඳහනේ එයාව බැන්ද කෙනෙක් අගමැති වෙනවා කියලා. මාව ඩිවෝස් කරලා ගිහිල්ලා එයාව බැන්දා එයා.’ දන්නවද කවුද කියලා? එතකොට ‘අයියේ මෙයා ඒ කැබිනට් ඇමතිවරයාගේ නෝනාව බැන්දේ, හඳහනේ අගමැතිවෙන්න ඕනි හින්දා මාව අතෑරලා. අයියේ මේවා ගිහිල්ලා කියන්න පාර්ලිමේන්තුවේ’. කියපු වීඩියෝ මා ළඟ තියෙනවා. ගෙදර යද්දි කැමරාවක් හංගගෙන ගියා. අනේ මිනි ස්විමින් පූල් එකයි, ලොකු ස්විමින් පූල් එකකුයි තියෙනවා. කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න බෑ. අපි කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කතා කරමු. සිංගර් එකේ වැඩ කරපු කෙල්ලෙක්, ද ෆිනෑන්ස් එකේ සේල්ස් රෙප්. අනේ මහත්වරුනි, කොහොමද කෝටි ගනන් සල්ලි තියෙන්නේ? මම පහුගිය ටිකේ මේ අයට තියෙන එංගලන්තේ ගෙයක් ගැන කිව්වා. මාව මරාගෙන කන්න පැන්නා. ‘ඔප්පු කරපන් ඔප්පු කරපන් ‘. මම ගිහිල්ලා ගෙන්නුවා ලෑන්ඩ් මිනිස්ට්‍රියට කතා කරලා. අර චන්දිමාල් හරහා මම ගෙන්නුවා ඔප්පු කොපිය. ඔප්පු කොපිය පෙන්නුවාම ඇමතිතුමා කිව්වා, ‘ඔව් ගෙයක් තියෙනවා. මගේ දරුවන්ට ඉස්කෝලේ යන්න ගේ ගත්තා’ කියලා කිව්වා. මෙහෙමයි අපි හොරු ඇල්ලුවේ.
හොරු අල්ලද්දි අන්එතිකල් වෙන්න ඕන. හොරුන් එක්ක ඩිසිප්ලීන් නෑ. හොරුන් එක්ක චාරයක් නෑ . හොරුන්ට චාරයක් නැත්තන් අපි මොකටද චාර වෙලා? හොරුන්ගේ ඩිසිප්ලීන් නැත්තම් අපි මොකටද ඩිසිප්ලීන් වෙලා? අපි මොකටද ජෙන්ට්ල්මන් වෙන්නේ හොරු ඉස්සරහා පිට? ඒක නිසා මම කියනවා මහින්ද මහත්තයෝ ගෝටාභය මහත්තයෝ පුළුවන්නන් නිව් යෝක් ටයිම්ස් එකට නඩු දානවා කියලා මගහැරියා. අර නිව් යෝක් ටයිම්ස් එකේ කර්තෘ මයිකල් තාම බලන් ඉන්නවා නඩු දාන්න. නඩු වැටෙනකන් බලන් ඉන්නවා. එයා තමයි කිව්වේ, පුෂ්පා රාජපක්ෂගෙ ගිණුමට මෙච්චර ආවා, ඇල්ලේ ගුණවංස ස්වාමීන්වහන්සේ ඩොලර් තිස් අටදාහක් ගත්තා. ඒවා කිව්වේ මරියා අල් හබීබි නිව් යෝක් ටයිම්ස් පත්තරේ. නඩු දානවා කිව්වා දැම්මද? අවුරුදු දෙකක්.
ඒ වගේම තමයි මම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් මේ දැන් කියන්නම් මේකට නඩු දාන්නේ නෑ පුතා. දැම්මොත් උන්ටම කෙල වෙනවා. මේකට කොමිසම් ගේන්නේ නෑ. මොකද ඒ අයගේ හඬ තියෙනවා. ඒ අයගේ රූප තියෙනවා. මේ සේරම මම කළේ 2015 ජනවාරි අට හොරු අල්ලනවා කියපු ආණ්ඩුවේ යුතුකමක් ඉෂ්ට කරන්න මිසක්, මගේ පෞද්ගලික දේකට නෙවෙයි කියන එක මම බොහොම අවංකවම කියනවා. අම්මා පල්ලා, ජේසු පල්ලා, බුදුන් පල්ලා. විශ්වාස කරනවානම් විශ්වාස කරපල්ලා. නැත්තන් මට වැඩකුත් නෑ. මම කළේ හොඳ හිතින් කියලා මම දන්නවා. මට හොරුන්ගෙන් චරිත සහතික මොකටද? චරිත සහතික දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවාද ? කවුද ඉන්නේ මෙතන ? වැලි පර්මිට් තියෙන හැත්ත පහක් ඉන්නවා. බාර් පර්මිට් තියෙන සීයක් ඉන්නවා. එතනෝල් ගෙන්නන හතර දෙනෙක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා. උන්ගෙන්ද මම චරිත සහතික ඉල්ලන්නේ. ඒ හින්දා මට චරිත සහතික ඉල්ලන්න ඕනි නෑ. මට ජනතාවගෙන් ,මම ගිය හැම ආසනයකම හැම දිස්ත්‍රික්කයකම,ගම්පහ ආවා දෙලක්ෂ දාසය දාහයි. රත්නපුරෙන් ඉල්ලුවා එක් ලක්ෂ දහනව දාහයි.
මිනිස්සු ඇත්ත කතා කරන එකාගේ බොඩි ලැන්ග්වේජ් එක දකිනවා. ‘මූ ඇත්තද කතා කරන්නේ? මේ බොරුවක් ද? ඇක්ටින්ද? මේ රඟපෑමක් ද?’ මේක මිනිස්සුන්ට තේරෙනවා. ඒ හින්දා මේ දේශපාලනය මට හරියන්නේ නැත්තන් මම යන්නන් ගෙදර. මට පක්ෂ සාමාජිකත්වය අහිමි කළා ගිය සුමානේ. කමක් නෑ. මට මගේ ආසනය අහිමි කළා, මගේ සංවිධායක ධුරය අහිමි කළා. ඉදිරියේදි මගේ මාමා වගේ..නමුත් මම කවදාවත් ඒවට සැලෙන්නේ නෑ. මම නැවත නැවතත් කියන්නේ මේක නිකමට යන්න, යවන්න එපා. අනිවාර්යෙන් මේකට කොමිසමක් දාන්න. මේ කොමිසමට මම එනවා හැබැයි මම නැවත නැවතත් කියනවා මේ හඬපටවල තියෙන දේවල් ජනතාව දැනගත යුතු දේවල් ගැන මම මේ ලිස්ට් එකක් ලියාගෙන ආවා. මේකේ තියෙනවා පෙන්ට් හවුස් එකේ අපේ කාංචන මල්ලි ඉන්නවාද දන්නේ නෑ මෙතන. කාංචන මල්ලිත් මගේ ඔත්තුකරුවෙක්. කාංචන මල්ලි, ඔන්න දවසක් කාංචන මල්ලි ගියා, පෙන්ට් හවුස් එකට. පෙන්ට් හවුස් එකට ගිහිල්ලා ගැහුවා, දොරට තට්ටුවක් දැම්මා. අනේ දොර ඇරියේ අනිකා විජේසූරිය නෙමෙයි. වෙන කෙනෙක්. ඒකෙන් තමයි ආදරණීය මිත්‍රවරුනි බැඳුම්කර වංචාව අහුවුණේ. ඒක තමයි ඇත්ත කතාව.
නහිල් විජේසූරියගේ දුව, එයා තමයි අන්තිමට ඇවිල්ලා කිව්වේ පෙන්ට් හවුස් එකේ ගෙවල් ගත්තේ කවුද කියලා. ඒක කළේ කාංචන. මම ඒක රෙකෝඩ් කරපු හින්දා දැන් නෑ කියන්න බෑ. ඒවාත් තියෙනවා. ඒ වගේම බැඳුම්කර වංචාවේ අර්ජුන් ඇලෝසියස් මට කතා කරපු රෙකෝඩින් තියෙනවා. එයා මට සල්ලි දෙන්න හදපු එක, ඒක තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ මහා වංචා තියෙනවා. තිලංග සුමතිපාල මහත්මයා මැච් ෆික්සින්. ක්‍රිකට් ක්‍රීඩකයෝ සල්ලි ගත්ත හැටි. මේවා සේරම තියෙනවා. ඒ වගේම තව එක දෙයක් කියන්න ඕන මගේ ආදරණීය මිත්රවරුන්ට. තමුන්නාන්සේලා කවුරුත් දන්නේ නැති දෙයක්. ශාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද ලංකාවේ? සෝම හාමුදුරුවන්ගේ පළවෙනි ගුණානුස්මරණය දවසේ ශාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද? මේක කිව්වා මට මිත්‍රයෙක් චීනෙදි. මේක කියද්දි මම හොරෙන් රෙකෝඩ් කරගත්තා. ඒක කළෙත් හෙළ උරුමේ ගම්මන්පිල මහත්තයා දන්නවා. එයාගෙන් අහන්න එතන මිනී දෙකක් මැරුණා. එතන ශාරුක් ඛාන් මැරුණා නම් එහෙම තාමත් ලංකාවට ගහනවා. මෙන්න මෙහෙමයි දේවල් කෙරුණේ. තව තියෙනවා. අලි හොරකම. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ උදේ වෙද්දි පන්සලේ අලියෙක් දාලා ගියේ කවුද? රාජ්‍ය නායකයෙක්. ඒක එයා කියන හඬ පට තියෙනවා.”