සටහන සහ ඡායාරූප පංචමී හේවාවිසෙන්ති
මරණය හැර ඕනෑම රෝගයකට කළුදුරු ගුණ දෙන බව පැරණි ඉස්ලාම් ග්‍රන්ථයක සඳහන්ව ඇත. එවන් සුවිශේෂීත්වයක් සහිත කළුදුරු වර්තමානයේ පැතිර යන කොරෝනා වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීමටත් උපයෝගී කර ගත හැක. සිරුරේ ප්‍රතිශක්තිය වඩවා ගැනීමට තේ ඇතුළු විවිධ ඖෂධීය පාන වර්ග සුදුසු බව වෛද්‍යවරුන් පවසා ඇත. තවද උණුසුම්ව පානය කරනු ඕනෑම දියර වර්ගයක් කොරෝනා වෛරසය විනාශ කිරීමට සමත් බවත් විද්‍යාත්මකව සොයාගෙන ඇත.
කළුදුරුවල අපූර්ව ගුණය පිළිබඳව වැඩි විස්තර කියවන්න.
උණුසුම් පානයක් නිරතුරුවම ඔබට නැවුම් හැඟීමක් ලබා දේ. ඔබ තේ පානයට ප්‍රියකරන්නේ නම්, දිනකට එක් වතාවක් වත් කළුදුරු තේ කෝප්පයක් බොන්නට පුරුදු වන්න. එය ඔබට නොදැනීම හටගන්නා රෝග රැසකටම පිළියමක් වේ. කළුදුරු යනු ආහාරයක් ලෙස ගත හැකි ඖෂධයක් වන අතර ඖෂධයක් ලෙස ගත හැකි ආහාරයක් ලෙසත් සැලකිය හැකියි.
කළුදුරු තේ සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය:
කළුදුරු තේ හැන්දක්
මී පැණි තේ හැඳි 2ක්
වැනිලා ස්වල්පයක්
එනසාල් කරලක්
උණුසුම් එළ කිරි
සාදා ගන්න ක්‍රමය:
කළුදුරු ඇට කුඩා වංගෙඩියකට දමා කොටා ගන්න. එයටම එනසාල් ඇටද දමා කොටා ගන්න. කළුදුරු ඇට කුඩු බවට පත්වන තුරු කෙටීම අවශ්‍ය නොවේ. මඳ වශයෙන් කොටා ගැනීම ප්‍රමාණවත්. වීදුරුවකට කොටා ගත් කළුදුරු දමා උතුරුවා ගත් වතුර එයට දමා වසා විනාඩි 5ක් තබන්න.
ඉන්පසු වෙනත් වීදුරුවකට පෙරා ගන්න. දැන් මී පැණි සහ වැනිලා බිංදුවක් ද එක්කරගන්න. අවශ්‍ය නම් උණුසුම් එළකිරි ද එක්කර හැන්දකින් හොඳින් කලවම් කරගන්න. උණුසුම්ව පානය කරන්න.
