• ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
කුවේණි.lk

Type and hit Enter to search

  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
කුවේණි.lk
  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
තම්බපණ්ණියපුවත් විශේෂාංග

කතු වැකිය

පංචමී හේවාවිසෙන්ති
January 12, 2021 3 Mins Read
140 Views
0 Comments
හොස්ස ළඟින් මැස්සා යන්නට බැරි නායකයා

“ඌ හොස්ස ළඟින් මැස්සා යන්න බැරි එකෙක්”, මෙය සිංහල ජනවහරේ යෙදෙන්නේ ඉතා ඉක්මනින් කිපෙන, තැන නොතැන නොබලා තම කෝපය පිටකරන ‘ඉක්මන් කේන්තිකාරයෙකු’ හැඳින්වීමටය. එවන් පුද්ගලයෙකු සමඟ ගනුදෙනු කළ යුත්තේ ඉතා සීරුවටය. බොහෝ විට එවන් පුද්ගලයින් සමඟ ඇයි හොඳයිකම් පැවැත්වීමටත් අනෙක් අය දක්වන්නේ මැලි කමකි. ඒ ඔහුගේ එම ස්වභාවය නිසා නිරතුරුවම ඔහු සමඟ ආශ්‍රය කරන්නන්ට කටුක අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවන හෙයිනි.

හොස්ස ළඟින් මැස්සා යන්න බැරි ආයතන ප්‍රධානියෙකු සිටින කන්තෝරුවක සේවකයින් මුහුණ දෙන්නේ අමිහිරි අත්දැකීමකටය. එයින් ආයතනයේ යහ පැවැත්මට ද ඇති කරන්නේ සෘණාත්මක බලපෑමකි. එය ආයතනයකට පමණක් නොව, පවුලකටත් එසේමය. රටකටද එසේමය. රටක නායකයා හොස්ස ළඟින් මැස්සා යන්න බැරි අයෙකු වීම නම් කිසිසේත්ම එම රටට යහපත් තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මෙයට ප්‍රස්තුතය වන්නේ රටතුල මෑතකදී ඉමහත් කතාබහට ලක් වූ සංසිද්ධියකි. එනම් රටේ ජනාධිපති වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ද පෙරකී හැසිරීම් රටාවක් පෙන්වීමයි. නන්දසේන ජනාධිපති තුමාටද හොස්ස ළඟින් මැස්සා යන්නට බැරි බව පසුගිය දා එතුමා කළ ප්‍රකාශයකින් මොනවට පැහැදිළි විය. පසුගිය දිනෙක ගමින් ගමට යමින් සිටියදී එතුමා මෙතෙක් බොහෝ ආයාසයෙන් සඟවා සිටි තම සැබෑ ස්වරූපය හෙළි කළේය. හෙළි කළාද නැතිනම් හෙළි වුණාදැයි කීමට අපහසුය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාධිපතිවරයෙකු කිසිසේත්ම සිදු නොකළ යුතු කතාවක් ලෙස එය හැඳින්විය හැක. ශ්‍රී ලංකාව හඳුන්වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙසයි. නමුත් එය වචනයට පමණක් සීමා කරමින් ජනතාවගේ භාෂණයේ සහ ප්‍රතිවිරුද්ධ මත පළ කිරීමේ නිදහසට මරු පහරක් එල්ල කරමින් ‘මැර ‘ ප්‍රකාශයක් ජනපතිවරයා විසින් සිදු කරන ලද්දේ තමා මේ රටේ ජනාධිපතිවරයා බවද අමතක කරමින් බව පැහැදිළිය.

කෙසේ නමුත්, ජනපතිවරයාගේ එම ‘මැර’ ප්‍රකාශයට සතර අතින් අත්පොළසන් සහ විසිල් වර්ෂාවක් ලැබුණි. මෙය ශ්‍රී ලාංකීය බහුතර ජනවිඥානය පිළිබඳව පැහැදිළි අදහසක් ලබා දෙන්නකි.

සමාජ මාධ්‍යජාලවල ජනපතිවරයාගේ එම කතාවේ එම සුවිශේෂී කොටස හෙවත් ‘පංච් ඩයලොග්’ එක වේගයෙන් සංසරණය වන්නට විය. ඒවා සමාජ මාධ්‍යයේ ‘ශෙයා’ කරගත් ජනතාවද තමාට ජනාධිපතිවරයා ආරෝපණය කරගෙන සිටි සෙයක් දක්නට තිබුණි. විශේෂය වන්නේ ගිහියන්ටත් වඩා භික්ෂුන් වහන්සේලා ජනපතිවරයාගේ තර්ජනාත්මක සහ වෛරී ප්‍රකාශයට උඩගෙඩි දීමය. උන්වහන්සේලා ඒවා තම සමාජ මාධ්‍ය ගිණුම්වල ශෙයා කළේ ගිහියන්ටත් වඩා ඉක්මනින් සහ ආවේගාත්මකවය.

“වෛරයෙන් වෛරය නොසංසිඳේ” යන උතුම් බුද්ධ වාක්‍යය තඹයකටවත් නොතැකූ සමහර බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ඒ ප්‍රචණ්ඩ කතාව මහා ඉහළින් ඇගැයීම බෞද්ධයින්ගේ අභාග්‍යයක් දැයි සිතේ. “අපටත් ඕන ඔබ වගේ ක්‍රෑර පාලකයෙක්” ය යන්න උන්වහන්සේලා උජාරුවෙන් දේශනා කරති.

රටේ බහුතර ජනතාවගේ අවශ්‍යතාවය වන්නේ තමාට එරෙහිව නැඟී සිටින විරුද්ධ මතධාරීන් විනාශ කරන පාලකයෙකි. ඔහු අහිංසකයෙකු වුවද කම් නැත, විරුද්ධ මතධාරියෙකු නම් මරා විනාශකර දැමිය හැක. එයට ජනතාවගේද අකැමැත්තක් නැත. ජනතාව කැමැති එවන්  Terminator කෙනෙකුටය. සමහර භික්ෂුන් වහන්සේලා කැමැති හිට්ලර්වන් පාලකයෙකුටය. වත්මන් පාලකයාද දැන් දැන් එම ඉල්ලුමට සැපයුම ලබා දෙන්නෙකු බවට පත් වී ඇති බව ඔහුගේම කතාවෙන් පසක් වේ. ඔහු අසාර්ථක බව පිළිගැනීමට මැලිය. ඒ බව විරුද්ධ මතධාරීන් පෙන්වා දෙනවිට ත්‍රස්තවාදීන් මරා දැමූ ආකාරයට ඔවුන්ගේ ඉරණමද විසඳිය හැකි බව තර්ජනාත්මකව පවසන්නේය. ඔහු ගැලරිය පිනවීම නතරකර නැත. රටට වැඩක් කරනවාට වඩා ගැලරිය පිනවීමට මුල්තැනක් දී ඇති සෙයකි. ගැලරියට අවශ්‍ය වන්නේ විරුද්ධ මතධාරීන්ගෙන් පළිගන්නා, මර්දනකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයෙකි. මන්දයත්, එහි බරපතළකම පිළිබඳව තවමත් ජනතාවට නිවැරැදි අදහසක් නොමැති බැවිනි.

ඔවුනට ධාර්මික පාලකයෙකු අවශ්‍ය නොවන්නේය. ධාර්මික පාලකයා ඔවුනට “කොන්ද පන මදිය”. මිනී මරන, ද්වේශයෙන් රට පාලනය කරන්නේ ඔවුනට අනුව නම් නියම පාලකයාය. එවන් ඒකාධිපති පාලකයින්ට උදාහරණ ලෝකයේ රටවලින් ඕනෑ තරම් ගත හැක. එම රටවලට අත් වූ දශාවද සොයා බැලීම වටී. කෙසේ නමුත් ද්වේශයෙන් රට පාලනය කිරීමට උඩගෙඩි දෙන සහ විරුද්ධ මතධාරින් විනාශ කරනවාට කැමැත්තකින් පසුවන පිරිස් බොහෝමයකගේ බෞද්ධකම වෑහෙන්නේය. පාලකයින්ගේද හිසේ සිට දෙපතුල දක්වා බෞද්ධකම වෑහෙන්නේය. නමුත් සිත තුල වෛරය ය, ද්වේශය ය, බලයට කෑදරකමය. ප්‍රජාතන්ත්‍රවාදයටත්, බෞද්ධකමටත් සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ජීවන සහ පාලන රටාවක් සහිත ඔවුන් පිටතට පෙන්වන්නේ තමන් බෝසතුන් කියාය.

බෞද්ධ නායකයෙකු ඕනෑ කී ජනතාවට දැන් එය ලැබී ඇත. ජනතාව දැන් විමසිලිමත් විය යුත්තේ ඔහු සැබැවින්ම බුද්ධ ධර්මයට අනුව කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුද යන්නයි. නමට බෞද්ධයින් අද වැහි වැහැලාය. එනිසා බෞද්ධ නායකයෙකු ඉල්ලා සිටින ජනතාව ප්‍රථමයෙන් බුද්ධ ධර්මය පිළිබඳ යම් හැදෑරීමක් කොට එම ධර්මය කවරක්ද යන්න අවබෝධකර ගැනීම වටී. තවද, තම නායකයා එම උතුම් ධර්මයට අනුකූලව රාජ්‍යය පාලනය කරනවාද නැතහොත් බෞද්ධ වේශයක් මවාගෙන සහමුලින්ම බුද්ධ ධර්මයට පටහැනි දෑ කරමින් සිටිනවා ද යන්න සොයා බැලීම වටී.

Share Article

Follow Me Written By

පංචමී හේවාවිසෙන්ති

Other Articles

Previous

වසංගතය සමඟ නව වසර සැලසුම් කිරීම

Next

ශ්‍රී ලාංකීය අධිකරණ පද්ධතිය දූෂිත ද?

Next
January 13, 2021

ශ්‍රී ලාංකීය අධිකරණ පද්ධතිය දූෂිත ද?

Previews
January 2, 2021

වසංගතය සමඟ නව වසර සැලසුම් කිරීම

All Right Reserved!