අපට පලතුරු විවිධාකාරයෙන් ආහාරයට ගත හැකිය. බොහෝ විට අප පලතුරක් එලෙසින්ම ආහාරයට ගන්නා අතර, සමහරවිට සලාද සහ බීම ලෙසද ආහාරයට ගන්නෙමු. ස්මූති ලෙස හඳුන්වන පලතුරු බීම සාමාන්‍ය පලතුරු බීම වර්ගයකට වඩා උකු බවින් වැඩිය. ස්මූති සඳහා පලතුර සමඟ කිරි එක්කර ගනු ලැබේ. එයට එළකිරි හෝ වෙනත් කිරි වර්ගයක් එක්කර ගත හැක. මෙම කෙසෙල් ස්මූති එකේ විශේෂත්වය වන්නේ එයට සෝයා කිරි එක් කිරීමයි. එනිසා මෙය වීගන් ස්මූති එකක් ලෙසත් සැලකිය හැක.
අවශ්‍ය ද්‍රව්‍ය
කෙසෙල් ගෙඩි 5ක්
සෝයා කිරි මිලි ලීටර් 500ක්
මී පැණි රස අවශ්‍ය පමණ
අයිස් කියුබ්
කුරුඳු කුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
කෙසෙල් ගෙඩි සහ සෝයා කිරි (අවශ්‍ය නම් අයිස් කැට කිහිපයක් දමා ගන්න) බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු වීදුරුවලට දමා ඊට උඩින් කුරුඳු කුඩු ස්වල්පයක් ඉස පිළිගන්වන්න.