කදුළු
කඳුළු ගෑස් එහෙමත් නැතිනම් මේ Tear gas කියන්නෙ ඇස්වල කඳුලු, වේදනාව හා ඇතැම් විට තාවකාලික අන්ධතාවයක් ඇති කිරීමට භාවිතා කරනා රසායනික සංයෝග කීපයක් වේ. මෙය විශේෂයෙ න් නිපදවා ඇත්තෙ ස්වයං ආරක්ෂක ක්‍රම හා විශාල කලහාකාරි පිරිසක් විසුරුවා හැරීම සඳහා යොදාගැනීමට යි. අනිත් කාරණාව තම යි තමා මේවට ගෑස් ගැස් කිව්වට මේවා ඇත්තටම ගෑස් නෙමෙ යි. මේක Liquid (දියර) Solid ද්‍රවයක් (නිකන් පවුඩර් වගෙ ඝන ද්‍රවයක්). මේවා හදන්නෙ කෑන් එකක් තුලට Liquid හෝ Solid වශයෙන් තියෙන රසායනික සංයෝග කිහිපයක් අධි පීඩනයකට යටත්ව පිරවීමෙනු යි.
කඳුළු ගෑස් වැඩ කරන්නේ කොහොමද?
මේවා වැඩ කරන්නෙ මෙහෙම යි. කදුලු ගෑස් අඩංගු කෑන් එකකින් ප්‍රහාරයක් එල්ල කරා ට පස්සෙ ඔයාගෙ ශරීරයෙ තියෙන lacrimal ග්රන් ථි වල මේක වදිනවා. එතකොට ඒ හර හා ඔයාගෙ මොලයට සංඥාව ක් යනවා. ඒ අනුව මොළ ය තීරණය කරනවා ඔයා ගේ ඇස්වල වේදනාව, කඳුලු, හුස්ම ගැනී මේ අපහසුතා වගෙ දේවල් ඇති කරවන් න. ඔයා ළූ ණු ගෙඩියක් කපද් දි, දෙ හි ඉස්ම ඇහැට විසික් වෙද්දි, දර කැබලි පිච්චෙන දුමට නිරාවරණ ය වීමෙදි ව ගේ ඇති වන්නෙත් මේ කියපු ක්‍රියාවලියට ටිකක් සමාන දෙයක් තමා.
මේ Tear gas එහෙමත් නැතිනම් මේ කඳුලු ගෑස් වලට භාවිතා කරන්නෙ මොනවද ?
මේකට බහුලවම භාවිතා වන්නෙ Corson Stoughton කියන වායු ව. ඊට අමතරව.
- Chloroacetophenone හෙවත් Phenyl chloride
- Dibenzoxazepine හෙවත් CR Gas
- Oleoresin capsicum (OC)
- Nonivamide හෙවත් pelargonic acid vanillylamide (PAVA)
Pepper spray කියන වර්ගයත් භාවිතා වනවා. නමුත් බහුලව ම භාවිතා වන්නෙ අර උඩ කියපු CS GAS තමා.
මේ CS Gas ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන් න හේතුව තමා මේකෙ තියෙන Low Toxic ගතිය. (කැරලි මර්දනේට ගැහුවත් ඔක්කොම මිනිස්සුනෙ.) මේ CS GAS ගැන කියද්දි විශේෂයෙන් ම මතක් කරන් න ඕන දෙයක් තමා මේ දේ සොයාගත්තු අය ව. කදුලු ගෑස් සොයාගන් නේ 1928දි ඇමෙරිකාවෙ විසු විද්‍යාඥය න් දෙන්නෙක් වන Ben Corson සහා Roger Stoughton යන පුද්ගලයින් දෙදෙනා විසිනි.
කඳුලු ගෑස් ප්‍රහාරයකට ලක් උනොත් එකෙන් ගැලවෙන්නෙ කොහොමද?
ලබන 3 වන ඉරිදා අරගලයට යන්ඩ ඔයාලට මේක බොහොදුරට වැදගත් වෙ යි. ඒක නිසා මේ කියන් න යන ටික හොඳින් කියවා අවබෝ ධ කරගන් න. මේකට කරන් න පුළුවන් හොඳම දේ තමා ගෑස් මාස්ක් එකක් පළඳින එක. නමුත් ඔයාලට ගෑස් මාස්ක් එකක් හොයාගන්ඩ අමාරුනම් Swimming සඳහා භාවිතා කරන goggles දෙකක් පාවිච්චි කරන්න. ඒකත් හොයාගන් න අමාරුනම් 5L හෝ 7L වතුර කෑන් එකක් හොයාගෙන ඒක තමුන්ගෙ මුහුනට සරිලන පරිදි කපාගෙන මුහුණු ආවරණය ක් ලෙස සකස් කර ගන් න.
මීට අමතරව ටිකක් තද මාස්ක් එකක් හෝ ස්කාෆ් එකක් නහයට කටට තදවන සේ ස්කාෆ් එකක් අනිවාර්යයෙන් පළඳින් න. නමුත් අනිවාර්යයෙන්ම මතක තියාගන්ඩ ඕන තව දෙයක් තමා ඇඟට හිර නැති අත්දිග ඇඳුමක් තද නැති ඩෙනිම් කලිසමක් ඇඳගෙන යන්ඩ මෙමගින් මේවා සමෙහි තැවරීමට ඇති සම්භාවිතාව අවම කරනවා.
ඒ වගේම මේවා හමේ වැදුනාම දැවිල්ල අල්ලන් න පුළුවන්. ඒක නිසා අත හෝද ගැනීම වතුර බෝතලයක් හෝ තෙත් වෙච් ච කුඩා තුවා කැල්ලක් හෝ අනිවාර්යෙන් ල ඟ තබා ගන්න. මේ තෙත තුවා කැබැල්ල මගින් මුහුණ හා අත් හොඳින් පිස දමා ගන් න.
මීට අමතරව ඔයාලට කරන් න පුළුවන් තවත් ලේසිම දෙයක් තමා දැවිල්ල අල්ලපු ගමන් පුළුවන් තරම් දහඩිය පිටවන විදිහට වේගයෙ න් දුවන එක එතකොට සම මතුපිටට එන දහඩිය මගින් මේවා ඉබේම සොදාහරිනවා එමගින් ඔයලට යම් කිසි සහනයක් ලැබෙ යි.
මම මේ කියපු කරුණු වලින් මොන වර්ගයේ කඳුලු ගෑස් ශ්‍රී ලංකා පොලීසිය විසින් භාවිතා කරනවා කියන එක නම් හරියටම කියන්න දන්නේ නෑ. නමුත් මම මේ කියපු ආරක්ෂණ පිළිවෙත ඒ ඕනෑ ම ක්‍රමේකට එරෙහිව පාවිච්චි කරන්ඩ පුළුවන්. 100%කම ආරක්ශාවක් නැතත් බොහො දුරට මේකෙන් ඔයාලට යම්කිසි සැලකිය යුතු මට්ටමකට ආරක්ෂවක් සහ සහනය ක් ලබා ගන් න පුළුවන්.
මීට අමතරව Flashbang වගෙ ඒවත් කැරලි මර්දනේදි යොදාගන්නවා. මේවා වැඩ කරන විදිහත් ඔයාලට දැනගන්ඩ ඕනෙනම් කමෙන්ට් එකක් දාන් න. වෙලාව ක් තිබුනොත් මම මේකටම ඒකත් අප්ඩේට් කරන්නම්.
උපුටාගනීමකි……