අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව ලොව පුරා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයයි.
රටේ සමස්ථ ජනගහනයෙන් 53%ක් කාන්තාවන්ය. ඡන්ද දායකයින් අතරින් 56% ක් කාන්තාවන් ය. ශ්‍රී ලාංකික කාන්තාව රටේ ආර්ථිකයට විශාල මෙහෙයක් කරයි. රටේ ප්‍රධාන ආර්ථික කුළුණු වන විදේශ රැකියා, ඇඟලුම් හා වැවිලි කර්මාන්තයෙහි ප්‍රධාන ශ්‍රම දායකත්වය සපයන්නේ කාන්තාවන් ය. එසේම, විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 60%ක් පමණ ද කාන්තාවන් වේ. රජයේ සේවකයන් අතර කාන්තා ප්‍රතිශතය 40% ඉක්මවයි. පළාත් සභා සේවය තුළ සිටින රජයේ සේවකයන් අතර කාන්තා ප්‍රතිශතය 59.7%කි.
2014 වන විට අමාත්‍යාංශ ලේකම්වරුන් අතරින් 20%ක් කාන්තාවන් වූ හ. සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරු අතරින් 59.6%ක් ම හෙබ වූයේ කාන්තාවන් විසිනි. එහෙත්, අති බහුතරයක් (73.2 %) කාන්තාවන් සේවයේ නියුතුව සිටින ගුරු වෘත්තිය තුළ විදුහල්පතිනියන් සිටියේ 20%ක් පමණි. එහෙත්, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන් තුළ කාන්තා ප්‍රතිශතය පිරිමි ප්‍රතිශතයට ආසන්න මට්ටමක තිබේ. එවැනි පසුබිමක කාන්තාවන්ට තීරණ ගැනීමේ ව්‍යූහයන් තුළ නිසි තැන ලබා දීම අතිශය වැදගත් වේ.
එහෙත් පාර්ලිමේන්තුවේ සිටින කාන්තාවන් සංඛ්‍යාව පැත්තෙන් ගත් කල අප සිටින්නේ 136වන ස්ථානයෙහි ය. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ක් පමණ වීම එයට හේතුවයි. කාන්තාවන් 1.98 ක් නගර සභාවල 4 % ක් පළාත් සභාවල සිටින අතර ජන අනුපාතයත් සමඟ ගත් විට මෙය මුළුමනින්ම විකෘතියකි.