Teenage කාලේ වගේ නෙවෙයි අවුරුදු 23 ක් 24 ක් වෙද්දි ආදරේ කරන එක වගේම ආදරෙ ලබන එකත් හරි සියුම් දෙයක් වෙනවා.
ඔයාට තවත් කෙනෙක් සම්පූර්ණයෙන්ම accept කරන්න වෙනවා. ඒ වෙද්දි ඒ ජීවිතේ teenage කාලේ වගේ ලස්සන වීදුරුවක් නෙවෙයි. සෑහෙන්න කඩතොලු තියේවි. සෑහෙන්න ලස්සන හිනාවක් ඇතුළේ අනන්තවත් දුක කතා ගොඩක් තියේවි. අනන්තවත් කලු කුහර තියේවි. අඳුරු කතා දුක්ඛ කතා ගොඩක් තියේවි. දෙන්නටම දෙපැත්තෙන් කියන්න දෙන්නට ආවේණික වුණ සංවේදී ජීවිත කතාවක් තියේවි.
සම්මත අසම්මත හරි වැරදි හොඳ නරක නව අත් හදා බැලීම් වගෙ ගොඩක් කතා තියේවි. සාමාන්‍යයෙන් ජීවිතේ අතපත ගාපු තරුණයෙක් තරුණියක් සතුව අමුතු විදියෙ ජීවන කතාවක් තියෙන එක සාමාන්‍යයි.
එහෙම කෙනෙක් බාර ගන්න වෙද්දි ඒක හරිම පරිස්සමෙන් කරන්න වෙනවා වගේම ඒක ලොකු අභියෝගයක් විදියට මම දකිනවා. අපි මේ teenage කාලේ කල ආදර වගේ නෙවෙයි මේ කාලෙදි breakup එකක් වුණත් අපිට සෑහෙන්න දැනෙනවා. අපේ ජීවිත මේ වෙද්දිත් තුවාල ලබා ඇති නිසා ඒවට බෙහෙත් කරන්න ආව දොස්තරත් ඒ ජීවිතේ උඩ පිනුම් ගහද්දි ඉහිලුම් නැතුව යනවා. ඒ කාලේ දී අපිට තිබුනේ සත්‍ය ප්‍රේමය විතරක් වුණාට, දැන් අපේ ජීවිත අතිශයින්ම සංකීර්ණ වෙලා. උරහිසක් ඕන වුණත් උරහිසක් තිබුණත් තමන් වෙනුවෙන්වැ ලපෙන්නවත් වෙලාවක් නැති වෙලා.
ආදරේ ලබන්න මේ ලෝකේ සියල්ලෝ සුදුස්සො වුණත් ආදරේ කරන්න මේ ලෝකෙ හැමෝම සුදුස්සො නෙවෙයි. තවත් මිනිස් ආත්මයක් සම්පූර්ණයෙන්ම accept කරන්න මේ ලෝකේ හැම මනුස්සයෙක්ටම බෑ. ඒකට විසල් වූ ආදරණීය හදවතක් ඕන.
මනුස්සයෙක්ගේ ජීවිතේ අතීතය වර්තමානය සේම අනාගතයත් accept කරන එක ලේසි කාරණයක් නෙවෙයි. ඒක එක්තරා විදියක ආදරණිය අභියෝගයක්.
ඉතින් ඒකයි කියන්නේ ආදරේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ආදරේ කියන්නේ කරන්නම් වාලේ කරන්න පුළුවන් එකකුත් නෙවෙයි. තමන් ඒ අභියෝගය බාර ගන්න දක්ශයෙක් නෙවෙයි නම් ජීවිත එක්ක බෝල ගහන්න අපි කවුරුත් තවත් ජීවිතයක් අපෙ කරට නොගෙන ඉන්න එක හොඳයි. මොකද මේ වෙද්දිත් ඒ ජීවිත හීරුම් තුවාල වලින් යුක්තයි. අපි තවත් ඒ ජීවිත වලට කැපුම් තුවාල නොදි ඉමු.
ඒ වගේම ආදරේ කරපන්, කාව හරි හොයා ගනින් ගගා කාටවත් බල කරන්න එපා. ඒ මනුස්සයා කාගෙ හරි බල කිරීමකට කාගේ හරි ඇඟක එල්ලුනොත් එතෙන්දි අවදානමක් වෙන්නේ එකී ජීවිත දෙකකට. ආදරේ කරන්න සමහරු ඉගෙන ගන්න කල් යනවා. ඒක නිසා ආදරේ කරන්න නිශ්චිත වයසක් නෑ. ඔයා ආදරේ අභියෝගය ඉගෙන ගත්දාට ඒ අභියෝගය ජයගන්න තරම් දක්ශයෙක් වුණදාට ඒ අභියෝගය බාර ගන්න.
බැරි බර කවුරුත් කියන පලියට ඉස්සුවොත් වෙන්නේ කොන්දෙ පොට යන එක.
උපුටා ගැනීම – මුහුණු පොතේ “කණාමැදිරියෙක් “පිටුව ඇසුරෙනි.