• ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
කුවේණි.lk

Type and hit Enter to search

  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
කුවේණි.lk
  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
Life Styleඅද රටකුවේණි.lkජීවිතයදේශපාලනයනීතියපිට රටවිශේෂාංගවීඩියෝසම්මුඛ සාකච්ඡා

සන්නා මාරීන්ගේ අගමැති ධූරය අවධානමේ !

editor1
September 9, 2022 5 Mins Read
60 Views
0 Comments

ෆින්ලන්තයේ වත්මන් අගමැතිනි සන්නා මිරෙල්ලා මාරීන් ලොව ළාබාලතම රාජ්‍ය නායකයන් අතරින් එක් අයකු ලෙස බුහුමනට පාත්‍ර වන්නියකි. එසේම කොරෝනා වසංගත සමයේදී එය සාර්ථකව මැඬලීමට සමත් වූ රාජ්‍ය නායකයන් අතර ද පෙරමුණේ සිටින්නියකි. වයස අවුරුදු තිස් හතරක ළාබාල කාන්තාවක ලෙස 2019 දෙසැම්බර් 08 වැනි දා ඇය හාපුරා කියා අගමැති ධූරයට පත්වූ කළ ලොවේ ම අවධානයට ලක්වීමට තරම් වාසනාවන්ත වූවා ය.

ඒ ෆින්ලන්ත ඉතිහාසයේ අගමැති ධූරයට පත්වූ ළාබාලත ම තැනැත්තා මෙන්ම ලොව 03 වෙනුවට ළාබාලතම රාජ්‍ය නායිකාව වීම නිසාය. ඇය සමස්ත ජාත්‍යන්තරයේම අවධානය දිනා ගනිමින්, කතාබහට ලක්වන උණුසුම් පුවතක හිමිකාරිය බවට යළිත් වරක් පත්ව සිටින්නීය. ඒ මීට සති කිහිපයකට පෙර ඇය සහභාගී වූ බව කියන එක්තරා සාදයක දී ඇය හැසිරුණු ආන්දෝලනාත්මක ආකාරය නිසා ය.

සන්නා මාරීන් මිය

සමාජ මාධ්‍ය කැලඹූ ඡායාරූප

ආන්දෝලනාත්මක යැයි පැවසූව ද, එය සන්නා මාරීන් වැනි වයස අවුරුදු 36 ක තුරුණු කාන්තාවක සම්බන්ධයෙන් එතරම් පුදුම විය යුතු හෝ වපරැසින් බැලිය යුතු ආකාරයේ සිද්ධියක් නොවේ. සිය මිතුරු මිතුරියන් පිරිසක් සමඟ සාදයකට සහභාගී වූ මාරීන්, එවැන්නකට සහභාගි වන වෙනත් ඕනෑම අයකු මෙන් මධුවිත බිඳක් තොල ගා නර්තනයේ යෙදුණාය. එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් සිදුවන පරිදි දිගට හරහට ජංගම දුරකතන කැමරා ඉදිරියේ ඡායාරූපවලට පෙනී සිටීමට ද මෙම විනෝදකාමීන් දෙවරක් සිතුවේ නැත.

එකිනෙකා වැලඳ ගනිමින් කෙළිදෙළන් යුතුව ඡායාරූපවලට පෙනී සිටියවුන් අතර සන්නා මාරීන් ද වූවා ය. වයස අවුරුදු තිස් ගණන්වල පසුවන සාමාන්‍ය කාන්තාවකට එය සාමාන්‍ය සිදුවීමක් විය හැක. සන්නා මාරීන් සම්බන්ධයෙන් එය එසේ වන්නේ නැත. ඒ ඇය සාමාන්‍ය කාන්තාවක නොව ෆින්ලන්ත අගමැතිවරිය වන නිසා ය. ඇගේ මෙම විනෝද රැඟුම් රැගත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ද ඇයට එල්ල වූ දේශපාලනිකමය පීඩනය හමුවේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ පරීක්ෂණයකට ද පෙනී සිටීමට ද සන්නා මාරීන්ට සිදුවූවාය. කෙසේවුවද ඇගේ වාසනාවකට මෙන් එහි ප්‍රතිඵල ධනාත්මක වුණේ නැත.

සමාජ මාධ්‍ය කැලැඹූ සාදයේ ඡායාරූප කිහිපයක්.

මෙම සිදුවීමෙන් හට ගත් උණුසුම පහව යාමටත් ප්‍රථම ඇගේ අගමැති නිල නිවසේ පැවැති වෙනත් උත්සව අවස්ථාවක දී සමාජයේ ප්‍රකට පුද්ගලයන් දෙදෙනෙක් අඩ නිරුවතින් එකිනෙකා සිප වැලඳ ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යවලට මුදා හැරිණි.

ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට පවා සන්නා මාරීන් ඉදිරිපත් වුණේ එය ‘නුසුදුසු වූවක්‘ බව පිළිගනිමිනි. මෙම සිදුවීම් ද්විත්වය ම ළාබාල අගමැතිවරියගේ ධූරය කෙරෙහි අසුබවාදී අන්දමින් බලපෑම් කිරීමට හේතුව ඇති බව තවදුරටත් රහසක් නොවේ.

සාදයේ විනෝදවන සන්නා මාරීන් (වමේ)

සම්භාව්‍ය දේශපාලනයට පටහැනි හැසිරීමක්

“දේශපාලනඥවරියක් කියන්නේ මහජනතාවගේ සිනහවට ලක්විය යුතු කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඇගේ ධූරය ලොකු ම අවදානමකට ලක්වෙලයි තියෙන්නේ.” එසේ කියන සන්නා මාරීන්ගේ සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයේ හිටපු ලේකම්වරයා වන මිකායෙල් ජුන්ගර් සැක පහළ කරන්නේ ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් සන්නා මාරීන් ජය ලැබීම ද අනියත බවය. ජුන්ගර් පවසන පරිදි මෙහිදී ගැටලුව වන්නේ අගමැතිවරිය ප්‍රිය සාදයේ යෙදීම නොවේ. ගැටලුව වන්නේ ඇය එලෙස සාද පැවැත්වූයේ වැරදි පුද්ගලයන් සමඟ වීමය.

යම්හෙයකින් ඇය ළමාවියේ මිතුරන් හෝ ඇගේ දේශපාලනික පක්ෂයේ සාමාජිකයන් සමඟ සාද පැවැත්වූවා නම්, ෆින්ලන්තවාසීන්ට එය ගැටලුවක් නොවන්නට තිබිණි. රටේ නම ගිය ජනප්‍රිය චරිත, පොප් තාරකා හා මාධ්‍ය වාර්තාකරුවන් සමඟ අගමැතිවරිය එලෙස විනෝද වීම මතභේදාත්මක ය. එය ෆින්ලන්තයේ සම්භාව්‍ය දේශපාලනයට අනුගත වන්නේ නැති බව කියන්නේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ දේශපාලනය පිළිබඳ විද්‍යාඥවරියක වන ජොහැන්නා වුරෙල්මා ය.

ඡායාරූප සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින්.

අගමැතිවරිය වෙනුවෙන් කාන්තාවන් පෙරට

“ෆින්ලන්ත අගමැති නිල නිවෙස වන ‘කෙසරන්ටාව‘ සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පූජනීය ස්ථානයක් ලෙසයි. එතැන ඉඳලා අඩ නිරුවත් ඡායාරූප ගන්න එක ෆින්ලන්තවාසීන්ට කොහොමටවත් රුස්සන්නේ නැහැ.” වුරෙල්මා කියයි. අනෙක් අතට මාරීන්ගේ මෙම සාදය ආන්දෝලනයට ලක්ව තිබෙන්නේ ලිංගිකත්වය හා බැඳුණු තේමා මුල්කර ගෙන බව පවසන පිරිසක්ද සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ මෙබඳු සාද සම්බන්ධයෙන් දෝශ දර්ශනයට ලක්වූ පළමු රාජ්‍ය නායිකාව මාරීන් නොවන බවය.

ෆින්ලන්තයේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද කාන්තාවන් සමාජ මාධ්‍ය ඔස්සේ තම තමන් විනෝද වන ඡායාරූප පළ කරමින් අගමැතිවරිය වෙනුවෙන් පෙනී සිටියේ එලෙස විනෝදවීම එම වයසේ පසුවන සුරූපි කාන්තාවකට අකැප වූවක් නොවන බව පවසමිනි. සන්නා මාරීන් ද ඔවුන්ගේ එම අදහසට විරුද්ධ වන්නේ නැත. පසුගිය දිනක දී මෙම ඡායාරූප හා සිද්ධිය සම්බන්ධයෙන් ඇය කියා සිටියේ සිය ජිවිතයේ අඳුරු කාලපරිච්ඡේදවල දී යම් සතුටක්, විනෝදයක් ලැබීමට ඇයට ද අවශ්‍ය බව යි. ඇය සාමාන්‍ය කාන්තාවක ලෙස පෙනී සිටීමට පෙර සිටම රුචි කරන්නියක ලෙස ප්‍රකට ය. සමලිංගික මාපිය යුවළකගේ දරුවෙක් ලෙස සිය පවුලේ සාමාජිකයන් අතරින් විශ්වවිද්‍යාල වරම් ලැබූ පළමුවැන්නා වන මාරීන්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත වන අවදියේ දී පවා බේකරියක අයකැමිවරියක ලෙස සේවය කළා ය.

සන්නා මාරීන් සිය විවාහ දිනයේ දී.

කෙසේ වුවද ජුන්ගර් හා වුරෙල්මා ද තර්ක කරන්නේ සන්නා මාරීන්ගේ වැනි තත්වයකට මුහුණ දුන්නේ පිරිමියකු නම් එල්ල වන ප්‍රතිචාර මීට වඩා හාත්පසින් ම වෙනස් වනු ඇති බවය. හැඟීම් අවුළුවාලන ආකාරයෙන් නර්තනයේ යෙදීම හා සාද දැමීම පිරිමියකු සම්බන්ධයෙන් නම් ඉමහත් විනාශකාරී ප්‍රතිඵල ගෙනෙන්නට තිබූ බව ඔවුන්ගේ අදහස යි. සිවු හැවිරිදි දියණියකගේ මවක ලෙස මාරීන්ගේ හැසිරීම කිසිසේත් ම පිළිගත නොහැකි බවට විවේචන එල්ල වුව ද, පියකුට එවැනි කාරණයක් සම්බන්ධයෙන් කවර නම් විවේචන එල්ලවේ ද යන්න සිතා ගැනීමට පවා නොහැකි බව යි ජුන්ගර් පවසන්නේ. හොඳ ම නිදසුන වන්නේ 2018 වසරේ දි සිදු වූ ෆින්ලන්ත ග්‍රීන් පක්ෂයේ හිටපු සභාපති ‘ටූකෝ ආල්ටෝ’ සම්බන්ධ සිද්ධිය යි. සමලිංගිකයන් සඳහා වූ සමාජ ශාලාවක උඩුකය නිරුවතින් ටූකෝ රඟන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමට තරම් ඔහුට එල්ල වූ විවේචන නිර්දය විය.

කෝවිඩ් සෞඛ්‍ය ආරක්ෂක පූර්වෝපායන් බිඳ හෙළීමක්

සන්නා මාරීන් සාද පැවැත්වීම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ. ඉකුත් වසරේ දෙසැම්බරයේ දී ද ඇය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේ කෝවිඩ් ආසාදිතයකු සමඟ ඇසුරකින් පසු රාත්‍රි සමාජ ශාලාවක සාදයකට සහභාගි වීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. එම අවස්ථාවේදී ඇය අමතක වීමෙන් ඇගේ රාජකාරී දුරකතනය නිවසේ දමා යාම නිසා, තමා ආසාදිතයකු හා සම්බන්ධ වී ඇති බැවින් හුදෙකලා වන ලෙසට ලබා දුන් සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් මඟහැරී තිබේ. දැඩි ප්‍රතිපත්ති, ශක්තිමත් නායකත්ව ගුණාංග හා දැඩි තීරණ ගැනීම සම්බන්ධයෙන් ප්‍රකට රාජ්‍ය නායිකාවක ලෙස සන්නා මාරීන්ගෙන් මෙබඳු වගකීම් විරහිත හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකි බව යි එකල විද්වතුන් පෙන්වා දුන්නේ.

කෙසේවුව ද ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මෙම සිද්ධිය ආන්දෝලනයට ලක් ව තිබෙන්නේ කෝණ දෙකකින් වීම විශේෂත්වයකි. ෆින්ලන්තයේ දී ඇගේ මෙම හැසිරීම අගමැතිවරියක යන තනතුරට නුසුදුසු වීමත්, දේශපාලනිකමය හා නෛතික කාරණා නිසාත් ආන්දෝලනයට ලක්වෙද්දී, ජාත්‍යන්තරය එදෙස බලන්නේ සදාචාරාත්මක කෝණයකිනි. ඒ සන්නා මාරීන් යනු ලොව ළා බාලත ම රාජ්‍ය නායිකාවක වීම නිසා ය. ඒ අතර ඇගේ දේශපාලනික විරුද්ධවාදීන් මෙම සිද්ධිය ඇයට එරෙහි සාක්ෂියක් කරගෙන තිබෙන්නේ ඇය රටේ වැදගත් යැයි සම්මත කාරණාවලට නිසි අවධානයක් නොදෙන බව ඔප්පු කිරීමට ය.

යුක්රේන යුද්ධය නිසා අලාභ ලබමින් තිබෙන Uniper නමැති ගෑස් සමාගම ජර්මනියට බදු දීම හා නේටෝවේ සාමාජිකත්වය ලැබීම වැනි දැවෙන අර්බුද මැද, රටේ අගමැතිනිය සාද දැමීම ඇගේ විරුද්ධ පාක්ෂිකයන්ට රුස්සන්නේ නැත. මේ නිසා ලබන වසරේ පැවැත්වෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ (Social Democratic Party) නායකත්ව මැතිවරණයේ දී ඇයට පක්ෂ නායකත්වය අහිමී වීමට ද මෙම සාදය හේතුවක් වනු ඇති බවට මත පළවේ.

සන්නා මාරීන් සිය දියණිය එමා සමඟ පාර්ලිමේන්තුවේ දී

දීර්ඝකාලීන වශයෙන් සැලකූ කල මෙම සාදය හා සම්බන්ධ සිද්ධිය නිසා විශේෂයෙන් ම කාන්තාවන් හා තරුණ ෆින්ලන්ත ප්‍රජාව අතර ඇයට ඉහළ ජනප්‍රියත්වයක් හිමිවනු ඇති බවට ජුන්ගර් අනාවැකි පළ කරයි. මෙවැනි අපවාදාත්මක සිද්ධිවලට නිබයව මුහුණ දී, ඒවායෙන් ජය ගන්නා නායකයන්ට ෆින්ලන්ත වැසියන්ගේ විශේෂ ප්‍රසාදය නිතැතින් ම හිමිවන්නකි. එවැනි සිද්ධිවලින් යමකුගේ ආත්ම විශ්වාසයේ තරම ඔප්පු වන බව ඔවුන්ගේ හැඟීමයි.

“මට නම් හිතෙන්නේ 2024 ජනපතිවරණයෙනුත් ඇය ජය ගනීවි කියලයි. දැනටමත් ඇයට සහාය දක්වන පාක්ෂිකයන් විශාල පිරිසක් ඉන්නවා. එයාලා අතරේ ඇය රොක් තාරකාවක් විදිහටයි සැලකෙන්නේ. මං එයා වගේ කෙනෙක් තාම දැකලා නැහැ. එයාට තව දුර ගමනක් යන්න තියෙනවා.” ජුන්ගර් පවසයි.

උපුටා ගැනීම -Roar media වෙබ් අඩවිය ඇසුරෙනි.

Tags:

FinlandFinnish politicianForeign NewsPoliticsPrime Minister of FinlandSanna Mirella MarinThe World's Youngest Prime Ministerදේශපාලනයලොව ළාබාලතම රාජ්‍ය නායකයන්විදේශීය පුවත්සන්නා මාරීන්ෆින්ලන්ත දේශපාලනයෆින්ලන්තයෆින්ලන්තයේ වත්මන් අගමැතිනි

Share Article

Follow Me Written By

editor1

Other Articles

Previous

ධම්මපදයේ අත තබා දිවුරු බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම්වරිය !

Next

කිරීටයේ රැජිනගේ නොදන්නා රහස් !

Next
September 9, 2022

කිරීටයේ රැජිනගේ නොදන්නා රහස් !

Previews
September 9, 2022

ධම්මපදයේ අත තබා දිවුරු බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම්වරිය !

All Right Reserved!