සනීපාරක්ෂක තුවාවල මිල අධික වීම නිසා ග්‍රාමීය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුවියන්ගේ අධ්‍යයන කටයුතු සඳහා පැමිණීමේ බරපතළ අඩුවක් පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඒ බව පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළයෑම නිසා බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල දැරියන් පාසල් පැමිණීමේ අඩුවක් අප වෙත වාර්තා වී තිබෙනවා. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය කාන්තා සෞඛ්‍ය ගැන අවධානය යොමු කළ යුතුයි.”
මේ අතර ඖෂධ හිඟය උග්රවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්ට පෞද්ගලික ඔසුසැල්වලින් ඖෂධ මිලදීගැනීමට සිදුවී තිබේ.
කොළඹ ජාතික රෝහල, ජාතික අක්ෂි රෝහල සහ බදුල්ල මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක මතුවී ඇති ඖෂධ හිඟය තවදුරටත් උග්‍රවීමෙන් රෝගී ප්‍රතිකාර සේවාවලට දැඩි බාධා එල්ල වෙමින් පවතී.
උපුටා ගැනීම – Adaderana.lk