මිනුවන්ගොඩ පසලක දැරියක් දිවා ආහාරයට කලටි පොල් උලුප්පාගෙන ගෙනෙයි… 3 වසරේ දරුවෝ ව්‍යංජන රහිතව ඉතිරි සුදු බත් ඉල්ලාගෙන කති !
ගුරුවරු බත් පාර්සල් ගෙනත් දරුවන්ට බෙදති…
දිවා ආහාරය සදහා කළටි පොල් මද උලුප්පා රැගෙන ආ ශිෂ්‍ය නායක සිසුවියක් පිළිබඳව මිනුවන්ගොඩ අධ්‍යාපන කළාපයේ කනිෂ්ඨ ද්වීතියික පාසැලකින් තොරතුරු වාර්තා වේ.
මෙම සිදුවීම වාර්තා වන්නේ අද (21) උදේ වරුවේ සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල විසින් පාර්ලිමේන්තුව දෙවනත් කරමින් රටේ මන්දපෝෂණය සහ ආහාර හිඟය මාධ්‍ය වාර්තා කරන මට්ටමට නොමැති බවත් යම් යම් හුදකලා සිදුවීම් රටට ආදේශ කිරීම නින්දිත දේශපාලනයක් බවත් කියද්දීය.
දිවා ආහාරයට පොල් මද ගෙනැවිත් ඇත්තේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායිකාවක් ලෙසද එම විද්‍යාලයේ කටයුතු කරන සිසුවියකි.
තිදෙනෙකුගෙන් යුතු පවුලේ මද්දුමයා ඇය බවත් ඇයගේ පියා ප්‍රදේශයේ කුළී රැකියාවක නිරතව සිටින අතර මව ගෘහණියක් බවත් වාර්තා වේ. .
පාසැලේ දිවා විවේක අවස්ථාවේ අනෙකුත් ශිෂ්‍යයන් සමග ආහාර ගැනීම සදහා සූදානම් වූ අවස්ථාවේ දී ඇය ගෙනැවිත් ඇත්තේ කලටි පොල්මද බව නිරීක්ෂණය වී ඇත.
මෙම සිදුවීමත් සමගම එම පාසැලේ ගුරු භවතුන් දිවා ආහාර පාර්සල් කීපයක් සකස් කර ගෙන පැමිණ , එවැනි සිසුන් වෙත ලබා දීමට පියවර ගෙන ඇත.
මෙම සිද්ධියට සමගාමිව 3 ශ්‍රේණිය තුළ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ද මුහුණ පා තිබුණි . මෙම පාසලේ 1- 5 සිසුන් සඳහා දිවා ආහාර වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර එක් දිනයක පරිප්පු සහ බත් පමණක් ලබා දී ඇත.
පරිප්පු ඉවර වී ඉතිරි සුදු බත් ටික රැගෙන යද්දී එම දරුවන් ව්‍යාංජන රහිත සුදු බත් යළිත් ඉල්ලාගෙන කෑ බවත් මෙම සිසුන් පෙර දින රාත්‍රීයේත් ආහාර සදහා කිසිවක් ලබා ගෙන නොමැති බව ගුරුවරුන් විසින් අනාවරණය කරගෙන ඇත.
සටහන – ලංකාසර වෙබ් අඩවිය ඇසුරෙනි.