ලොව බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස වැඩි වශයෙන් කාන්තාවන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
දැනටමත් දොඹකර ක්‍රියාකරවන වෘත්තියේ කාන්තාවන් සීමිත පිරිසක් රැකියා කරන බවද ඔහු කියයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවන සභාවාරයට අදාළව ඊයේ (20) පැවැත්වූ පළමු රැස්වීම් වාරය අමතමිනි.
හෙට (22) අනුමතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත යටතේ වූ නියෝගය සදහාද මෙම රැස්වීමේ දී කාරක සභාවේ එකඟත්වය හිමි වී ඇත.
වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, එම්. එස් තව්ෆීක් සහ ෆයිසාල් කාසිම් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උපුටා ගැනීම – ලංකාසර වෙබ් අඩවිය ඇසුරෙනි.