ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අගෝස්තු මාසයේ උද්ධමනය වාර්තාගත ලෙස 70% සීමාව ඉක්මවා ඇති අතර ආහාර උද්ධමනය 84.6% දක්වා ඉතා ඉහළ අගයක පවතින බවට වාර්තා කරයි.
ශ්‍රි ලංකාවේ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව සකස් කෙරෙන මෙම උද්ධමනය පසුගිය ජූලි මාසයේ දී 66.7% ක් වූ අතර එය 70.2% ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර උද්ධමනය ජූලි මාසයේ දී 82.5% ක් වූ අතර 84.6% ක් දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව ආහාර නොවන භාණ්ඩ මත සැලකෙන උද්ධමනය ජූලි මාසයේ දී 52.4% ක් වූ අතර එය අගෝස්තු මාසයේ දී 57.1% ක බවට පත්ව ඇත. එමෙන්ම නිවාස කුලිය, ජලය, විදුලිය, ගෑස් සහ ඉන්ධනවලට අදාළව ඇගයෙන උද්ධමනය ජූලි මාසයේ 22.9% සිට 32.1 %ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇත.
ප්‍රවාහනය ට සම්බන්ධ උද්ධමනය වාර්තාගත ලෙස 117.1% ක් දක්වා ඉහළට ගිය අතර එය අගොස්තු මාසයේ 113.1% ක් දක්වා පහළ පැමිණ තිබේ.
උපුටා ගැනීම – ලංකාසර වෙබ් අඩවිය ඇසුරෙනි.