• ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
කුවේණි.lk

Type and hit Enter to search

  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
කුවේණි.lk
  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
FeaturedHealthLife Styleඉන්දියානු කෑමකෑම මේසයකුවේණි.lkතම්බපණ්ණියපිට රටබීම වර්ග

රසයෙන් ගුණයෙන් අනූන කස කසා !

editor1
October 7, 2022 3 Mins Read
46 Views
0 Comments

කස කසා ඇට නැතිනම් Sweet basil seeds. රසයෙන් වගේම ගුණයෙන් ද අනූන කස කසා ඇට ගැන දැනුවත් විය යුතු කරුණු.

මෙතරම් රසවත් කසකසා ඇට ලංකාවේ බහුලව වගා කිරීමක්නම් සිදු නොවේ. විශේෂයෙන් ම ඉන්දියාවේ වගා කරනු ලබන කසකසා ඇට ලංකාවට ආනයනය කරනු ලබන්නනකි. කසකසා ඇට ඉතා ඉක්නින්ම ජලයට සංවේදී ඇට වර්ගයක්. ජලය ගෑ වුණු සැනින් එම ඇට පිපිරී යයි. මේ නිසා කස කසා ඇට භාවියට ගන්නා ප‍්‍රමාණය පමණක් ක්ෂණිකව සෝදා පිරිසිදු කර භාවිතයට ගැනීමට අනිවාර්යයෙන්ම වගබලා ගත යුතුයි.

කස කසා ශාකය

බොහෝදෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම අලංකාරයත් සඳහා කස කසා ඇට යොදා ගැනේ. නමුත් බොහෝදෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය.

කස කසා යොදා ගනිමින් සකස් කළ ආහාර පාන කිහිපයක්

හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය.

කස කසා ඇට ග්‍රෑම් 100 ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28.13, ප්‍රෝටීන් ග්‍රෑම් 17.99, සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56, (මෙහි කොලෙස්ටරෝල් නැත) කෙඳි ග්‍රෑම් 19.5, පෝලේට් මයිකෝ ග්‍රෑම් 82, නියසීන් මිලිග්‍රෑම් 89, අන්තර්ගත වේ.

මීට අමතරව තවත් පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී.

  • කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක.
  • විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී.
  • ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී.
  • කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කෙරේ. අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක වේ.
  • කස කසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් (හෝමෝනය) පහළ බසී. එමඟින් මානසික පීඩනය දුරැකර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කෙරේ. මේ නිසා නින්දට පෙර කස කසා ඇට සහිත බීම වීදුරුවක් පනය කර නින්දට යාමෙන් මහන්සිය දුරැකර සුවබර නින්දක් උදාකරයි.
  • නිතරම තුවාල හටගන්නා රෝගීන්ට ද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක වේ. එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ.
  • මෙහි කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී. එම නිසා ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකාලයි. මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කෙරේ. මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වේ. සැලකිය යුතු ප්‍රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට උදව් කෙරේ.
  • පැලෝපීය නාල අවහිරතා මඟහැරේ.
  • ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතා ගුණදායක වේ.
  • සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ.
  • හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ගුණදායක වේ. දද කුෂ්ඨ ඇතිවීම වළකාලයි.
  • විටමින් B 6 අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ.
  • පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී.
  • විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබාදේ. තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට මෙය උදව් කෙරේ. පෙනීමට ඉතා ගුණදායක වේ.

නමුත් කිසි විටකත් එක දිගට සෑම දිනකම කස කසා ඇට ගැනීමත් බොහෝ ප්‍රමාණයක් එක්වරම ගැනීමත් අහිතකරය.

ගොඩදෙනෙක් උසට සරිලන ශරීර බරකට උරුමකම් කියන්නේ නෑ. ගොඩදෙනෙක් උවමනාවට වඩා මහතයි. ජිම් යන්න වෙලාවක් හොයා ගන්නබැරි, ඒ වෙනුවෙන් අමතර වියදමක් කරන්න බැරි අය වෙනුවෙන්, මේ කරුණු වැදගත් වේවී.

අද කාලේ අපි බටහිර වෛද්‍ය ක්‍රම පස්සේ ගියාට, ඉස්සර කාලේ හැම ප්‍රශ්නයකටම විසඳුම් දුන්නේ ස්වභාවික ක්‍රම වලින්. ඉතින් මේ පානයත් ඒ වගේ ස්වභාවික පානයක්.

අවශ්‍ය වෙන්නේ ගෙදරදීම අපිට හොයාගන්න පුළුවන් දේවල් කිහිපයක්.

  1. මීපැණි මේස හැඳි 1
  2. ලෙමන් ගෙඩි 1ක්
  3. කස කසා ඇට මේස හැඳි 1
  4. වතුර විදුරු 1 1/2ක්

කස කසා ඇට මේද දහනය කරන්න උපකාරී වෙනවා. අපි නොදන්නවා වුනාට කස කසා අතීතයේදීත් මේද දහනය වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා.

කස කසා ඇට වතුර ස්වල්පයක දාලා පැයක් විතර තියන්න. එහි පිටත වතුර බුබුලක් වගේ ආවරණයක් හැදෙනවානේ. ඒ කස කසා ඇට වල තියෙන තන්තුමය කොටස. ඒවා වතුර උරාගනවා. ඊට පස්සේ කස කසා, මි පැණි, ලෙමන් යුෂ සහ වතුර ඔක්කොම එකට බ්ලෙන්රඩයට දාලා බ්ලෙන්ඩ් කරන්න. හොඳින් මිශ්‍රණයක් හැදුනයින් පස්සේ මේක පානය කරන්න.

තොරතුරු – අන්තර්ජාලය ඇසුරෙනි.

Tags:

Healthy FoodsHealthy LifeIndiaMental HealthSweet basil seedsඉන්දියාවඖෂධීය ආහාරකස කසා ඇටකුෂ් කුෂ්පෝශණීය ආහාරසෞඛ්‍යමය ආහාර

Share Article

Follow Me Written By

editor1

Other Articles

Previous

රාවණා ඇල්ලෙන් ඇද වැටුණු ඊශ්‍රයාල් තරුණිය කී කතාව !

Next

පෙනිම මිය යාමට පෙර ලෝකය පුරා සංචාරය කරන පවුල !

Next
October 7, 2022

පෙනිම මිය යාමට පෙර ලෝකය පුරා සංචාරය කරන පවුල !

Previews
October 6, 2022

රාවණා ඇල්ලෙන් ඇද වැටුණු ඊශ්‍රයාල් තරුණිය කී කතාව !

All Right Reserved!