පිරිමි දහසක් පස්සෙන් ආවත්
මොන තත්වයන් තරාතිරම් ඔවුන්ට තිබුණත්
තමන් ආදරය කරන පිරිමියාව විතරක් ම
හිතින් දරාගෙන, ඔහු වෙනුවෙන්ම ජීවත්වෙන
ආඩම්බරකාර ගැහැණියක වෙන්න
තමන්ගෙ කුසින් නොවැදූව ද
තවත් දරුවෙකුගෙ අපහසුතාවයක්
තේරුම් ගන්නට පුළුවන්
කරුණාවන්ත හිතකින් යුත්
මව්වත් කමින් පිරිපුන්
ආඩම්බරකාර ගැහැණියක වෙන්න
කාගෙන්වත්ම යැපෙන්නේ නැතිව
තමන් විසින්ම තමන්ට තත්වයක්
තරාතිරමක් හදාගෙන
සමාජයෙ ගෞරවාන්විත ව
ජීවත් වෙන්න පුළුවන්
ශක්තිමත් හිතක් තියෙන
ආඩම්බරකාර ගැහැණියක වෙන්න
තමන්ගෙ ඇදුම් ගැන, තමන්ගෙ ක්‍රියාවන් ගැන
මග තොටේ යද්දි කවුරුවත්ම
වචනයක් නොකියන මට්ටමට
තමන් ගැන සැළකිලිමත් වන්නට
වග බලා ගන්න
තමන්ගෙ චරිතයට
කැළලක් ඇති නොවීමට තරම්
ගෞරවාන්විත ගුණ ගරුක
යහපත් හැදියාවක් තිබෙන
ආඩම්බරකාර ගැහැණියක වෙන්න
තමන්ගෙ ම මුදලින් තමන්ටම කියා
වාහනයක්, පුංචියට ගෙයක් දොරක් හදාගෙන
කාටවත්ම යටත් නොවී
ජීවත් වෙන්නට තරම් වත්කමක් ඇති
ආඩම්බරකාර ගැහැණියක වෙන්න
ඕනෑම දෙයක් ගැන දැනුමෙන් යුතු
හොඳින් ඉගෙන ගෙන
කවදාහෝ තමන්ගෙ දරුවෙකුට හෝ
යමක් කියාදීමට තරම් තත්වයකින් යුතු
හොඳ අධ්‍යාපන මට්ටමක් ලබාගත්
ආඩම්බර කාර ගැහැණියක වන්න
මවක් වූ දිනෙක
තමන්ගෙ දරුවන්ට මේ ලෝකෙ ඉන්න
හොඳම අම්මා ඉන්නේ මට යැයි
හැඟෙන මට්ටමටම
හොඳ ආදරණීය යහපත් මවක් වෙන්න
ආඩම්බර කාර ගැහැණියක් වන්න
වෙන කවුරුන් හෝවත් වෙනුවෙන් නොව
තමන් වෙනුවෙන්ම ඒ දේ කරන්න
කවදා හෝ තමන් ගැනම ආඩම්බර වෙන්න
සටහන – මුහුණුපොත ඇසුරෙනි.