ඔබත් තමන්ගේ පෙම්වතා එක්ක පෙම්වතිය එක්ක, සැමියා එක්ක බිරිඳ එක්ක travel කරන්න ආස කෙනෙක් වෙන්න පුළුවන්. මෙහෙම travel කරද්දී අපි ගොඩක් වෙලාවට තෝරාගන්නේ අපි ගහින් නැති දැකපු නැති නොදන්නා පළාත්. මේ ගාලු කොටුවේ ලස්සන බලන්න ගිහින් අනු නවයෙන් බේරුන දෙන්නෙක්ගේ කතාවක්.
අපිට මේක උනේ 2022.12.01. ගාලු කොටුව හවසට ලස්සන නිසා මායි husband ගියා bike එකක් rent කරන් ඒක බලන්න. ගාලු කොටුවේ රවුමක් දාලා රෑට කාලා 9.30ට විතර අපි එන්න පිටත් වුනා. පාරවලුත් අපිට වැඩිය පුරුදු නැති නිසා අපි google map එක දාගෙන නවාතැන් ගන්න තැනට එන ගමන් හිටියේ. අපේ bike එක pass කරන් තව scooter එක්ක ආපු නිසා අපි එකට යන්න slow කරා. ඒ bike එක අපිව pass කරන් ගියා. ඒ bike එකේ පිටිපස්සේ ගියපු කෙනා අත ඉස්සුවා. ටිකකින් මගේ ඇහැට සතෙක් ගියා වගේ දැනුනට මන් එච්චර ගනන් ගත්තේ නෑ. Husband කිව්වා එයාගේ ඇහැ ටිකක් දැවිල්ල ගත්තා pass කරපු bike එකේ ගිය එකා මොනා හරි ගැහුවද දන්නේ නෑ කියලා.
අපේ නවාතැනට යන්න අපි අතුරු මාර්ගයකින් හැරවලා ටික දුරක් යන්න හම්බුන්නේ නෑ bike එකක් ආවා speed එකේ. ඒ හරිය ටිකක් පාලු ගතියක් තිබුන. ඒ bike එකේ ආවේ කලින් අපිව pass කරපු උන්ද කියලා මට සැකයක් ආව නිසා මන් පිටිපස්ස හැරිලා බැලුවා විතරයි මතක. ඒ bike එකේ පිටි පස්සේ ගියපු එකා එක පාරටම මගේ ඇස් වලට මිරිස් කුඩු ගැහුවා. ඒ වෙලාවේ මන් පුලුවන් තරම් හයියෙන් කෑ ගහුවා. Husband bike එක නවත්තන්නේ නැතුව දිගටම අපේ නවාතැනට ගියා. මන් mask එක දාන් හිටපු නිසා හානිය අවම වුනා. නවාතැන ලගම මේ දේ උන නිසා අපි බේරුනා. නැත්තන් bike, phone හෝරකන් කරන්න හෝ වෙනත් කරදරයක් කරන්න තිබුනා.
වීඩියෝ එක – Travel කරන්න Bike වල යන අය රෑවෙලා ගමන් යද්දී පරිස්සමින්
ඉතින් මේ ඔවුන් මුහුණ දුන් කතාවයි.ඔබත් travel කරන කෙනෙක් නම් මේ දින වල විශේෂයෙන් travel කරද්දී තමන් දැකපු නැති නොදන්න තැනකට යන්න කලින් මේ දේවල් ගැනත් ටිකක් හිතන්න.තමන්ගේ ආරක්ෂාව ගැන වගේම රත්තරන් ආභරණ පළඳිමේදී සැළකිලිමත් වෙන්න.ඒවගේම මෙවැනි කරදරයක් සිද්ද වුනොත් අවට අයගෙන් උදවු ඉල්ලා පුලුවන් තරම් හයියෙන් කෑ ගහන්න.නොදන්න පලාතක දන්න කෙනෙක් නැත්තම් රාත්රී ගමන් යාමේදී සැළකිලිමත් වෙන්න.