ශාමලී ඇල්පිටියගේ නිල නොවන සතුන් රැක බලා ගැනීමේ වෘත්තීය ජීවිතයට දැන් වසර 40ත් ඉක්මවා ගොස් ඇත. ගෝලීය වසංගත හා ආර්ථික අර්බුදවලින් පසුව, ඇගේ බල්ලන් 20 සහ බළලුන් 9, බල්ලන් 35 සහ බළලුන් 16 දක්වා වැඩි වී ඇත. තමන් රැක බලා ගන්නා සතුන් ගණනාවක් මේ වසර මුලදී රටේ ආර්ථික කඩාවැටීම ආරම්භයේදී ම මිය ගිය බව ඇය පෙන්වා දෙයි. ප්‍රවාහන පහසුකම් පවා සපයා ගැනීමට නොහැකි වටපිටාවක් තුළ ඇය සතුන්ගේ අවශ්‍යතා සොයා බලයි. “දැන් මං ඔවුන්ට ආහාර ලබා දෙන්නේ එක් වරක් පමණයි; එය තරමක විශාල ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය තවමත්, සම්පූර්ණ ආහාර වේල් දෙකකට වඩා ප්‍රමාණයෙන් අඩුයි. සහ බිස්කට් සහ කිරි වැනි කෙටි ආහාර ඔවුන්ට ලබා දීම ගැටලු සහගත වන්නේ මිල ඉහළ ගොස් ඇති නිසා යි.” ඇය පෙන්වා දෙයි.
ශාමලී, තම මව සහ ඇගේ කුඩා පුතා රැක බලා ගන්නා තනි කාන්තාවකි. ඇගේ මවට මෑතක දී ශ්‍රවණාබාධයක් හට ගෙන ඇත. ඇය තම පුතා ඇති දැඩි කරන්නේ ද කිසිදු වෙනත් හව්හරණක් නොමැති වය. ඔහු පාසලට ඇරලවා නිවෙස වෙත නැවත ගෙන ඒමට ඇයට දිනකට රුපියල් 500-800ක් පමණ වැය වෙයි.
ඔහු මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේද ශාමලීගේ ශක්තියෙනි. සත්ව ගලවා ගැනීමේ සංවිධානයක් ඇයගේ දෛනික වියදම් පාලනය කර ගැනීම සඳහා ඇයට අවම වැටුපක් ලබා දීමට පුරුදු ව සිටියේ ය. ඔවුහු සතුන්ට සලාක ද සැපයූහ. නමුත් මාස හයකට පෙර, එම සලාක සහ ආධාර පැමිණීම නතර විය. දැන් ඇගේ සත්ව නවාතැනට සහ ජීවිතයට ඇති ලොකු ම අභියෝගය ආර්ථික අර්බුදය යි.