කාන්තාවකට පෙර සිට වැළඳී තිබූ රෝගී තත්වයන් ගැබිණි බවට බලපාන්න පුළුවන්. ගැබිණි බවට තර්ජනයක් වන රෝග කලින් හඳුනාගෙන සිටීම වැදගත් වෙන අතර යම් කාන්තාවකට මේ රෝග තිබෙනවා නම්, ගැබ් ගැනීමට පෙර රෝග පාලනය කරගෙන, අවදානම අඩු කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම යොදාගැනීමේ හැකියාව තිබෙනවා.
ඇදුම රෝගය
ගැබිණි මවකගේ ගර්භණි කාලය වැඩි වීමත් සමඟ ඇගේ කුස විශාල වෙනවා. එවිට අඩුම රෝගය වැළඳුනු මවකට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වීමට ඉඩ තිබෙනවා. ගර්භණි සමයේදී අඩුම පාලනය වීමට ප්‍රතිකාර ලබා ගත යුතුයි. වෛද්‍යවරුන් විසින් දරුවාට අහිතකර නොවන බෙහෙත් ඔබට ලබා දෙනු ඇත. පීක් ෆ්ලෝ මීටරය මඟින් මවට හුස්ම ගැනීමට ඇති හැකියාව මැන බලයි. ස්ටිරොයිඩ් පෙති වෙනුවට ඉන්ජෙක්ෂන් ලබා දී, අඩුම රෝගය පාලනය කරනු ඇත. ගර්භණි කාලය තුලදී, ඇදුම රෝගය වැඩි කළ හැකි පරිසරයන්ගෙන් මව ඈත් වී සිටීම ඉතා වැදගත් වෙනවා.
.

අපස්මාර රෝගය
අපස්මාරය ස්නායු රෝගයක් වෙනවා. අපස්මාරය නිසා කුසේ සිටින දරුවාට හානියක් ඇති වීමේ අවදානම 4%ක් පමණ වෙනවා.
ඇතැම් අපස්මාර රෝගී කාන්තාවන් ගැබ් ගත් පසු, අපස්මාරය වැඩි වාර ගණනක් වැළඳෙන අවස්ථා තිබෙනවා. එයට හේතුව වන්නේ ගැබිණි සමයේදී හිතුමනාපයට බෙහෙත් නැවත්වීමයි. දරුවාට බෙහෙත් අහිතකර ලෙස බලපානු ඇතැයි බිය වීම නිසා හෝ නිතරම වමනය යෑමේ අපහසුව නිසා මව්වරුන් හිතුමනාපයට බෙහෙත් ලබා ගැනීම නවත්වන අවස්ථා බහුලයි.
අපස්මාර රෝගී ගැබිනියන් හොඳ නින්දක් සහ විවේකයක් අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වෙනවා.
අපස්මාර රෝගය සඳහා බෙහෙත් ලබා ගන්නා ගැබිනියන්ට ෆෝලික් අම්ලය සහ විටමින් K වැඩිපුර ලබා ගැනීමට වෛද්‍යවරු නියම කරනවා.
දියවැඩියාව
පාලනය නොකළ දියවැඩියා තත්වයක් නිසා කුසයේ සිටින දරුවාට ස්නායු ආබාධ සහ වෙනත් අංග විකලතා ඇති වීමේ ඉඩ කඩ වැඩියි.
මවගේ මුත්‍රා දිලීර ආසාදනයට ලක් වීමටත්, ගර්භාශයේ ඇති දියර ප්‍රමාණය ඉහල යාමත් සිදු වීමට ඉඩ තිබෙනවා. මවගේ දියවැඩියා තත්වය නිසා, කුසේ සිටින දරුවාගේ ප්‍රමාණය විශාල වීමේ ඉඩ තිබෙනවා. එම නිසා දරු ප්‍රසූතියේදී මවට දුෂ්කරතා ඇති වෙනවා. ඇතැම් විට ගබ්සා වීම පවා සිදු වෙන්න පුළුවන්. මේ නිසා කාන්තාවක් ගැබිනියක් වීමට පෙර දියවැඩියාව මනාව පාලනය කර ගත යුතුය.
රුධිර පීඩනය
මවට රුධිර පීඩනය ඇති වීමෙන් දරුවාට පෝෂණය සහ ඔක්සිජන් ලැබීම සීමා වෙනවා. දරුවාගේ වර්ධනයට හානි පැමිණෙනවා.
රුධිර පීඩනයෙන් පෙලෙන මවක් විවේක ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
ඉරුවාරදය/ මිග්රේන්
ඉරුවාරදය කියන්නේ දරුණු හිසේ කැක්කුමක්. ඉරුවාරදය ඇති ගැබිණි මව්වරුන්ට රුධිර පීඩනය ඇති වීමේ අවදානමක් පවතිනවා. නමුත්, සමහර මව්වරුන්ගේ ඉරුවාරදය ගැබිණි කාලයේදී පැහැ වී යනවා. මේ සඳහා වෛද්‍යවරුන් ඇස්ප්‍රින් අවම මාත්‍රාවක් නියම කරනු ලබනවා.
වලිප්පුව
වලිප්පුව සෑදෙන මවක් වෙනුවෙන් කළ හැකි හොඳම ප්‍රතිකාරය වන්නේ දරුවා බිහි කිරීමට සුදුසු තත්වයක් තිබෙනවා නම්, අඩු වයසින් හෝ බිහි කරවීමයි.
සරම්ප/ පැපොල
සරම්ප, පැපොල වැනි රෝග නිසා මවට උණ වැළඳීම දරුවාට අහිතකරයි. එමඟින් දරුවාගේ හද ගැස්ම වැඩි වී, ගබ්සා වීමට හෝ අඩු වයසින් බිහි වීමට ඉඩ තිබෙනවා. දරු ප්‍රසුතියත් සමඟම දරුවාට එම රෝගය වැළඳීමේ අවදානමකුත් පවතිනවා. ජර්මන් සරම්ප රෝගය ගැබිණි මවකට වැළඳීමෙන් දරුවා අංගවිකල වෙන්න පුළුවන්. ගැබ් ගැනීමට මාස 3කටවත් කලින් රුබෙල්ලා එන්නත විද ගැනීමෙන් මෙම අවදානම අඩු කර ගන්න පුළුවන්.