“පුංචි කතාවක් කියන්නද මෙ කතාව අදටත් බොහොම වටිනවා.
මගෙ ලමා කාලය බොහොම දුප්පත් කඨුක එකක්.
මම පාසල් ගියේ ගමේ පාසලට.
මට හොඳට ඉගෙනගන්න පුළුවන් කමක් එ කාලයේ ඉඳල තිබුනට හොඳ පාසලකට දාන්න මගෙ අම්මාට පුළුවන් කමක් තිබුණේ නැ.
එත් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා හොඳ පාසලකට යන්න තරම් වාසනාවන්ත උනා.
පුංචි කාලයේ වගේ නෙමෙයි අවුරුදු 11 වෙද්දී ගැහැණු ලමයකුට අවශ්‍යය දෙවල් ටිකක් අපේ අම්මාට දරන්න පුළුවන් උනේ නැ.
අමතර පංති.
සිසන් එක.
ඇදුම් උඩ යට කියල වර්ග දෙකක්.
කෑම.
මෙහෙම වෙද්දී මම නැටුම් පංතියට යන එක අපේ අම්මා නතර කරෙ එක අමතර වියදමක් නිසා.
නැටුම් පංතියේ ගුරුවරිය පංති එන්නේ නැති හෙතුව ඇහුවම ගෙදර තිබුණු අර්තික ප්‍රශ්න නිසා බව ඇයට වැටහුණා.
මම වගේම තවත් දුප්පත් ලමයි කිහිප දෙනෙක් එ පංතියේ හිටියා.
දිනක් මෙ නැටුම් ගුරුවරිය අප ගෙන්වා අමතර මුදලක් හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් ඇය ලඟ තියෙන බව අපට පැහැදිලි කරා.
ඇයට යම්කිසි වගකිවයුතු කාර්යාලයකින් leaflets ලැබුණ එව නවල කොල 100 බන්ඩලයක් හදපුවම කීයද කියල දන්නවද?
රුපියල් 1
ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්නේ homework මගදිම කරගන.
ආව ගමන් දවල්ට කාල දුවන්නේ නැටුම් ගුරුවරියගේ ගෙදර.
අර කොල 100 මිට් 25 හදල ඉවර වෙද්දී රැ 10 විතර වෙනවා.
එ කියන්නේ රුපියල් 25.
මෙහෙම රැ වෙලා ගෙදර දුවන මම වයසින් අවුරුදු 12 විතර උනාට 16 විතර පෙනුමක් තිබුණේ.
අපේ අම්මා මාව ගොඩක් පරිස්සම් කලා එ වයසටත්.
ඔය සල්ලි වගේ නෙමෙයි මොකෙක් වත් ඇදගෙන ගියොත් ගෙදර හිටහන් එ තමයි අම්මාගේ ගෝරනාඩුව.
පහුවදා පාසල් අවසන් වෙලා කෙලින්ම ගියේ නැටුම් ගුරුවරිය මුන ගැහෙන්න ගිහිල්ල කිව්වා අයමත් වැඩ කරන්න එන්න වෙන්නෙ නැ අම්මා රැ වෙලා එනවට කැමැති නැ කියල.
ඇය හිස අතගාල මම අම්මා එක්ක කතා කරන්නම් කො කියලා මාව ගෙදර පිටත් කලා
පහුවදා පාසල් අවසන් කර ගෙදර එද්දී අපේ අම්මා අර කොල පෙට්ටි ගොඩක් ගෙදරට ගෙනැවිත් නවනවා.
රුපියල් 25 හම්බකරපු මම සමහර දිනවල රුපියල් 50 හම්බ කරා.
හැබැයි පුංචි රස්සාව අපට තිබුණේ මාස 6 ආයමත් පරන කතාවම තමයි.
අහම්බෙන් මගෙ අතට ලැබුනා කඩදාසි බැග් එකක් මම එ බැග් එක අතට අරන් කල්පනා කලා ඇයි මට බැරි කඩදාසි බැග් හදන්න.
මම අර බැග් එක පරිස්සමින් ගලවල බැලුවා එක අලවපු විදිහ.
දැන් පොඩි අදහසක් තියෙනවා එ ගැන එදා පාසල් ඇරිලා එද්දී අපේ අම්මා එක එක ප්‍රමානයේ කඩදාසි බැග් කිපයක් හොයාගෙන ඇවිත් තිබුන මම එ හැම බැග් එකක්ම ගලවල නැවත හැදුවා.
දිනපතා පත්තර ගන්න අයගෙන් එ පත්තර ඉල්ල ගත්තා ඉල්ලගෙන එක එක ප්‍රමාණයේ බැග් හැදුවා.
ඉස්සල්ලා හදපු බැග් ටික දුන්නේ ඉස්කෝලෙ කැන්ටිමට.
බෑග් 100 පුංචි බෑග් රුපියල් 5කට තමයි දුන්නේ.
මම හවස හදන බෑග් අම්මා එයාගෙ වැඩවලට යද්දි කඩවලට දාල තිබුණ.
එතනත් ප්‍රශ්නයක් තවදුරටත් පත්තර නිකන් දෙන්න කවුරුත් කැමැති උන් නැ
ඇත්තනේ බොතල් පත්තර ගන්න අය ගෙදරටම ඇවිත් කිලෝ ගානට ගෙවල ගන්නවා නෙ
දැන් මොකද කරන්නේ.
එයාලට සල්ලි දිල පත්තර ගන්න පුළුවන් කමකුත් මට නැ.
මම සාමාන්‍යයෙන් කඩා වැටුනම මුනක් හදාගෙන ටික වෙලාවක් තනියම ඉන්න කෙනෙක්.
එහෙම නැත්නම් එක දිගට කඳුළු හලන කෙනෙක්.
මාව දන්න මට ඇත්තට ආදරය කරන කිසි කෙනෙක් මගෙ එ මුන දකින්න ආස නැ එච්චරට මුසල පාටයිලු.
ඇත්තටම මගෙ මුනෙ හිනාව නැත්නම් මමත් නැ.
පහුවදා මම පාසල් ගිහින් එද්දී අපේ ගෙදර ඉස්සරහ හිස් සිමෙන්ති උර ගොඩාරියක් තිබුණ.
මොනවා හරි අම්මා කරල කියල මම තෙරුනා.
අම්මා මෙ උර වලින් කොහොමද බෑග් හදන්නෙ මෙව වල සිමෙන්ති නෙ.
සිමෙන්ති උරය ඇතුළත බැග් එකයි එලියෙන් තියෙන බෑග් එකයි අයින් කරාම එ වගේම තව බෑග් හතරක් එක උරයක තියෙන්නෙ ඇය කිවුවෙ එහෙම.
කඩදාසි වලින් බෑග් හැදුවට මම ගනකම සිමෙන්ති බැග් වලින් බෑග් හදන්න මම දන්නෙ නැ.
අම්මා එක්ක එකතු වෙලා පලවන බැග් 10 හැදුවා මෙ පාර හදපුව ලොකුයි.
කලින් වගේ නෙමෙයි හදල අවුවේ තියන්නත් ඔන.
පහුවදා උදේ පාසල් යද්දි මම අර බෑග් වලින් සාම්පල් බෑග් 5 විතර පාසල් බෑග් එකේ දාගන ගියා පාසල් ගිහින් එනගමන් තොග බඩු විකුණන කඩ කිපයකින් ඇහුවා එ බෑග් ගන්නවද කියල.
කඩ 3 කටම බැග් ඇනවුම් ලැබූනා හැබැයි කවදාවත් මගෙ අම්මා මට එ ඇනවුම් අරගන පාරේ යන්න ඉඩ දුන්නේ නෑ
මම එයාගෙ පංචායුධය කියල තමයි කිවුවෙ.
අපි දෙන්න මෙ බෑග් හදන වැඩේ අවුරුද්දක් විතර කරගෙන ගියා.
මගෙ අමතර පංති සහ අවශ්‍ය දෙවල් අරගන ගෙදරටත් දෙන්න තරමට මම මුදල් හම්බ කරා මාසිකව රුපියල් 1500 විතර.
එ තමයි මගෙ දෙවන ස්වයං රුකියාව.
ඔන්න එතකොට අපේ අම්මාගේ මහත්තයා එයා මගෙ තාත්තා නෙමෙයි.
ඔහු වැඩ කරෙ පිලියන්දල පැත්තේ ලි සෙල්ලම් බඩු හදල රට යවන ආයතනයක ඔහු එතනින් අවසර ගත්තා එ පුංචි පුංචි ලි කැලි වල ගොරහැඩි කම යනතුරු වැලිකඩදාසි වලින් මැදල කඩතොලු පොටි දාල වහල නැවත මැදල යවන්න.
සති අග පුහුණුවකුත් මට ලැබුනා කෑලි ප්‍රමාණයට තමයි ගෙවුවේ.
ඔන්න මාස 3 විතර යද්දි පුංචි workshop එකක් කරන මට එතකොට වයස 13 විතරයි.
පාසල යන මගේ වයසේ අසල්වැසි ගෑනු ලමයි දෙන්නෙක් මට එකතු උනා උදේ වරුවේ workshop එක තිබුණේ සති අන්තයේ විතරයි.
මට අවුරුදු 15 වෙද්දී ගෙදරින් මම දෙමාපියන්ගෙන් යැපෙන කෙනෙක් නොව ගෙදරටත් සපයන කෙනෙක් බවට පත් උනා.
එතැන් පටන් මගේ ගමන් මග විවර උනා එංගලන්තය දක්වා.
මෙ ලිපිය හිතුවට වඩා දිර්ඝ උනා.
2023 වසර අලුත් බලාපොරොත්තු ටාගට් හබා යන ඔබටත් මගෙ ජිවිතය තුළින් ගන්න දෙයක් ඇතැයි විශ්වාස කරමි
දෙශපාලන පක්ෂ පාට හඹා යන ඔබ හැමදාමත් විශ්වාසය කඩවි පසුතැවිලි වෙද්දි.
ඔබ කවදාවත් ඔබව විශ්වාස කරල තිබුණ නම් ඔබගේ ශක්තිය හදුනාගෙන තිබුන නම් කවදාකවත් ඔය පසුතැවිම ඔබට නැති වෙන්න තිබුණ.
අදටත් මට කවුරු හො බිංදුවෙන් පටන් ගන්න කිව්වොත් මම විශ්වාස කරනවා මට පුළුවන් කියල.
අද දරුවාට දෙන්න චිස් නැ.
රට අහාර නැ ලමයි මන්දපෝෂණය හැදෙනවා කියද්දි.
මම මගෙන් අහන්නෙ අපිට චිස් තිබුනද අපි කුඩා වයසේ.
පාන් කාල මැදට සම්බොල දාල අම්මා හදල දෙන කෑම එක.
නැත්නම් බැදුමක් සමඟ සුදු හාල් බත් පෙට්ටිය.
පාසලේ පයිප්පයට අත් දෙක තියල වතුර බිපු අපිට.
කුකුල් මස් කැල්ලක් මාසයකට සැරයක්වත් දැකපු නැති අපිට.
හැදුනද මන්දපෝෂණය.
පටන් ගන්න ජිවිතය අලුතින් පුංචිම තැනින්.
සැප පහසුව පුංචි කාලයක් අමතක කරන්න ඔබට හැකිනම්.
ඔබ නිදන යහනට පේන මානයක ලොකු අකුරින් ලියන්න 2023 ඔබගේ ටාගට් එක.
උදේ සවස එ වෙනුවෙන් කැප වෙන්න මහන්සි වෙන්න හින දකින්න.
එක රැකියාවක් කරන කෙනෙක් නම් backup plan එකක් තියාගන්න එ කියන්නේ කරන රැකියාවට අමතරව පැලයක් විකුණන්න.
ඔබ සමඟ එකට වැඩ කරන අයට කෑම හදල විකුනන්න.
වත්තේ ඉඩකඩ තියෙනවා නම් වවන්නවැඩියෙන් තියෙන කෙසෙල් මුවය හරි නිවස ඉදිරියේ ලැල්ලක හරි තියල විකුණන්න.
කරන රුකියාවට අමතරව මහන්න දන්නා කෙනෙක් නම් විවේක වෙලාවට ඇදුම් මහන්න.
වඩු වැඩ මෙසන් වැඩ පෙන්ට් වැඩ දන්න කෙනෙක් නම් අමතර පුංචි පුංචි වැඩ සොයාගෙන කරන්න.
වයස හො වත් පොහොසත් කම අදාල නැ අදාල ඔබගේ උත්සාහයයි.
ඉස්සර සතියට පැය 60 එක තැනක වැඩ කරද්දී.
තවත් තැනක රාත්‍රි සෙවයට ගියා මම හැමදාමත් රැකියා 2 කරපු කෙනෙක්.
කරන රැකියාව හොඳ මදි කියල හිතල අලුත් රස්සාවක් සොයාගන්නා බලාපොරොත්තුවෙන් රැකියාව නැති කර ගන්න එපා.
ඔබ කරන රැකියාව කරන ගමන් අලුත් රැකියාවක් සොයා ගන්න.
අර සල්ලි කාරයා මගෙ යාලුවා.
මගෙ මල්ලි ඉන්නෙ අර රටේ.
එයා අපිට බලන්නේ නැ.
අපේ නැදැයින් ඉන්නෙ රටවල එත් අපිට රටකට යන්න උදව් කරන්නේ නැ.
කවුරුවත් අපිව බලන්න බැඳිල නැ
කාටවත් ඔබ වෙනුවෙන් වෙලව හැමෝම තරඟකාරී ගමනක.
එයාලගෙ ටාගට් හඹායන ගමනක්.
නැවතී ඔබ දෙස බලන්න හො ඔබවත් ඇඳගෙන යන්න කාටවත් බැ.
ඔබගේ ගමන යා යුතුයි ඔබ.
පටන් ගන්න පොලවේ සිට
බය වෙන්න ඔබ ඔබට.
විශ්වාස කරන්න ඔබ ඔබව.
ඔබගේ හැකියාව දන්නෙ කැපවීම උත්සාහය දන්නෙ ඔබමයි.
මුළු ලොකයටම අමාරු කාලයක් ඔබට බැරි වෙවි ලොකය වෙනුවෙන් යමක් කරන්න.
මෙ වසරේ ඔබ ඔබ වෙනුවෙන් මහන්සි වෙන්න.
ලොකයම දෙස ආදරයෙන් බලන්න.
ඔබව කලකිරීමට ලක් කරන දෙයින් ඈත් වෙන්න.
නිහඬ වෙන්න.
අනුන්ගේ දෙවල් සොයමින් අංචි අදිමින් ඊර්ෂ්‍යා කරමින් ගෙවන ජිවිතය තුල පිරිහීම මිස වෙන කිසිවක් ඔබට මට නොලැබෙනු ඇත
කගෙවත් දියුණුවට කකුලෙන් අදිමින් තමන් ආසාර්ථකයෙක් වෙන්න එපා.
කාර්යභහුල වෙන්න නොනවත්වා බලාපොරොත්තු හඹා යන්න.
අරයා කරයි මෙයා කරයි අර පක්ෂ නායකයා කරයි කියමින් මුහුණු පොතේ දාං අදින කාලය ඔබ වෙනුවෙන් වැය කරන්න
මුහුණු පොතේ අරයගෙ හඬ පට මෙයාගෙ ලික් වෙච්චිවා හොය හොයා ඉන්ඳ වෙලාවක් තිබුනො තමන්ගේ දෙයක් කරගන්න නෙවෙයි තමන් වෙනුවෙන් වැඩ කරල වෙලා තිබුනොත් විතරක් fb එන්න”
– එරන්දි එන්. සිරිවර්ධන