ශරීරයේ ඇතිවන අනවශ්‍ය රෝම, මුහුණ ප්‍රදේශයේ සහ තමාගේ ශරීරයේ අනෙකුත් ප්‍රදේශවල මේ ආකාරයට රෝම ඇතිවීම සාමාන්‍ය දෙයක්. හෝමෝන වෙනස් වීම අනුව තමයි මෙය සිදුවෙන්නේ. දහඩිය ඇතිවීම නිසා සමහර කාන්තාවන් අපහසුතාවයට පත්වෙනවා. ඔසප් කාලය තුළ කාන්තාවකගේ ශරීරයෙන් දුගඳ හමන්නට පුළුවන්. ඉතින් මෙවැනි කාන්තාවන් අපහසුතාවයට පත්කරන ගැටලුවලට විසඳුම් ඔබ වෙත ගෙන එන්නටයි අප අද සුදානම් වෙන්නේ. ඒ වගේම එවැනි අවස්ථාවලදී ඇයව අත්නොහැර ලගින් ඉන්නත් මෙය උදව්වක් වේවි.
1.අනවශ්‍ය රෝම
කාන්තාවන් තමන් ගැන ලැජ්ජාවට පත්වෙන ප්‍රධාන හේතුවක් තමයි අනවශ්‍ය රෝම. තමන්ගේ මුහුණේ සහ අනෙකුත් පෞද්ගලික ප්‍රදේශවල ඇතිවන අනවශ්‍ය රෝම වැඩිපුර ඝනට පිහිටනවා නම් එය අසාමාන්‍ය තත්වයක් ලෙස සළකන්නට පුළුවන්. එවැනි අවස්ථාවක ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. මන්ද කිසියම් හෝමෝන අසමතුලිතබාවයක් ඔබට තියෙනවා ද යන්න දැනගැනීම සඳහායි. එසේ නොමැතිව සිහින්ව වැවෙන අනවශ්‍ය රෝම සෑම කාන්තාවකගේම පිහිටා තිබීම බොහොම සාමාන්‍ය දෙයක්. එය බොහෝ විට සිදුවන්නේ වැඩිවියට පත්වූ පසුවයි. ඔබට එම අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමට අවශ්‍ය නම් ඕනෑ තරම් සාර්ථක ක්‍රම තිබෙනවා. මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමට බොහෝ සාර්ථක ලාභදායි ක්‍රමවේදයක් තමයි ත්රේඩින් ක්‍රමය.
2.පියයුරුවල ප්‍රමාණය සහ එහි හැඩය
අපි දැනගන්නට ඕන දෙයක් තමයි කාන්තාවකගේ පියයුරු ඔවුන්ගේ ජීවිතේ එක් එක් කාලවලදී විවිධ වෙනස්කම් වලට භාජනය වෙනවා කියන එක. උදාහරණ වශයෙන් වැඩිවියට පත්වීම, ගර්භනී තත්වයට පත්වීම, මහත්වීම, කෙට්ටුවීම වැනි අවස්ථා හඳුන්වන්න පුළුවන්. මෙලෙස විවිධ කාලවලදී ලොකු හෝ කුඩා වීම සාමාන්‍ය දෙයක් බව ඔබ දැනගැනීම වැදගත් කාරණයක්. නමුත් ඇතැම් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පියයුරු දෙකෙන් එකක් ලොකු සහ අනෙක පොඩි ලෙස ප්‍රමාණයෙන් වෙනස් වීම. කාන්තාවකගේ පියයුරු දෙකම එකම විශාලත්වයකින් පිහිටන්නේ නැහැ. ඉතින් එලෙස ලොකු වෙනස්කමක් නැත්නම් ඒ පිලිබඳ කලබලයකට පත්විය යුතු නැහැ. නමුත් පියයුරු ප්‍රමාණය අතින් හුඟක් ලොකු වෙනසක් තිබේ නම් ඔබට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවෙනවා.
3.දහඩිය ගඳ
පුංචි ළමයින්ගේ දහඩිය ගඳ නැහැ. වැඩිවියට පත් වූවායින් පසුව තමයි දහඩිය ගඳ ඇතිවෙන්නේ. ඒ හෝමෝන වල ඇතිවන විවිධ වෙනස්කම් නිසයි. විශේෂයෙන්ම අත්යට ඉකිලි ප්‍රදේශයේ ඇතිවන දහඩිය තමයි ගන්ධයකින් යුක්ත වෙන්නේ. ශරීරයේ තියෙන බැක්ටීරියා මඟින් දහඩිය වල තියෙන ඇසිඩ් බිඳ හෙලීම සිදුකරනවා. ඉතින් දහඩිය පරණ වීමත් සමඟ එය මත බැක්ටීරියා ක්‍රියාකිරීම හේතුවෙන් තමයි දහඩිය ගඳ ඇතිවෙන්නේ. ඒ නිසා ඔබ සැලකිලිමත් වියයුත්තේ දහඩිය ගඳ අඩු කරගත යුතු ආකාරය ගැනයි. මෙයට අනවශ්‍ය රෝම ඉවත් කිරීමත්, ඉතාම හොඳින් පිරිසිදු වී සිටීම සහ අපි අඳින ඇඳුම් දහඩිය උනන කපු රෙදි සහිත වීම මෙම දහඩිය ගඳ අඩු කරගන්න පුළුවන් ආකාර ලෙස හඳුන්වන්න පුළුවන්.
4.ශරීරයේ ඇතැම් ප්‍රදේශ අවපැහැයෙන් යුක්ත වීම
ශරීරය මහත වීම , දියවැඩියා රෝගීන් හෝ ගර්භනී අවධියේදී කාන්තාවන්ගේ හෝමෝන වල වෙනස්කම මත තමයි මෙය සිදුවෙන්නට ඉඩකඩ තිබෙනවා. ශරීරයේ අනෙක් ප්‍රදේශ වලට වඩා කිහිලි, බෙල්ල වටේ වැනි ප්‍රදේශ තරමක් අවපැහැ ගැනීම සාමාන්‍ය දෙයක්. නමුත් තමාට ගොඩක් කරදයක් විදියට මේ ප්‍රදේශ අවපැහැයෙන් යුක්ත නම් පෙර සඳහන් කළ පරිදි ඔබ මහත නම් බර අඩුකරගැනීම තුලින් මෙම ප්‍රදේශවල අවපැහැය යම්තාක් දුරකට අඩුකරගන්න පුළුවන් වගේම දියවැඩියාව පාලනය කරගැනීම මඟින් මෙය සිදුකරගන්න පුළුවන්. ඒ වගේම ඔබ ආලේප කරන විවිධ ආලේපන නිසාත් මෙය සිදුවෙන්න පුළුවන්. එයට ඔබ ඔබේ සමට ගැළපෙන ආලේපනයක් තෝරාගැනීමට වගබලා ගත යුතුයි.
5.තමන්ගේ ශරීරයේ හැඩය
ඔබ තේරුම් ගතයුතු දෙයක් තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වූ බොඩි ටයිප්ස් තිබෙන බව. ඇතමුන්ගේ ශරීරය කෙට්ටුයි, ඇතැම් අයගේ ශරීරය පිරිපුන් වගේම ඇතැම් අය මහතින් වැඩියි. නමුත් මේ සියලු දෙනාටම නියමිත බර පවත්වාගෙන යන්නට පුළුවන්. එය වෛද්‍ය විද්‍යාවේ BMI අගය ලෙස හඳුන්වනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් තියෙන ශරීරය හොඳින් පවත්වාගෙන යන්න. ඒ වගේම ශරීරයේ සුන්දරත්වය මතුවෙන විදියට අපට විලාසිතා කරන්න, ඇඳුම් පැළඳුම් තෝරාගන්න පුළුවන්. සෑම කාන්තාවකටම තියෙනවා සැඟවුණු සුන්දරත්වයක්. එම සුන්දරත්වය මතු කරගැනීමට ඔබ දක්ෂ වියයුතුයි.