මොකද්ද මේ විශේෂ ඇඳුම. ?
ඇනා උත්තර දෙනව “මේ කෝලා.. සෝඩා.. බියර් වගේ විවිධ බීම කෑන් වර්ග විවෘත්ත කරන කුඩා ලීවර එකතුවක්. අහක දාන ඇළුමිනියම් කොකු කොටස් එකට අමුනල මේ ගවුම හදල තියෙන්නෙ.”
” මේක අහක දාන දේ ප්රථිචක්රීකරණය කරල හදපු ඇඳුමක්.”
විනිශ්චය මණ්ඩලය අහනව.. “ඒකෙන් ඔබ දෙන්න බලාපොරොත්තු වෙන පණිවිඩය ඉවත දමන බඳුන් ප්රථිචක්රීකරණය කිරීමද..?”
“ඒකත් එකක් තමයි … අද ලෝකය එකම කසල ගොඩක් බවට පත්වෙමින් තියෙන්නෙ අපේ නොසැලකිල්ල නිසා.
නමුත් ඒක එකම හේතුව නෙවේ.”
අනිත් හේතුව මොකද්ද..?
“මම උපදින්නෙ බැංකොක් නුවර ඉතාම දුප්පත් පවුලක. අපි ජීවත් වුනේ පාර අයිනෙ තැන තැන පොඩි මුඩුක්කු වගේ ගෙවල් වල.”
“මගෙ අම්ම පාරෙ කසල සුද්ද කරන කම්කරුවෙක්. තාත්ත ටින් බෝතල් එකතු කරල විකුණන දුප්පත් වෙළෙන්දෙක්.”
“තාත්ත වැඩිපුරම එකතු කරන්නෙ මම මේ අද ඇඳන් ඉන්නව වගේ ඇලුමිනියම් කෑන්.. බෝතල්.
එයා කොයිතරම් දුක් වින්දද කියන්න ඕනෙ නෑ මට හොඳ අධ්‍යාපනයක් දෙන්න.
මේ ගවුම මගෙ තාත්තට කරන උපහාරයක්.”