නිවිති සුපිරි ආහාරක් ලෙස හදුන්වන්නේ යකඩ ඉහළ මට්ටමක තිබෙන නිසා පමණක් නිසා නොව එමගින් ඔබේ සමට දිදුලන සහ ඔබේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය වර්දනය දක්වාම විවිදාකාර දේවල් වලින් ඔබේ සිරුර සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් කළ හැකි බව පෙනෙන නිසායි. ඉතින් ඒ නිසාම මෙම ලිපිය කියවීමෙන් ඔබේ ගෙවත්තේ හෝ ඔබේ මුළුතැන්ගෙයෙහි නිවිති වගා කිරීමට ඔබ පෙළඹෙනවා නිසැකයි.
ඔබේ ඇස් පෙනීම දීර්ඝ කලක් නිරෝගීව සහ තියුණුව පවත්වා ගත හැකි වීම
zeaxanthin හා Lutein ඔබේ ඇස්වලට හිතකර මූලද්‍රව්‍ය වන අතර එමඟින් අක්ෂි රෝග වර්ධනය වීමේ අවදානම අවම කරන අතර මෙම මූලද්‍රව්‍ය දෙකම නිවිති වල බහුලව අන්තර්ගත වෙනවා. ආහාර වේලට නිවිති අඩංගු කර ගන්නා පුද්ගලයින්ට ඇසේ සුද ඇතිවීමේ අවදානම අඩු බවත්, ඇස් පෙනීම පිරිහීමට සහ අන්ධභාවයට පත්වීමට ප්‍රධාන හේතු වන වයසට සම්බන්ධ අක්ෂි පරිහානිය (හෝ AMD) බවත් විද්‍යාඥයන් විශ්වාස කරනවා.
අස්ථි සහ මාංශ පේශි සවිමත් කිරීම.
නිවිති බොහෝ විටමින්, ඛනිජ ලවණ සහ යකඩ, පොටෑසියම්,මැග්නීසියම්, මැන්ගනීස් සහ විටමින් සී ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රැසකින් පොහොසත් ආහාරයක්. විශේෂයෙන් නිවිති වල අන්තර්ගත මැග්නීසියම් මාංශ පේශි සහ ස්නායු වලට සහාය දක්වනවා. මැග්නීසියම් හොඳ ශක්තියක්, පරිවෘත්තීය ක්‍රියාවලියක් පවත්වා ගෙන යන අතරම ස්නායු සහ මාංශ පේශි ක්‍රියාකාරිත්වය වර්දනය කරයි. ඒ වගේම නිවිති ඔස්ටියෝපොරෝසිස් වළක්වා ගැනීමට සහ අස්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙනවා. ඊට අමතරව අස්ථි බිඳීමේ අවදානම අඩු කරන වෙනත් ආහාර වර්ග ලෙස තක්කාලි, ගෝවා, වට්ටක්කා, බ්‍රසල්ස් පැළ සහ රතු ගම්මිරිස් හැදින්විය හැක.
ආහාර ජීර්ණය පහසු කිරීම
නිවිති විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වීම වගේම එහි තන්තු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන නිසා එයින් අපගේ ආහාර ජීර්ණය විධිමත් හා සෞඛ්‍ය සම්පන්න කරනවා. එමෙන්ම නිවිති ආහාරයට එක්කර ගැනීමෙන් මලබද්ධය වළක්වා ගත හැකි. ඒ වගේම නිවිති වල ඇති තවත් හොඳ ලක්ශ්ණයක් තමයි ඒවා අමුවෙන් හා පිසූ පසුත් එකසේ අපගේ සෞඛ්‍යයට හිතකර වෙනවා. ඔබට නිවිති භාවිතා කර රසවත් වට්ටෝරු බොහොමයක් සකසා ගත් හැකි අතර මෙම සුපිරි ආහාර සමඟ ඔබේ ආහාර වේල රසවත් කරගත හැකි ආකාර කිහිපයක් ලෙස එළවළු සලාදයේ නැවුම්ව අනුභව කිරීම, පැස්ටා සඳහා නිවිති සෝස් යෙදීම, නිවිති පේස්ට්‍රි ඉවීම වැනි දේවල් කළ හැකියි.
ඔබේ රුධිර සංසරණය වර්දනය කිරීම
නිවිති වල පොටෑසියම් බහුලව අඩංගු වන නිසා එමගින් අධි රුධිර පීඩනයට එරෙහිව සටන් කිරීමට බෙහෙවින් උපකාරී වේ. ඒ වගේම නිවිති ආහාරයට එක්කර ගැනීම රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට දායක වෙනවා. නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම ඖෂධ සඳහා ආදේශකයක් නොවන බව ඔබ තරයේ මතක තබා ගන්න. මන්ද අධි රුධිර පීඩනය අනතුරුදායක විය හැකි අතර එය ඔබට යම් කාලයක් තිස්සේ පැවතුනේ නම් ඔබ වෛද්‍යවරයෙකු හමුවීම සහ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම වඩාත් යෝග්‍යයි