පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලා අස්වෙන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවත් තමන් නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු නොවන බවත් අර්ඩර්න් මහත්මිය පෙන්වා දී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
තවද තමන්ට තවදුරටත් රටට නායකත්වය ලබාදීමට නොහැකි බවත් තමන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ වසර හය ඉතාමත් අභියෝගාත්මක කාලයක් වූ බවත් පවසා තිබෙනවා.
මෙම වසරේ මැතිවරණය සඳහා ඇයට සැලසුමක් නොමැති බවත් ඇගේ පවුලේ අය සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බව ආර්ඩර්න් මහත්මිය පැවසු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2017 වසරේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස වයස අවුරුදු 37 දී තේරී පත් වූ අතර ඇය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තේරී පත් වූ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවද විය.