පංචමී හේවාවිසෙන්ති “ධම්මිකා ගිය ඉරිදා දහම් පාසල් ආවෙ නැත්තෙ ඇයි ධම්මිකාලගෙ අම්මෙ?”“අනේ පොඩි හාමුදුරුවනේ කෙළී පහුගිය දොහේම හිටියේ අසනීප ගතියෙන් නොවැ. තාමත් ඒ ගතිය පහවෙලා නෑ. මං මේ පංසලට හීල් දානෙ අරං එනකොටත් ඇඳට වෙලා පොරෝගෙන හොඳටම නිදි. නැගිටින්න කරන්න තවම හයිය හත්තිය නෑ. සිරිසුමන වෙද මහත්තයාගෙන් කසායක් අහගෙන ඇවිල්ලා කෙලීට තම්බලා දුන්නා.” පුංචි මැණිකේ […]
මගේ සිත් ගත් කැමිලාඉඳිමි ඔබ ළඟ නැමිලාමෙහෙකාරියක් කැහැලාකොරෝනා මට හැදිලා හිටියත් සමග ඩයනාහදවත ඔබට දුන්නාමගේ පෙම තරම දන්නාඇයි බැන්නෙ සැර පෙන්නා මූණටයි ඇය කැස්සේඅතු ගගා යන අස්සේමම ඊට පස්සේ ..දෑතින් මුහුණ පිස්සේ වෙයිද කිසිවිට නොහොඹිනාමේ කුමරු රට කරවනාගෙදර ගෑනිත් ඔරවනාදැන්..කොරෝනා ළඟ කොර වුණා මෙත්මල් සුබසිංහ
ඈ දෙනෙත් විවර කරත්ම දෙනෙත් බොඳ කරමින් බැඳුණු පටලය අතරින් යන්තමින් ඈ ඉදිරියේ කිසිවකු සිටගෙන ඉන්නා බවක් දුටුවා ය. පැය ගණනාවක් තිස්සේ ඇබ්බැහි වූ නින්ද නිසා ඈට තවදුරටත් දෑස් සම්පූර්ණයෙන් විවර කිරීමට කම්මැලි කමක් දැණින. දැනුණු තද නිදි මත නිසා ඇය යළිත් වරක් තම දෑස් තදින් පියා ගත්තාය. නින්ද යාමට ඉතා ආසන්නව තිබියදී යමක් බිම […]
එනු අරඹනු දිවිය මා හාවනු මා පියඹ සකි සඳමම නුඹට සහතික වෙමිනුඹට පෙන්වන්නට සිරියගංගා නිම්නවල කඳු මුදුන්වලහරිත පෑ කෙත්වතුත්වන වදුල්, ගල් කුළුත් මතවාඩිවී පෙන්වන්නම්එඬේරුන් තණ කවන හැටිනිල් තණ පිටිවලදිය පොවන හැටිනිල් කැටවන් දිය කඩිති වලින් කැලෑ මල් ඇතිරූ යහනාවක්තනා නුඹව සතපන්නම්සුවඳ ඉහිරෙන නේක මල් ගෙනවැලක අමුණා වියන් බඳින්නම්නුඹ නිදියන තුරු සූටික්කෙකුනුඹට නැලවිල්ලකට තියන්නම් බැටළුවන්ගේ සිනිඳු […]
දොයි දොයි දොයි දොයිය බබාබයි බයි බයි බයිය බබානුඹෙ අම්මා නොරට ගියාරියාල් අරන් එන්න ගියා කෑම නැතිව නිදි වරලානුඹට හෙටක් ගැන හිතලාදෙතනේ ඉනු කිරි මිරිකාඅරාබි මුහුදට දැම්මා දෙතනේ රන් කිරි බොන්නටනුඹ නෑ පුත පිං කරලා ඇකයේ නැළැවී වැනෙන්නඋණුහුමටම තුරුළු වෙලානුඹ නෑ පුත පිං කරලා නොරට උපන් පිට දරුවෙකුහට මව් තුමියක් වීලාදොයි දොයියෙන් නැළැවෙන්නටනොරට බේබි පිං […]
ඔරලෝසුවේ එකොළහයි තිහ වැදුණි. මා ලෑස්ති කරගත් ඇඳුම් බෑගයත් සමඟ තවම ඉඳි කඩුල්ල ළඟය. යාන්තම් මාගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ ඈතින් මා සිටින දිශාවට ඇදෙන මිනිසකුගේ දර්ශනයෙනි. ඇඳුම් බෑගය අතට ගෙන ඉඳි කඩුල්ල පැන තව වරක් මා අම්මාගේත් තාත්තාගේත් කාමරය දෙස බැලුවේ අන්තිම වතාවටය. පල්ලියේ ඔරලෝසුවේ දොලහේ කණිසම වැදුණි. මා තවමත් මාගේ බෑගයද අතින් ගෙන […]
“පුංචි දුවේ, බලපං දොර ඇරලා තට්ටු කරන්නෙ කවුද කියලා. තාත්තා වෙන්නැති කොළඹ බස් එක මගදි කැඩෙන්න ඇති. ඒක වෙන්නැති මෙච්චර එන්න රෑ වුණේ. දැන් දොළහටත් කිට්ටුයි මයෙ හිතේ.” ඉදිරිපස දොරට කවුදෝ තට්ටු කරන හඬින් නින්දත් නොනින්දත් අතර සිටි අපේ අත්තම්මා තද නින්දේ සිටි මාව කීද්දුවාය. “අනේ අත්තම්මෙ, මට නිදිමතයි. අත්තම්මාම ගිහින් දොර අරින්න”යි කියු මම […]
විශාරද කවුළුවෙන් පිටත බැලුවේ වෙනදා ඔහුට දක්නට ලැබෙන සුන්දර දර්ශනය දැක ගැනීමේ අදහසිනි. ඔහුගේ දෑස විඩාබර වී කඩා හැලෙන තෙක් ඔහු ජනේල් කූරු අතරේ නෙත් සිරකර පාරදෙස බලාසිටියේ ය. නමුත් වෙනදා මෙන් පුරුදු පරිදි ඔහුට ඈ දැකගන්නට ලැබුණේ නැත. කඩ වූ බලාපොරොත්තුවලින් වැසීගත් දෙනෙත් විවර කොට ඔහු බිත්ති ඔරලෝසුව දෙස බැලුවේ ය. වෙලාව අට හමාරටත් […]
දුයිශෙන්ට… අයිලයක සැඟවිච්ච කුසුමක්ලොවට එළි කළ සඳ මගේකොතන කොයි ලෙසකින්ම සිටියත්පොප්ලර් ගස් හදවතේ තියෙයි අල්තීනායි සහ දුයිශෙන්… විරහවත් රසයක් වුණා නම්රසින් මත් වී සිටියවුන් වෙමුප්රේමයක් යනු සිර කිරීමකිසිත තුල මිස ගතින් මුදවූ අල්තීනායි හා දුයිශෙන්ගෙන් ආයිත්මාතව්ට.. සාප නොකරමු එක් නොකළාටසැබෑ ආදරය නමින් නම් ළද‘ආදරය’ යනු හෙලි කළා නුඹචරිත දෙකකින් වෙන් කරන ලද -තිසංජා සදෙව්නි සුබසිංහ
-පංචමී හේවාවිසෙන්ති “බූලෝ,මෙන්න මං ආවා.” රිසිත් තම පාසල් බෑගය ද වතුර බෝතලය ද කරේ එල්ලාගෙනම පාසල් වෑන් රථයෙන් බැස හනිකට දුව ගියේ ඔහුගේ සුරතල් බලු පැටියාගේ කූඩුව දෙසට ය. රිසිත්ගේ හඬ ඇසුණු බූලා ද සතුටින් උඩ පනිමින්, කෑ ගසමින් කූඩුව තුල දඟලන්නට විය.රිසිත් පාසල් ගිය පසු කූඩුව තුලට වී හැල හොල්මනක් නැතිව නිදාගන්නා බූලා නැවත […]