2022 ජූනි මාසයේ දී සේව් ද චිල්රන් (Save the Children) ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක නවය තුළම පවුල් 2309ක් ආශ්රයෙන් සිදුකරන ලද මෙම සමීක්ෂණයෙන් අනාවරණයවී ඇත්තේ, සෑම පවුල් හතරකින් තුනකටම පාහේ තම දරුවන්ගේ චිත්තවේගීය හා මානසික සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ඔවුන් සමඟ වැඩි කාලයක් ගතකිරීමට සිදුව ඇතිබව යි. මෙයට හේතුවී ඇත්තේ වැඩි වැඩියෙන් දරුවන් මානසික පීඩාවට පත්වීමේ […]
කුමක්ද ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය කියන්නේ ? ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් කියන්නේ එක්තරා ආකාරයක මානසික ප්‍රතික්‍රියාවක් (Emotional Response ). මෙය සිදුවන්නේ කෙසේද ? ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ඇති වන්නේ යම් බලය ඇති පුද්ගලයකු (Abuser) විසින් කිසියම් තැනැත්තෙක් හෝ පිරිසක් නිරන්තර හිරිහැරයට පත්කලත්, හිරිහැරයට භාජනය වන්නන් එසේ හිරිහැර කරන්නා (Abuser ) කෙරෙහි කිසිදු වෛරයක් හෝ කේන්තියක් ඇති කර නොගැනීමයි (Have a postive […]
වස “වස” -මෙම වචනයෙන් පිළිබිඹු වන්නේ තවකෙකුගේ ජීවිතයට අනතුරකි. වස ශරීරගත වීමෙන් ඒ මොහොතේම ජීවිතය විනාශ වී යෑම හෝ ශරීරගත වන වස ප්‍රමාණය අනුව කිසියම් කාලයකදී හෝ ජීවිතයට හානියක් සිදුවීමේ හැකියාව ඇත. වස අප කෙතරම් අපගෙන් ඈත්කර තබන්නට උත්සාහ කළද, දශක ගණනක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ සිරුරට විවිධ ප්‍රමාණවලින් වස ඇතුළු වෙමින් තිබේ. පෙරට වඩා වැඩි […]
ටීවී කුවේණි (TV Kuveni) යූ ටියුබ් නාලිකාවේ “මෙත් මල් ආරාමය” වැඩසටහනට එක්වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා දැක්වූ අදහස්; භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බුදු දහමේ සිව්වනක් පිරිස ලෙස හඳුන්වනවා. නමුත් ශ්‍රී ලාංකාවේ මේවන විට සිව්වනක් පිරිසට අයත භික්ෂුණීන් යනුවෙන් හැඳින්විය හැකි පිරිසක් සිටිනවාද? තියෙනවා කියලා කියන්නත් පුළුවන්. නෑ කියලා කියන්නත් පුළුවන්. […]
පංචමී හේවාවිසෙන්ති බක් පොහොය ශ්‍රී ලාංකිකයිනට ඉහළ වැදගත්කමකින් යුත් පොහොයක් ලෙස හැඳින්විය හැක. ඒ මන්දයත් බුදුන්ගේ දෙවන ලංකාගමනය සිදු වූයේ අද වැනි උතුම් බක් පොහොය දිනයක වන බැවිනි. මැණික් පුටුවක් හේතුවෙන් චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුම සංසිඳවීමට බුදුරජාණන් වහන්සේගේ කැලණියට වැඩම කළ සේක. ශ්‍රී ලංකාව ඉතා වාසනාවන්ත දේශයක් ලෙස සැලැකිය […]
අවිනාශ් මල්හාර මාලු කාලා හමාරයිද? ශ්‍රී ලාංකීය ධීවර ජනතාව තම කර්මාන්තයේ යෙදෙන්නේ තිරසාර ක්රමවේදයකටය. බොහෝ විට අපේ රටේ සාමාන්‍ය ධීවර ජනයා ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ බෝට්ටු භාවිතයෙනි. ට්‍රෝලර් යාත්‍රා භාවිතයක් සිදු වන්නේ නැති තරම්ය. නමුත් මීට සාපේක්ෂව ඉන්දියානු ධීවරයින් සිය කර්මාන්තයේ යෙදෙන්නේ ට්‍රෝලර් යාත්‍රා භාවිතයෙනි. මෙම ධීවරයින් ඉන්දියානු ධනවත් ව්‍යාපාරිකයින්ගේ කුලී කරුවන්ය. මෙම ධනවත් ඉන්දියානු ව්‍යාපාරිකයින් […]
කුවේණි කර්තෘ මණ්ඩලය විසිනි උතුම් ශ්‍රී සම්බුදු රජාණන් වහන්සේගේ පාද ස්පර්ශය මුල් වරට මේ පින් බිමට දැනුණේ මීට ශත වර්ශ සිය ගණනකට පෙර අද වන් දුරුතු පුන් පොහෝ දිනෙකය. නැකැත් ශාස්ත්‍රයට අනුව, දුරුතු පුන් පොහොය ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17ට ලබන අතර 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් අවසන් වේ. වසරේ පළමු පොහොය වන […]
ඉතාමත් අවිනිශ්චිත තවත් වසරක් ලෙස සැලැකිය හැකි උදාවූ 2021 වසර, අවිනිශ්චිතතාවන් මධ්‍යයේ වුවද යම් සැලසුමක් සහිතව ඇරඹීම සුදුසු යැයි විශේෂඥයින්ගේ මතය වේ. කුවේණි පාඨකයාට නව වසර සැලසුම් කර ගැනීමට යම් තරමක හෝ සහයෝගයක් සැපයීම අරමුණු කොටගත් මෙම ලිපිය සකසන ලද්දේ තසන්දි අබේවර්ධන විසිනි. මෙම ලිපිය මනෝ චිකිත්සකවරුන් සහ පුද්ගල සංවර්ධන වැඩසටහන් මෙහෙයවන්නන් සමඟ සිදු කළ […]
අද (ජුනි 05) ලෝක පරිසර දිනයයි. ලෝක පරිසර දිනයට සමගාමීව ලක් දිවට බුදු දහම ලැබුණු උතුම් පොසොන් පොහොය දිනය ද අදට යෙදී ඇති හෙයින් මෙම වර්ෂය සුවිශේෂීය. බුදු දහමත් පරිසරයත් අතර ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධයකි. බුදුන් වහන්සේ මෙලොව පහළ වූ ඉපැරණිම සහ විශිෂ්ඨතම පරිසරවේදියා ලෙස සැලකිය හැකිය. ලෝක පරිසර දිනයත් පොසොන් පොහොයත් අද දිනට යෙදී […]
පංචමී හේවාවිසෙන්ති මෝහාන්ධකාරය දුරු කරනු පිණිස සිරි ලකට බුදු දහම නම් පුන්සඳ පෑයුවේ අදවන් පොසොන් පුන් පොහෝ දිනකය. කොවිඩ්-19 වෛරස අවදානම හේතුවෙන් මහජනතාවගේ ඒකරාශි වීම් දැඩි ලෙස පාලනයකට යටත්කොට ඇති වකවානුවක මෙවන් පොහොය දිනකදී පන්සල වෙත ගොස් සිල් සමාදන් වී වෙනදාට සිදු කරනු ලබන පිංකම් කර ගැනීමේ හැකියාවක් නොමැත. නමුත් නිවෙසට වී සිටිමින් මේ උතුම් […]