ගැහැණියක් දික්කසාද වුනොත් මිනිස්සු කියන්නේ, ඇයට එක පිරිමියෙකු තියාගන්න බැහැ, කිසිම දෙයකින් සැහීමකට පත් වෙන්නේ නැහැ කියල. ඇය වචනයෙන් හෝ කායිකව දුෂණය වුනොත් මිනිස්සු කියන්නේ, එයා ඇඳගෙන හිටියේ මොකක්ද, ඕක තමයි ඔහොම වෙන්න ඇත්තේ. ඔක්කොම එළියේ දාගෙනනෙ යන්න ඇත්තේ කියල. විවාහයෙන් පස්සේ දරුවන් නැති වුනොත් මිනිස්සු කියන්නේ, ඇය වඳයි. වැඩක් තියෙනවද ළමයෙක් වදන්න බැරි ගෑණියෙක්ගෙන් […]
රාවණා ඇල්ලෙන් ඇද වැටුණු ඊශ්‍රයාල් තරුණිය කී කතාව !
ඒ සිද්ධිය ඔබට අමතක නැතිව ඇතැයි සිතමු. රාවණා ඇල්ලෙන් පහළට ඇද වැටුණු ඊශ්‍රායාල ජාතික තරුණියගේ කතාව. මරණයෙන් කෙළවර වන්නට අතිශය ඉහළ සම්භාවිතාවක් තිබුණු ඒ බිහිසුණු පුවත ගිය අවුරුද්දේ මේ වකවානුවේ දී සමාජ මාධ්‍යය උණුසුම් කළේය. ඇය ඒඩ්න් සිරී ය. ඒ මාරක අනතුරින් දිවි බේරාගෙන වසරකට පසු ඇය යළි ලංකාවට පැමිණ සිටියාය. 2021 වසරේ සැප්තැම්බර් 15 […]
අවිවාහක කාන්තාවන් ද ඇතුළු සියලුම කාන්තාවන්ට, සති 24 ක කාලයක් දක්වා ගබ්සාවක් සිදුකර ගත හැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. මෙම තීන්දුව ලැබෙන්නේ අවිවාහක කාන්තාවන් ඇතුළත් නොවන, කණ්ඩායම් කිහිපයක් පමණක් ඇතුළත් කර ඇති සංශෝධිත 2021 ගබ්සා නීතිය පිළිබඳව පැහැදිළි කිරීමක් ඉල්ලා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට ය. විවාහක අවිවාහක බව නො සලකා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත […]
මේ දිනවල සනීපාරක්ෂක තුවා පිළිබඳව දැඩි කතාබහක් සමාජයේ මතුව තිබේ. මෙම මාතෘකාව අළලා මීට පෙර ඉන්දියාවේ නිපදවන ලද පෑඩ් මෑන් චිත්‍රපටය ලංකා සමාජය තුළ බොහෝ ජනප්‍රියත්වයට පත් වූ අතර සනීපාරක්ෂක තුවා අසල්වැසි ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද උණුසුම් දේශපාලන මාතෘකාවකි. පර්යේෂකයින් පෙන්වාදෙන්නේ මේ වනවිට 40% කට වැඩි බද්දක් රජය ආනයනික සනීපාරක්ෂක තුවා නිෂ්පාදන මත අයකරන […]
ඉරේෂා මිය ගොස්ය. ඉබාගාතේ යන පොලිස් වෙඩිල්ලක් ඇයගේ ජීවිතය රැගෙන ගොස්ය. ඊයේ දවස පුරාම ඉරේෂාගේ සිරුර තිබුණේ වතුපිටිවල රෝහලේය. ඉරේෂා ශාමලී අනපේක්ෂිත මරණයට ගොදුරු වන්නී දංඕවිට දී ය. දංඕවිට මත්පැන් හලක් කඩන්නට ගිය කොල්ලකරුවන් පිරිසකට හඹා ගොස් වෙඩි තැබූ පොලිස් වික්‍රමය නිමා වී ඇත්තේ අසරණ ජීවිතයක් අහිමි කරමිනි. ගලෙන්බිඳුණුවැව සිට කොළඹට පැමිණෙන බස් රථයක පසුපස […]
ලොවට නොපෙනුණු වීරවරයෝ !
පසුගිය වසර දෙකක කාලය තුළ කොරෝනා වසංගතය නිසා මුළු ලෝකය ම කම්කටළු රාශියකට ලක් වුණා. වසංගතය නිසා ලොව පුරා ලක්ෂ ගණනන් මිනිසුන් මිය යන විට, රැකියා අහිමි වීම, සමීපතමයන් අහිමි වීම, ආහාර හා ජලය අහිමි වීම සහ සනීපාරක්ෂාව අහිමි වීම වැනි කාරණා නිසා මිලියන ගණනකගේ ජීවන තත්ත්වය ඉතා අසීරු අඩියකට වැටුණා. මේ නිසා ඒ පුද්ගලයන් […]
තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ සියලුම විෂය මාලාවන් එරට සංස්කෘතියට, ජාත්‍යන්තර අධ්‍යාපන මට්ටම් වලට සහ ඉස්ලාම් නීතියට අනුගතවන ආකාරයෙන් වෙනස් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම වැඩසටහනට අනුව විෂය මාලාවන් 35 ක් මේවන විටත් අදාල පිරිවිතරයන්ට අනුකූලව වෙනස් කිරීමට පියවරගෙන ඇති බවද එමගින් එක් සම්මත ක්‍රමවේදයකට සකස් කිරීමට පියවර ගන්නා බවද තලේබාන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ […]
ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව ම දැන් ගිලී සිටින්නේ විශාල අර්බුදයක යි. රට ගිනි කන්දක තිබෙන බව ආර්ථික විද්‍යාඥයන් පවසනවා. රටේ උද්ධමනය දිනෙන් දින ඉහළ යන බව මාධ්‍යවලින් වාර්තා කරනවා. ජූලි මාසයේ 66 ක් ලෙස පැවති උද්ධමනය අගෝස්තු මාසයේ දී 70 කට නැග තිබෙනවා. මේ නිසා එදාවේල සොයා ගැනීමට බැරි විශාල පිරිසකට කුසගින්නේ සිටීමට සිදුවෙලා. එක්සත් […]
යුක්රේනයේ කීව් අගනුවර සිසාරා ඉකුත් මාර්තු මාසයේ දී බෝම්බ හඬ ගිගුම් දෙද්දී ඇනා හොරොඩෙට්ස්කා මහල් නිවාස සංකීර්ණයේ වූ සිය නිවස අගුළු ලා ඉන්දියාවට පලා ගියා ය. ඒ ටී ෂර්ට් කිහිපයක් හා කෝපි පිළියෙළ කරන යන්ත්‍රයක් පමණක් අතැතිව ය. එය ඇගේ අත්තම්මාගෙන් ඇගේ විවාහය නිමිත්තෙන් ලැබුණු මංගල තිළිණයක් විය. තොරතුරු තාක්ෂණික සමාගමක සේවය කළ තිස් හැවිරිදි […]
ලොව ප්‍රකට ගායිකාවක් වන ශකිරාට බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයක් විසින් නඩු විභාගයක් පැවැත්වීමට තීරණය කර ඇත. කොලාම්බියානු ජාතික මෙම සුපිරි ගායන තරුවට යුරෝ මිලයන 14.5 ආදයම් බදු ගෙවීම් පැහැර හැරීමක් සම්බන්ධයෙන් මෙලෙස නඩු පැවරීම සිදුකර කර ඇති බව ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරයි. ඒ් අනුව 45 හැවරිදි වියේ පසුවන ගායිකාව ඉකුත් ජූලි මාසයේදී නඩු […]