ගුරුවරයෙක් කී පමණින් ඉතා මහලු, කණ්ණාඩි යුවලක් පැලැඳූ, බර කටහඬක් සහිත, සිනහවක් කියා දෙයක් මුහුණේ නැති ඒ අතීතය නැමති ළිඳේ මැඩියෙක්ව නොසිට එළිය දැකීම ඔබ සතු කාර්යයකි. මෙහි නර්තනයේ යෙදෙන්නේ මෙහෙණින් වහන්සේ නමක් නොවේ. ඔබත් මමත් මෙන් හැඟීම් දැනීම් ඇති පෘථග්ජන මනුෂ්‍යයෙකි. ඔබ නර්තනයට අකමැති ද? නැතිනම් ඔබ එම ගීතයට අකමැති ද? යන්න ඔබේ ගැටලුවක් […]
එඩිත් සහ සෙබස්තියන්ගේ දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකු අන්ධභාවයට පත් කරන ජානමය රෝගයකින් පෙළෙන බව හඳුනා ගත්විට, ඔවුන් තම ළමුන්ට හැකි තරම් දෘශ්‍ය මතකයන් ලබාදීමට තීරණය කළහ. ඒ, තම පවුල ලෝක සංචාරයක් ගෙන යමිනි. මෙම රෝගය – රෙටිනයිටිස් පිග්මන්ටෝසා (Retinitis Pigmentosa) – උපතේ සිට මිනිසුන්ට ඇති තත්වයකි. එයට හේතු ජාන වාහකයන්ගේ ඇතිවන ආබාදයක් වුවත් මෙය බොහෝ […]
එංගලන්තයේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සඳහා අලුත් විෂය දහරාවක් හඳුන්වාදීමේ දී, ළමුන්ට ස්ත්‍රී ලිංග ඡේදනය (Female genital mutilation -FGM ) හෙවත් යෝනි සුන්නත පිළිබඳව ඉගැන්වීම ආරම්භ කළ යුතුව ඇතැයි සමාජ ක්රියාකාරිකයන් කණ්ඩායමක් පෙන්වා දුන්නේ 2019 දී ය. එහෙත් දැනටමත් අනතුරුදායක තත්වයක පසුවෙන ඇතැම් ගැහැණු ළමුන් එම පාඩම් ඉගෙනීම අතින් ප්‍රමාදයක් සිදුවිය හැකි බවට විශේෂඥයෝ බිය පළ […]
ඉරාන කාන්තාවන් ඇඳුම් ඇඳිය යුත්තේ කෙසේ ද ?
22 හැවිරිදි මහ්සා අමිනී ඊනියා සදාචාර පොලිසිය විසින් රඳවා තබා ගෙන සිටියදී ඇතිවූ සිදුවීම්වලින් පසුව මිය යාම හේතුවෙන් ඉරානය පුරා දැඩි විරෝධතා ඇති වී තිබේ. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාත්මක දැඩි නීති සහ ඒවා ක්‍රියාත්මක කරන අයට විරෝධය පෑමක් ලෙස ඉරාන කාන්තාවෝ සිය හිස් ආවරණ ගිනි තැබීම ආරම්භ කර තිබේ. ඝාෂ්තේ ඉර්ෂාඩ් හෙවත් මාර්ගෝපදේශ මුර […]
“මොලි තුනෙන්ම Talk” with Caroline Jurie
විශේෂයෙන්ම වර්තමානයේ දී ආර්ථික වශයෙන් පීඩා විදින්නේත්, වැඩිම ගැටලුවලට මුහුණදෙන්නේත් කාන්තාව. ලෝක විවාහක රූ රැජිණ, ප්‍රසිද්ධ තාරකාවක්, බිරිදක්, මවක්, දියණියක් යන මේ සියලුම දේවල් ඇතුළත කැරොලයින් කාන්තාවක් හැටියට මේ කාලයේ දී කොහොම ද මුලුතැන්ගේ අරගලය දකින්නේ ? මොලි තුනෙන්ම Talk ප්‍රථම වැඩසටහනට ඇය අදහස් දැක්වූයේ මෙලෙසයි.
ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව දිල්ලි අධිකරණය විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට සඳුදා අතුරු ඇප ලබා දුන්නේය. විශේෂ විනිසුරු ශෛලේන්ද්‍ර මලික් විසින් රුපියල් 50,000 ක පුද්ගලික බැඳුම්කරයක් මත ෆර්නැන්ඩස්ට සහනය ලබාදුන් අතර වැඩිදුර විභාගය ඔක්තෝබර් 22 දිනට කල් තැබීය. අගෝස්තු 31 වන දින, පූර්වගාමි විනිසුරු […]
ඉරානය පුරා විරෝධතා රැල්ලකට 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනිගේ මරණය තුඩු දී ඇත. හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් මහ්සා අමීනි අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් අත්අඩංගුවේ දී ඇයට පහර දුන් බව සාක්ෂිකරුවන් පවසන අතර වයඹ දිග නගරයක් වන සාකේස් හි දී මෙම කුර්දි ජාතික කාන්තාව දින තුනක් කෝමා තත්ත්වයේ ගත කර, […]
“මොලි තුනෙන්ම Talk” ළගදීම !
මොලි තුනෙන්ම ඇත්ත පැත්ත කතා කරන ඇය ලගදීම ඔබ හමුවට….
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සහෝදරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු ගසක එල්ලෙමින් තිබියදී සොයා ගැනුණේ මීට දින කිහිපයකට පෙර ය. ඉන් දින කිහිපයකට පසුව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි. එයින් හෙළි වූයේ දැරියන් දෙදෙනා දූෂණය කර ඝාතනය කර ඇති බවයි. දැරියන්ගේ මරණය නිසා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ශෝකයෙන් කම්පා වී සිටිති. ලකිම්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි ගැහැණු ළමයින් […]