තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ සියලුම විෂය මාලාවන් එරට සංස්කෘතියට, ජාත්‍යන්තර අධ්‍යාපන මට්ටම් වලට සහ ඉස්ලාම් නීතියට අනුගතවන ආකාරයෙන් වෙනස් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම වැඩසටහනට අනුව විෂය මාලාවන් 35 ක් මේවන විටත් අදාල පිරිවිතරයන්ට අනුකූලව වෙනස් කිරීමට පියවරගෙන ඇති බවද එමගින් එක් සම්මත ක්‍රමවේදයකට සකස් කිරීමට පියවර ගන්නා බවද තලේබාන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ […]
මෙරට ජනතාව ආහාර අර්බුදයකට මුහුණු දී සිටින්නේ මාස ගණනාවක සිටයි. කන්න දෙකකදීම සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වූ පසුබිම තුළ ගොවිජනතාව පත්ව ඇත්තේ දුක්ඛිත තත්ත්වකටය. එවන් පසුබිමක 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි මස දක්වා කාලය තුළ මෙරට ආහාර අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇතැයි එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබේ. අහාර හා කෘෂිකර්ම සංවිධානය මෙන්ම, ලෝක […]
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවටගත් දමිතා අබේරත්න මහත්මිය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
ලෝකයේ සෑම රටක්ම ශ්‍රී ලංකාවට සහය පළකිරීම සඳහා ඉදිරිපත් විය යුතු බව එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් යූ.එස්.ඒ.ඩී ප්‍රධානී සමන්තා පවර් පවසනවා. ඇය මේ බව සඳහන් කළේ සිය සංචාරය අවසන් කර කොළඹ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර එක්සත් ජනපද නියෝජිත ආයතන ප්‍රධානී සමන්තා පවර්, දෙදින නිල සංචාරය නිම කරමින් අද අළුයම 03.50 ට […]
ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන USAID ( ජාත්‍යාන්තර සංවර්ධන සඳහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ) පරිපාලක සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ බව ජනාධිපති මධ්‍ය අංශය පවසයි. මේ වනවිට ජනාධිපතිවරයා සහ පරිපාලකවරිය අතර නිල සාකච්ඡා සිදුවෙමින් ඇති අතර ඇමරිකානු තානාපති ජුලී චන්ග් සහ USAID මාණ්ඩලකි ප්‍රධානී සොනාලි කෝර්ඩේ ද එක් වී සිටී. දෙදින නිල සංචාරයක් […]
ඇමෙරිකාවේ ප්රබලතම රාජ්‍ය නිලධාරිනියක වන ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධානියා වන සමන්තා පවර් මහත්මිය දින දෙකක (සැප්තැම්බර් 10-11 දක්වා) නිල සංචාරයක් සඳහා අද ශ්‍රි ලංකාවට පැමිණෙයි. ඇය රජයේ නිලධාරීන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, මෙන්ම මෙරට ගොවි ජනතා නියෝජිතයින් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් හමුවී සංකීර් ණ හදිසි තත්ත්වයෙන් වඩාත් පීඩාවට පත් වූවන් ඔවුන්ගේ ජීවිතවලට […]
වයස අවුරුදු 96 දී අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජින වෙත ලෝක නායකයින් සහ ප්‍රභූන් උපහාර දක්වනු ලැබීය. ඔවුන් රැජිනගේ සේවය, දරාගැනීමේ හැකියාව මෙන්ම හාස්‍යය සහ කරුණාව පිළිබඳව ද සිහිපත් කරමින් ගෞරව බුහුමන් කර ඇත. ප්‍රංශයේ එම්මැනුවෙල් මැක්රොන් විසින් උපහාර පුද කරමින් “ප්‍රංශයේ මිතුරියක්” වූ “කාරුණික හදවත් ඇති රැජින” සිහිපත් කළේය. හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරැක් […]
ෆින්ලන්තයේ වත්මන් අගමැතිනි සන්නා මිරෙල්ලා මාරීන් ලොව ළාබාලතම රාජ්‍ය නායකයන් අතරින් එක් අයකු ලෙස බුහුමනට පාත්‍ර වන්නියකි. එසේම කොරෝනා වසංගත සමයේදී එය සාර්ථකව මැඬලීමට සමත් වූ රාජ්‍ය නායකයන් අතර ද පෙරමුණේ සිටින්නියකි. වයස අවුරුදු තිස් හතරක ළාබාල කාන්තාවක ලෙස 2019 දෙසැම්බර් 08 වැනි දා ඇය හාපුරා කියා අගමැති ධූරයට පත්වූ කළ ලොවේ ම අවධානයට ලක්වීමට […]
අත්අඩංගුවට ගෙන සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) පෙරවරුවේ කොටුව පොලිසිය වෙත පැමිණියේය. ඉකුත් දිනවල පුරවැසි අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ දමිතා අබේරත්න මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය තුළට අයතා ලෙස ඇතුලු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීම ඇයට එරෙහි චෝදනා […]
පකිස්තානය මේ වනවිට ආර්ථික මෙන්ම සමාජීය සහ දේශපාලන වශයෙන් ද බලවත් අර්බුදයකට මුහුණ දී සිටින රටක් බව බොහෝ වාර්තා හෙළිකරයි. පකිස්තානයේ ඇත්ත පිළිබද එරට කයිබර්පක්තුන්ක්වා ප්‍රාන්තයේ මාධ්‍යවේදිනියක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ දැනටත් ඒ පිළිබද ක්‍රියාකාරිනියක යන සනා එජාස් මහත්මිය විශේෂ කරුණු රැසක් හෙළි කර තිබිණ. ඒ දකුණු ආසියානු අධ්‍යාපනය පිළිබඳ යුරෝපීය පදනමේ […]