රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවටගත් දමිතා අබේරත්න මහත්මිය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
අත්අඩංගුවට ගෙන සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) පෙරවරුවේ කොටුව පොලිසිය වෙත පැමිණියේය. ඉකුත් දිනවල පුරවැසි අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ දමිතා අබේරත්න මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය තුළට අයතා ලෙස ඇතුලු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීම ඇයට එරෙහි චෝදනා […]