අත දරුවා ද රැගෙන හිඟමනේ ගිය කාන්තාවක් කොළඹ වරාය පිවිසුම අසල දී පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය චෝදනාවකටයි. මෙම සැකකාරිනිය සිය දරුවා ද වඩාගනිමින් මහමඟ සිඟමනේ යන්නියක් බවට හෙළි වී ඇති අතර, ඇය දිනකට රුපියල් 7000ක හෙරොයින් පානයට හුරු වී සිටි අයෙකු බවයි සිදු කළ මූලික විමර්ශනවලදී […]
Coming soon !
මොලි තුනෙන්ම ඇත්ත පැත්ත කතා කරන..
හතර දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දවසක ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2500 ක මුදලක් වැය කිරීමට සිදුවෙන බව හෙළි වී තිබෙනවා. ඒ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තීය සංසදය සිදුකළ නවතම සමාජ සමීක්ෂණයකින්. එම සංසදයේ සභාපති වෛද්‍ය චමල් සංජිව ඊයේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති වැඩසටහනක දී අදහස් දක්වමින් මේ බව අනාවරණය කළා. […]
මෙරට ජනතාව ආහාර අර්බුදයකට මුහුණු දී සිටින්නේ මාස ගණනාවක සිටයි. කන්න දෙකකදීම සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වූ පසුබිම තුළ ගොවිජනතාව පත්ව ඇත්තේ දුක්ඛිත තත්ත්වකටය. එවන් පසුබිමක 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි මස දක්වා කාලය තුළ මෙරට ආහාර අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇතැයි එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබේ. අහාර හා කෘෂිකර්ම සංවිධානය මෙන්ම, ලෝක […]
මේ වනවිට රෝහල්වලින් සහ මාතෘ හා ළමා සායනයන්ගෙන් ලැබෙන දත්තයන්ට අනුව මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් අනුමාන කළ හැකි යැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා සඳහන් කළා. මේ වනවිට ගර්භනී මව්වරුන්ට සහ දරුවන්ට අවශ්‍ය කරන යකඩ පෙති, කැල්සියම් පෙති, විටමින් A, යකඩ කුඩු හා අතිරේක පෝෂණ ආහාරයන් ලබාදීමට කටයුතු කරමින් පවති […]
එළවළු හිඟ සහ මිල අධික අද වගේ කාලයකදී මිලෙන් අඩු, ඒ වගේම ගෙවත්තෙන් සපයාගත හැකි ඌණභාවිත එහෙත් පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් ඉහළ එළවළු පිළිබඳ දැනුම්වත් වීම සහ ඒවා වැඩි වැඩියෙන් ආහායට එක්කර ගැනීම ඉතාමත් කාලෝචිතයි. විශේෂයෙන් අග්නිදිග ආසියානු සහ අප්‍රිකානු රටවල්වල ජනප්‍රිය වුවද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ඉතාම අඩු අවධානයට ලක්වුනු එළවළුවක් තමයි බතල කොළ. […]
ආයෝජනයට හිතකර ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමත්, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළ තත්ත්වයන්ට පාසල් වියේදීම හුරු කරවීමත්, අධ්‍යාපන කටයුතුවල දී ස්වාධීනත්වයේ අභිමානය තරුණ තරුණියන් තුළ ජනිත කරවීමත් අරමුණු කර ගනිමින් සතියට පැය 20ක උපරිමයකට යටත්ව වයස අවුරුදු 16 – 20 අතර තරුණ තරුණියන්ට අර්ධකාලීන රැකියාවන්හි නිරත වීමට ප්‍රතිපාදන ඇතුළත් වන පරිදි කම්කරු නීති සංශෝධනයට පියවර ගන්නා බවට කම්කරු […]