කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූයේත්, දැනට පවතින ආර්ථික ව්‍යසනයෙන් ද වැඩිම පීඩාවකට ලක්ව සිටින්නෙත් දරුවන්ය. සාමන්‍ය දරුවකු එසේ පීඩාවට පත්වෙද්දී ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සාමාන්‍ය දරුවන්ට වඩා දෙගුණ තෙගුණයකින් පීඩාවට පත්වේ. නමුත් මේ දරුවන් පිළිබඳව දක්වන සැලකිල්ල අඩුය. වර්තමානය වනවිට ලංකාවේ පාසල් දහ දහස් එකසිය හැට පහක් පමණ ඇති අතර, ලක්ෂ 46 ක් පමණ […]
ගම්පොළ ප්‍රදේශයේ රහසිගතව පවත්වා ගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා අවුරුදු 14 – 18 වයසේ පසුවන පාසැල් සිසු සිසුවියන් 50 දෙනෙකු ඇතුළු තරුණ තරුණියන් 300 කගේ පිරිස අතරින් ගංජා සමඟ පුද්ගලයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මධ්‍යම පළාත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 24 වෙනි දින සමත්ව තිබේ. ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට නුදුරු ස්ථානයක මෙම සාදය පවත්වා ඇත. ෆේස්බුක් […]
මිනුවන්ගොඩ පසලක දැරියක් දිවා ආහාරයට කලටි පොල් උලුප්පාගෙන ගෙනෙයි… 3 වසරේ දරුවෝ ව්‍යංජන රහිතව ඉතිරි සුදු බත් ඉල්ලාගෙන කති ! ගුරුවරු බත් පාර්සල් ගෙනත් දරුවන්ට බෙදති… දිවා ආහාරය සදහා කළටි පොල් මද උලුප්පා රැගෙන ආ ශිෂ්‍ය නායක සිසුවියක් පිළිබඳව මිනුවන්ගොඩ අධ්‍යාපන කළාපයේ කනිෂ්ඨ ද්වීතියික පාසැලකින් තොරතුරු වාර්තා වේ. මෙම සිදුවීම වාර්තා වන්නේ අද (21) උදේ […]
පාසල් කාලය පස්වරු 4 දක්වා ඉහළ නැංවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යෝජනා කරනවා. දඹුල්ලේ ඊයේ (17) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම අමතර කාලය දරුවන් ක්‍රිඩාව සඳහා යෙදවීමට කටයුතු කළ යුතු බවයි. මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා […]
සිය මව්පියන් නිරන්තරයෙන් ඇති කර ගන්නා පවුල් ආරවුල් හේතුවෙන් මානසික පීඩනයට පත් වූ දරුවෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිවුල්දෙණිය – ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි නිලංග බණ්ඩාර නමැති 20 හැවිරිදි පාසල් සිසුවෙක්. මෙම දරුවා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි අයෙකු බවයි පොලිසිය පැවසුවේ. ඊයේ (16) අලුයම නිවසේ කාමරයේ දී […]
සනීපාරක්ෂක තුවාවල මිල අධික වීම නිසා ග්‍රාමීය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුවියන්ගේ අධ්‍යයන කටයුතු සඳහා පැමිණීමේ බරපතළ අඩුවක් පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඒ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළයෑම නිසා බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල […]