පුහුල් ගෙඩිය ඖෂධ ගබඩාවක් !
නිකම් දුන්නත් නොකන ගෙඩිය මොකක් ද යන්න කවුරුන්ගෙන් හෝ ඇසුවොත් එයට බොහෝදෙනාගේ පිළිතුර අළු පුහුල් ගෙඩිය වනු ඇත. Benincasa Hispida යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ ‘CUCURBITACEAE’ කුලයට අයත් අළු පුහුල් බොහෝදෙනෙක් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නැති වුණත් ඖෂධීය ගුණයෙන් නම් අනූනයි. වැල්වල හට ගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස ද සැලකෙන්නේ […]
ත්‍රිපෝෂ යනු ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් පමණක් නොව ලොකු කුඩා කවුරුත් වයස් භේදයකින් තොරව ප්‍රිය කරන අතිරේඛ ආහාරයකි. ශ්‍රී ලාංකේය පොදු ජනතාව මන්දපෝෂණයෙන් තොර සෞභාග්‍යමත් අභිමානවත් නිරෝගීමත් පෝෂිත ජාතියක් බවට පත් කිරිමේ දැක්මෙන් යුතුව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආරම්භ විය. එය පූර්ණ රාජ්‍ය සමාගමකි. කෙසේවෙතත් මේවන විට එය ආන්දෝලනයකට තුඩුදී ඇත. මොකක්ද මේ […]
හතර දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දවසක ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2500 ක මුදලක් වැය කිරීමට සිදුවෙන බව හෙළි වී තිබෙනවා. ඒ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තීය සංසදය සිදුකළ නවතම සමාජ සමීක්ෂණයකින්. එම සංසදයේ සභාපති වෛද්‍ය චමල් සංජිව ඊයේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති වැඩසටහනක දී අදහස් දක්වමින් මේ බව අනාවරණය කළා. […]
මෙරට ජනතාව ආහාර අර්බුදයකට මුහුණු දී සිටින්නේ මාස ගණනාවක සිටයි. කන්න දෙකකදීම සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වූ පසුබිම තුළ ගොවිජනතාව පත්ව ඇත්තේ දුක්ඛිත තත්ත්වකටය. එවන් පසුබිමක 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි මස දක්වා කාලය තුළ මෙරට ආහාර අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇතැයි එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබේ. අහාර හා කෘෂිකර්ම සංවිධානය මෙන්ම, ලෝක […]
එළවළු හිඟ සහ මිල අධික අද වගේ කාලයකදී මිලෙන් අඩු, ඒ වගේම ගෙවත්තෙන් සපයාගත හැකි ඌණභාවිත එහෙත් පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් ඉහළ එළවළු පිළිබඳ දැනුම්වත් වීම සහ ඒවා වැඩි වැඩියෙන් ආහායට එක්කර ගැනීම ඉතාමත් කාලෝචිතයි. විශේෂයෙන් අග්නිදිග ආසියානු සහ අප්‍රිකානු රටවල්වල ජනප්‍රිය වුවද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ඉතාම අඩු අවධානයට ලක්වුනු එළවළුවක් තමයි බතල කොළ. […]
ගතවූ අගෝස්තු මාසයේදී මෙරට ආහාර කාණ්ඩයේ මිල සියයට 93.7 කින් ඉහළ ගොස් තිබෙනවා. ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂමය උද්ධමනය ඉකුත් ජූලි මාසයේදී පැවතියේ සියයට 90.9 ක් ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ ගතවූ අගෝස්තු මාසයේදී ආහාර කාණ්ඩය තුළ, නැවුම් මත්ස්‍ය, පලතුරු, පාන්, බිස්කට්, බිත්තර සහ කුකුල් මස් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. […]
උද්ධමන ඉහළ යාමත් සමගම මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 110,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය සිදු කළ විශේෂ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ඒ අනුව, 2019 වසරේ දී සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 63,000 ක්ව පැවති අතර, එය මේ වනවිට රුපියල් 47,000 කින් ඉහළ […]