ගැහැණියක් දික්කසාද වුනොත් මිනිස්සු කියන්නේ, ඇයට එක පිරිමියෙකු තියාගන්න බැහැ, කිසිම දෙයකින් සැහීමකට පත් වෙන්නේ නැහැ කියල. ඇය වචනයෙන් හෝ කායිකව දුෂණය වුනොත් මිනිස්සු කියන්නේ, එයා ඇඳගෙන හිටියේ මොකක්ද, ඕක තමයි ඔහොම වෙන්න ඇත්තේ. ඔක්කොම එළියේ දාගෙනනෙ යන්න ඇත්තේ කියල. විවාහයෙන් පස්සේ දරුවන් නැති වුනොත් මිනිස්සු කියන්නේ, ඇය වඳයි. වැඩක් තියෙනවද ළමයෙක් වදන්න බැරි ගෑණියෙක්ගෙන් […]
පිරිමි දහසක් පස්සෙන් ආවත් මොන තත්වයන් තරාතිරම් ඔවුන්ට තිබුණත් තමන් ආදරය කරන පිරිමියාව විතරක් ම හිතින් දරාගෙන, ඔහු වෙනුවෙන්ම ජීවත්වෙන ආඩම්බරකාර ගැහැණියක වෙන්න තමන්ගෙ කුසින් නොවැදූව ද තවත් දරුවෙකුගෙ අපහසුතාවයක් තේරුම් ගන්නට පුළුවන් කරුණාවන්ත හිතකින් යුත් මව්වත් කමින් පිරිපුන් ආඩම්බරකාර ගැහැණියක වෙන්න කාගෙන්වත්ම යැපෙන්නේ නැතිව තමන් විසින්ම තමන්ට තත්වයක් තරාතිරමක් හදාගෙන සමාජයෙ ගෞරවාන්විත ව ජීවත් […]
අවිවාහක කාන්තාවන් ද ඇතුළු සියලුම කාන්තාවන්ට, සති 24 ක කාලයක් දක්වා ගබ්සාවක් සිදුකර ගත හැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. මෙම තීන්දුව ලැබෙන්නේ අවිවාහක කාන්තාවන් ඇතුළත් නොවන, කණ්ඩායම් කිහිපයක් පමණක් ඇතුළත් කර ඇති සංශෝධිත 2021 ගබ්සා නීතිය පිළිබඳව පැහැදිළි කිරීමක් ඉල්ලා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට ය. විවාහක අවිවාහක බව නො සලකා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත […]
එංගලන්තයේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සඳහා අලුත් විෂය දහරාවක් හඳුන්වාදීමේ දී, ළමුන්ට ස්ත්‍රී ලිංග ඡේදනය (Female genital mutilation -FGM ) හෙවත් යෝනි සුන්නත පිළිබඳව ඉගැන්වීම ආරම්භ කළ යුතුව ඇතැයි සමාජ ක්රියාකාරිකයන් කණ්ඩායමක් පෙන්වා දුන්නේ 2019 දී ය. එහෙත් දැනටමත් අනතුරුදායක තත්වයක පසුවෙන ඇතැම් ගැහැණු ළමුන් එම පාඩම් ඉගෙනීම අතින් ප්‍රමාදයක් සිදුවිය හැකි බවට විශේෂඥයෝ බිය පළ […]
ඉරාන කාන්තාවන් ඇඳුම් ඇඳිය යුත්තේ කෙසේ ද ?
22 හැවිරිදි මහ්සා අමිනී ඊනියා සදාචාර පොලිසිය විසින් රඳවා තබා ගෙන සිටියදී ඇතිවූ සිදුවීම්වලින් පසුව මිය යාම හේතුවෙන් ඉරානය පුරා දැඩි විරෝධතා ඇති වී තිබේ. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාත්මක දැඩි නීති සහ ඒවා ක්‍රියාත්මක කරන අයට විරෝධය පෑමක් ලෙස ඉරාන කාන්තාවෝ සිය හිස් ආවරණ ගිනි තැබීම ආරම්භ කර තිබේ. ඝාෂ්තේ ඉර්ෂාඩ් හෙවත් මාර්ගෝපදේශ මුර […]
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සහෝදරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු ගසක එල්ලෙමින් තිබියදී සොයා ගැනුණේ මීට දින කිහිපයකට පෙර ය. ඉන් දින කිහිපයකට පසුව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි. එයින් හෙළි වූයේ දැරියන් දෙදෙනා දූෂණය කර ඝාතනය කර ඇති බවයි. දැරියන්ගේ මරණය නිසා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ශෝකයෙන් කම්පා වී සිටිති. ලකිම්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි ගැහැණු ළමයින් […]
ව්‍යාජ අනන්‍යතා සහිත විවාහ පොරොන්දු දී ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය වංචා කිරීමේ චෝදනාව මත නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන මෙම නයිජීරියානු ජාතිකයා 2017 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙක්. සැකකරු සමාජ මාධ්‍ය ජාල හරහා තමා යුරෝපයේ වෙසෙන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයෙක් ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් […]
තුවාලයකට බෙහෙත් දමා ගැනීමට පැමිණි 60 හැවිරිදි දෙදරු මවකට ලිංගික අතවර සිදු කළ කළුතර ප්‍රදේශයේ ඖෂධ සැලක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව මීට සතියකට පමණ පෙර තම අතෙහි ඇඟිල්ලේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීමට කළුතර – ගාලු පාරට මුහුණලා ඇති අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගොස් ඇති අතර, එහිදියි ඇයට […]
2017 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් “ත්‍රිත්ව තලාක්” ඉස්ලාමීය පිළිවෙත තහනම් කරන ලදී. මුස්ලිම් පුරුෂයෙකුට “තලාක්” (දික්කසාදය) යනුවෙන් තුන් වරක් පවසා මිනිත්තු කිහිපයකින් තම බිරිඳ දික්කසාද කිරීමට ත්‍රිත්ව තලාක් ක්‍රමය යටතේ අවසර ලැබී තිබුණි. එවකට මෙම අධිකරණ තීන්දුව, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් සමරනු ලැබුවද, ඉන් වසර පහකට පසුව බොහෝ මුස්ලිම් කාන්තාවන් පවසන්නේ මෙම තීන්දුව විසින් තමන් […]
❤️ ගැහැණිය නිදිකුම්බාවක් වැනිය… ඇය සලුපට උනා තැබුවේ සුසුමෙන් පවා හැඟීම් උද්දීපනය කළ පිරිමින් ලඟය හැඟීම්වලින් මත් වූ ඇයට සීමා නැත… හිතුමතේ හැඟීම්වල රස සොයා යෑමට ඇගේ ගත යුහුසුලුය ඉවසූ හැඟීම් පුපුරාගියෙ ඉඳහිටය… ඒ හැඟීම් තේරුම්ගත් හිතක් හදවතේ තත් සෙමින් පිරිමිදින විටය සීමාවෙන් එහා ඇය නුඹේ පමණය… දුහුල් සලු ලිහා ලැම විවර කරනුයේ හදවත පෙනෙන […]